local news

පන්සලේ රහමෙර පානය ගැන විමසූ හාමුදුරුවන්ගේ නහය කැඩෙන්න ගහලා

සංඝයා වහන්සේලාට වතාවත් කිරීම කුසලයකි. එවැනි බැතිමතුන් අද සමාජයේ බෙහෙවින් දක්නට ලැබේ. ඒ වගේම ඊට විරුද්ධ ආකාරයේ පුද්ගලයින් ද සමාජයේ නැතුවාම නොවේ. එවැනි අකුසලයෙම සිට අකුසල් සිදු කරන මිනිසුන් මරණින් පසු කොහේ කොහොම ඉපදෙන්නද. මිනිසුන් හරි පුදුමාකාරයි. සමාජයේ දියුණුවත් සමගම තාක්ෂණය දියුණු වද්දී මිනිසුන් අකුසලයටම යොමු වෙනවා.

මේ අහන්න යන්නේ එවැනි අකුසල් කර සමාජය විසින් පිලිකුල් කරන පිරිසක් ගැන කතාකරන්නයි.
පොලිස් ස්ථානාධිපතිවරයෙකුගේ පුත්‍රයකු ඇතුළු තිදෙනකු පසුගිය දොළොස් වන දා සවස් කාලයේ ධර්ම ශාලා ගොඩනැගිල්ල පිටුපස සිට රහමෙර පානය කර තිබෙන අතර ඒ පිළිබඳව විමසූ අවස්ථාවේ හිමි නමකට ප්‍රහාරය එල්ල කර තිබේ. මෙලෙස පහර කෑමට ලක්වූයේ අනුරාධපුර වලිසිංහ හරිස්චන්ද්‍ර ජාතික පාසලේ ඉංග්‍රීසි ආචාර්යවරයෙකු වන පූජ්‍ය බුල්නෑවේ ධම්මික හිමියන්.


එප්පාවල ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි මෙවර උසස් පෙළ හැදෑරීමට නියමිත එප්පාවල නගරයේ පාසලක ඉගෙනුම ලබන සිසුන් තිදෙනෙකු මෙසේ බුල්නෑවේ ධම්මික හිමියන්ට පහර දී තිබේ.
එලෙස මෙම සිසුන් තිදෙනා අත්අඩංගුවට ගන්නා ලදී. අත්අඩංගුවට ගත් සිසුන් තිදෙනා අතර යාපනය කොඩිකාමන් පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ පුත්‍රයා හා යුධ හමුදා නිලධාරියෙකුගේ පුත්‍රයෙකු සිටින බව පොලීසිය පවසනවා.


උන්වහන්සේට තරුණයන් තිදෙනා එල්ල කළ ප්‍රහාරයෙන් නාසය කැඩී රුධිරය වහනය වන අතර එක් අතකට හා හිසට පහර දීම නිසා තැලුම් තුවාල සිදුවී ඇති බව සඳහන් වෙනවා.
සංඝයා වහන්සේලාට අත් එසවීම යනු ඉතා පිළිකුල් සහගත ක්‍රියාවකි. මතට ලොල් වූ තරුණයන් සිහි විකල් වී සිටියත් මෙවැනි අපරාදී ක්‍රියාවක් සිදු කිරීම මුළු මහත් සමාජය ම හෙළා දකිනවා. මිනිසුන් කෙසේ රණ්ඩුසරුවල් කරගත්තද ගහ ගත්තද මෙලෙස සංඝයා වහන්සේ නමකට පහරදීම බෙහෙවින් දකින්න ලැබෙන පුවතක් නම් නොවේ. ඉතින් පසුගිය දිනක අහන්නට ලැබුණු මෙම සිදුවීම නැවත වරක් නම් අසන්නට නො ලැබේවායි කියා අපි සැවොම එක සිතින් ප්‍රාර්ථනා කරමු.

Leave a Comment