local news

දත් නිසා දිවි ගලවා ගත් සිසුවිය

ආත්ම ආරක්ෂාව තමා විසින් සපයා ගත යුතු වන්නේ වර්තමාන සමාජ ක්‍රමය හැදී තිබෙන ආකාරය අනුවයි. කාන්තාවකට තනිවම පාරේ ගමන් ගන්නට බැරි යුගයක් මේක. ඒ තරමටම මිනිස්සු පිරිහිලා. සමාජය දුසිරිතට යොමු වන විට එවැනි ක්‍රියා දැක ගන්නට හැකිවීම අරුමයක් නොවේ.

කරාතේ කුංෆු වැනි ක්‍රීඩා තුළින් පුද්ගලයන්ට තම ආරක්ෂාව සපයා ගත හැකියි. ඒ වගේම තැනට සුදුසු නුවණ භාවිතා කළ යුතු වන්නේ සමාජයේ සිටින සතුරන්ගෙන් ආරක්ෂා වීමටයි. එවැනි තැනට සුදුසු නුවණ භාවිතා කළ හපන් දැරියක් පිළිබඳවයි මේ කියන්න යන්නේ.

මහ මග ගමන් කරමින් සිටි පාසල් සිසුවියක්ව පුද්ගලයකු විසින් අපයෝජනයට ලක් කිරීමට උත්සහ දැරීමේ පුවතක් බණ්ඩාරවෙල ඇල්ල කරඳගොල්ල ප්‍රදේශයෙන් වාර්තා වුණා.

දාහත් හැවිරිදි අදාල පාසල් සිසුවිය සාමාන්‍ය පෙළ ප්‍රායෝගික පරීක්ෂණ පුහුණුව සඳහා පාසලට ගොස් නැවත නිවස වෙත එන අතරතුර එම කරදරයට මුහුණ දී තිබෙනවා.

ප්‍රධාන මාර්ග පසුකර ගමට යන අතුරු මාර්ගයේ දී ස්කූටර් වර්ගයේ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙක් මාර්ගය හරස් කර අදාළ සිසුවියට පහරදී අසල පාළු වත්තකට රැගෙන ගොස් තිබුණා. පසුව ඇයව අපයෝජනයට ලක් කිරීමට උත්සහ කිරීමේදී එම සිසුවිය අදාළ පුද්ගලයාගේ මුහුණ කපා සපා කා ඇති අතර ගලකින් මුණට ගසා එම ස්ථානයෙන් පළාගොස් තිබුණා.

පසුව ඇල්ල පොලීසියට සිදු කළ පැමිණිල්ලක් මත සැකකරු සොයා වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
එම සිසුවියගේ තැනට සුදුසු නුවණ භාවිතා කිරීමේ ගුණය තිබුණු නිසා ඇය මේ වන විට කරදරයක් නොමැතිව බේරුණා. ඉතින් මෙවැනි අවස්ථාවල දී හඬා දොඩා වැලපෙනවා ට වඩා කෙසේ හෝ පැන ගැනීමට උපක්‍රමයක් කර තම ජීවිතය මුදවා ගැනීමයි කළ යුතු වන්නේ.

Leave a Comment