local news

ඒක සිද්ධ වෙන්න කලින් එයා මට වට්ස්ඇප් එකට අරන් දෙයක් පෙන්නුවා සදුන්පිටියේ අයේෂාගේ දිවි අහිමිවීම ගැන ඉගියක් පොලිසියට

මේ දිනවල නිතරම කතාබහට ලක්වෙන ප්‍රධාන කරුණක් තමයි ගෑස් සිලින්ඩර පුපුරායාම. ලංකාවේ විවිධ පැති වලින් මෙම පුවත අසන්නට ලැබුණා. මෙම අවාසනාවන්ත සිදු වීම අසන්නට ලැබුණේ පොලොන්නරුව ප්‍රදේශයෙන්.

පොලොන්නරුව වැලිකන්ද සඳුන්පිටිය ගම්මානයේ නිවසක ගෑස් සිලින්ඩරයක් පිපිරී කොළඹ මහ රෝහලේ දින 12ක් ප්‍රතිකාර ලබමින් සිටි දහනව වියැති විවාහක කාන්තාවක් මියගොස් ඇති බව වැලිකන්ද පොලීසිය පවසා තිබූ පුවත අසත්‍ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරනවා.
එය ගෑස් පිපිරීමකින් සිදු නොවූවක් බවයි ඔවුන් සඳහන් කරන්නේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කාර්යාලයේ වාර්තාවේ සඳහන් වන්නේ අදාළ කාන්තාව සිය දිවි හානි කර ගෙන ඇති බව ද ඇය මරදාන පොලිසියට ලබා දුන් ප්‍රකාශයේ පැහැදිලිව සටහන්ව ඇති බවයි.

ඒ කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් වැලිකන්ද පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් සිදු කළ විමසුමකදී ඔහු සඳහන් කළේ අදාළ කාන්තාව සියදිවි හානිකර ගැනීම හේතුවෙන් සිදු වූවක් බව තහවුරු කළ හැකි බවයි.

අදාළ කාන්තාව සහ හා සැමියා අතර ඇති වූ බහින් බස් වීමකින් අනතුරුව සැමියා රැකියාවට පිටත්ව යාමෙන් පසු අදාළ කාන්තාව සිය සිරුරට භූමිතෙල් වත් කරගෙන ගිනි අවුළුවා ගෙන තිබෙනවා. ඇය එසේ කිරීමට පෙර සිය සැමියාට වට්ස්ඇප් දුරකථන ඇමතුමක් ලබා දී භූමි තෙල් බෝතලය ද පෙන්වා ඇති බව පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියා.

කෙසේ වෙතත් සැමියා ආපසු නිවසට පැමිණෙද්දි ගිනිතබා ගැනීම හේතුවෙන් බරපතල තුවාල ලැබූ කාන්තාව පළමුව වැලිකන්ද රෝහලට ඇතුළත් කර ඇත්තේ ඇයගේ අසල්වැසි කාන්තාවක විසිනුයි. ඇය කරුණු හරි හැටි සොයා නොබලා රෝහල් පොලිසියට අනුමාන වශයෙන් කියා ඇත්තේ ගෑස් කාන්දුවක් හේතුවෙන් මෙම ගිනි ගැනීම සිදු වන්නට ඇති බවටයි. සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ මෙම කාන්තාව වැඩිදුර ප්‍රතිකාර සඳහා පොළොන්නරුව රෝහලට පළමුව යොමු කෙරුණු අතර ඇය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලබන්නේ පොළොන්නරු රෝහල හරහා ය.

මෙම කාන්තාව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසු වද්දී මරදාන පොලිසිය විසින් ඇයගෙන් ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා. එහිදී ඇය පවසා ඇත්තේ සිය සැමියා සමග ඇතිවූ අමනාපය හේතුවෙන් භූමිතෙල් වත් කරගෙන සිරුරට ගිනි තබාගත් බවයි.

මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ වැලිකන්ද සඳුන් පිටිය අංක 68 ලිපිනයේ පදිංචිව සිටි බී. ජි අයේශා කුමුදුනි යන අයයි.
කෙසේ වෙතත් දිවි අහිමිවුණ කාන්තාවගේ පියා වන දිඹුලාගල පැලටියාව අංක 481 ලිපිනයේ පදිංචි 51ක් වියැති බී.ජී ජයසූරිය මහතා සඳහන් කළේ මෑතක දී ගන්නා ලද සිලින්ඩරයක් පුපුරා තම දියණියට මෙම අවාසනාවන්ත සිදුවීම සිදුවුණු බවයි. මේ පිළිබඳව අදාළ බලධාරීන්ගේ විශේෂ විමර්ශනයක් සිදුකරන ලෙස ද දෙදරු පියකු වන ජයසූරිය මහතා ඉල්ලීමක් කළා. සිලින්ඩරයක් නිසා හෝ සැමියා සමග ඇති වූ අමනාපකමක් නිසා ජීවිතයෙන් වන්දි ගෙවූ කුමුදුනීගේ අවසන් කටයුතු 26 වෙනිදා පැළෑටියාව පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතව තිබුණා. 19 වියැති මෙම විවාහක අයේශා කුමුදුනීට නිවන් සුව ප්‍රාර්ථනා කරමු.

Leave a Comment