local news

සුහුඹුල් දැරියක් රවටා පැහැරගෙන ගිය ඉලන්දාරියාට පොලිසියෙන් ලැබුණු දඩුවම

අද කාලයේ තරුණ කාන්තාවන්ට පාරකවත් බැහැල යන්න බැරි තරමටම මේ සමාජය පිරිහිලා. මිනිස්සු හරි කැමතියි සතුටින් විනෝදයෙන් කාලය ගත කරන්න. නමුත් තරුණ පරපුර ගේ බිහි වීමත් එක්කම සමාජය ගොඩක් පිරිහිලා. ඉතින් ඒ තාක්ෂණයේ දියුණුවත් සමඟම පිරිහුණු සමාජයේ තරුණියන්ට වගේම වැඩිහිටි කාන්තාවකටවත් පාරක බැහැල යන්නට බැරි තරම්ම විනාශ වෙලා.

පැහැර ගැනීම්, දූෂණ, වංචා මේ දේවල් ගොඩක් වෙලාවට තරුණ පිරිස අතරින් සිදු වෙනවා. ඔවුන් මෙය නොදැනුවත් ව හෝ දැනුවත්ව කිරීම තුලින් අහිංසක ජීවිතයයි විනාශ වෙන්නේ. ආදරයෙන් අන්ද වෙලා තරුණ දියණියන් අනේක වාරයක් තම ජීවිත විනාශ කරගන්නේ දෙමාපියන්ට පවා සමාජයේ ජීවත් වෙන්නට බැරි වෙන විදියටයි.

අපිට අහන්නට ලැබුණා එවැනි සිදුවීමක් ඇතුලුකෝට්ටේ ප්‍රදේශයෙන්. දාහතර හැවිරිදි බාල වයස්කාර දැරියක්, නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කොට අඹුකමට තබාගත් 18 හැවිරිදි පුද්ගලයෙකු වැලිකඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇතුළුකෝට්ටේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බව පොලිසිය කියයි. රාජගිරිය ප්‍රදේශයේ පදිංචි මෙම දැරිය වෙනත් කටයුත්තක් සඳහා සඳහා ඉකුත් පස් වනදා උදෑසන නගරයට පැමිණි අවස්ථාවේදී මෙම තරුණයා දැරිය රවටා මෙසේ පැහැරගෙන ගොස් තිබූ බව පොලිසිය පවසනවා. දිනය අවසානයේ දරුවන් දෙදෙනා නිවසට නොපැමිණි බව පවසා සැකකරුගේ මව හා දැරියගේ මව පොලිසියේ කළ පැමිණිල්ලකට අනුව සිදු කළ විමර්ශනයකින් අනතුරුව සැකකාර යුවල හෝකන්දර ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසුවා.

සැකකාර යුවළ මෙසේ සැඟව සිට ඇත්තේ සැකකරුගේ පාසල් මිතුරකුගේ නිවසක බව පැවසේ. ඒ අනුව අත්අඩංගුවට ගත් දැරිය කොළඹ අධිකරණ වෛද්‍ය පීඨයට ඉදිරිපත් කොට කළ වෛද්‍ය පරීක්ෂණයේ දී අවස්ථා තුනකදී දූෂණයට ලක්ව තිබූ බවට අනාවරණය වී ඇතැයි ද සඳහන්. අත්අඩංගුවට ගත් සැකකරු අලූත්කඩේ අංක හතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. තම දරුවන් මීට වඩා ආරක්ෂා කරගත්තානම් අද මෙවැනි ඉරණමක් මේ දියණියට නොවෙන්න තිබුණා. එහි වගකීම සීයට සීයක්ම දෙමාපියන් සතුව පැටවිලයි තියෙන්නෙ.

Leave a Comment