local news

වීඩියෝ පෙන්වා පෙම්වතිය බියකළ පෙම්වතාට වැඩ වරදී

පෙම්වතුන් දෙදෙනෙක් ආදරේ කරද්දි දෙමව්පියන්ගේ අවසරයක් නොමැතිව ඔවුන් හොර රහසේම ආදර සම්බන්ධය ඉදිරියට ගෙන යයි. එම කාලයේ දෑස් අන්ධ වූ අයුරින් තමයි ඔවුන් ආදරය කරන්නේ. ගොඩක් අද කාලේ තරුණ ප්‍රජාව වැඩි ආකර්ෂණයක් දක්වන මාතෘකාවක් තමයි මෙම ආදර සම්බන්ධතා කියන්නේ. කාලයාගේ ඇවෑමෙන් කුඩා දරුවා පවා දැන් බෙහෙවින් ප්‍රිය දක්වන්නෙ ඒ දෙයටයි.

ඉතින් මෙය සුදුසු නොවන ක්‍රියාවක් බැව් දන්නා දෙමාපියන් වෙහෙසෙන්නේ කුඩා කාලයේ දරුවා අධ්‍යාපනයට යොමු කර පසුව සුදුසු කාලය පැමිණෙද්දී ඔවුන්ට විවාහයක් කර දීමටයි. අධ්‍යාපනය සිදු කරන කාලයේ දී ආදර සම්බන්ධතාවල පැටලී තම ජීවිතය විනාශ කරගත් බොහෝ තරුණියන් අද සමාජයේ දකින්නට සිටිනවා. ඉතින් එවැනි ආදර සම්බන්ධයක් පිළිබඳවයි මේ කියන්න යන්නේ.

ආරච්චිකට්ටුව ප්‍රදේශයේ 26 හැවිරිදි තරුණයෙක් 23 හැවිරිදි තරුණියක් සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගොස් තිබෙනවා. ඊට විරුද්ධත්වය දැක්වූ විසි තුන් හැවිරිදි තරුණියගේ දෙමව්පියන් මෙම සම්බන්ධය නවතන්න දියණියට පවසා තිබෙනවා. දෙමව්පියන්ට එකඟ වූ මෙම තරුණිය සම්බන්ධය නවතන්නේ දෙමව්පියන් ගේ අණට කීකරු වීමෙන්ය.

එයට උරණ වූ 26 හැවිරිදි පෙම්වතා අදාල තරුණියගේ ඡායාරූප සහ වීඩියෝ පට සමාජ මාධ්‍ය වලට මුදා හරින බවට පවසමින් තරුණියද සහ ඇගේ පියාට තර්ජනය කර තිබෙනවා. දරුවන් හැදූ දෙමව්පියන්ට සිදුවන මෙවැනි අකරතැබ්බයන් නිසා ඔවුන් කලකිරෙන එක අහන්නත් දෙයක්ද.

තම දියණියට සමාජ කැළලක් ඇති වෙයි යන බිය ඇති මෙම විසි තුන් හැවිරිදි තරුණියගේ දෙමව්පියන් මේ පිළිබඳව පොලිසියට පැමිණිලි කර තිබෙනවා. ඒ පැමිණිල්ලට අදාළව 26 හැවිරිදි තරුණයා අත්අඩංගුවට ගෙන තිබෙන්නේ තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධවයි.

දසමාසයක් කුස දරා මෙලොවට බිහි කල මවට දෙන තෑග්ගක් ද මේ. තරුණියන් දැනගත යුත්තේ තමාගේ ජීවිතයට කැළලක් ඇති නොවන පරිදි සමාජයේ ජීවත් වීමයි. ප්‍රථමයෙන් අධ්‍යාපනය සිදු කර ඉන් පසු සුදුසු කාලය එළඹෙද්දී විවාහය පිළිබඳව සිතන්නේ නම් මෙවැනි අකරතැබ්බයන්ට මුහුණ දීමට සිදු වන්නේ නැහැ. එම නිසා සමාජය පිළිබඳව හොඳින් දැන ගෙන ජීවත් විය යුතුයි. තම දෙමව්පියන්ට තමන් පිළිබඳව ආඩම්බරයක් ඇති වන සේ ජීවත් වීම තමයි කරන්න තියෙන සුදුසුම දේ. එවැනි රටට වැඩදායි දරුවෙක් ලෙස මේ සමාජයේ ජීවත් වීමට අපිත් වග බලා ගනිමු.

Leave a Comment