local news

ගමන නිම කිරීමට මද දුරක් තිබියදී කොහොඹ ගසේ වැදුණු අක්කා

රිය අනතුරු අද සමාජයේ බෙහෙවින් දක්නට තිබෙන්නේ සමාජයේ මිනිස්සුන්ගේ ඇති නොසැලකිලිමත්කම නිසා වන්නට පුළුවන. ඒ කෙසේ වෙතත් ජීවිතවල අස්ථීර බව නම් අපිට මේ දිනවල බොහෝ සෙයින් දැකගන්නට තියෙනවා. ඒ තුළින් දෙමව්පියන්ට දරුවනුත් අහිමි වන්නේ සදාකාලිකවම එක් පාර්ශවයක් මේ මිහිපිට තනි කරලා. අපි කවුරුත් කැමති නැහැ ප්‍රියයන්ගෙන් වෙන් වෙන්න. නමුත් මේ සමාජය තුළ දැකගන්නට තිබෙන්නේ ඒ දෙයමයි. එයයි සනාතන දහම.

අපේ මිනිස්සු හරි විවිධාකාරයි. එක් අයෙක් සම සිතින් මේ සියලු දේම බාර ගන්න අතරේ තවත් අයෙක් මේ හැමදේටම කඳුලින් මුහුණ දෙනවා. ඒ කෙසේ වෙතත් අවසානයේ සිදුවන්නේ එකම ඉරණමක්.

මේ කියන්න යන්නේ තම ජීවන ගමනට සමුදුන් තරුණියක් ගැන කතා කරන්නයි. නුවරඑළිය ප්‍රදේශයේ චාරිකාවක් නිමකර නැවත නිවසට පැමිණෙමින් සිටියදී මුන්දලම දේවාල හන්දිය ප්‍රදේශයේ ත්‍රීරෝද රිය කොහොඹ ගසක ගැටී සිදු වූ සිදු වූ අනතුරින් 24 හැවිරිදි තරුණියකට දිවි අහිමි වී තිබෙනවා.

ඒ වගේම එම තරුණියගේ මව සහ සොහොයුරා තුවාල ලබා හලාවත මහා රෝහලට ඇතුළත් කර තිබෙනවා. මෙලෙස ජීවිතයට සමුදුන් තරුණිය දේවාල හන්දිය විල්පොත ලිපිනයේ පදිංචි ගුණරත්න අබේසිංහ මුදියන්සේලාගේ අන්ජලී රුවන්දිමා පියුමන්දී නමැති 24 හැවිරිදි අවිවාහක තරුණියක්.

ජිවිතයට සමුදුන් තරුණිය තම එකම සොහොයුරා හා මව සමග ත්‍රිරෝද රථයෙන් නිවස කරා පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි. මෙම අනතුර නිවසට මද දුරක් තිබියදී දේවාල හන්දිය ප්‍රදේශයේදී සිදුව තිබේ.

ත්‍රීරෝද රථය එම තරුණියගේ සොහොයුරා පදවා ඇති අතර ඔහුට නින්ද යාමෙන් මෙම අනතුර සිදුව ඇති අතර එම අනතුරෙන් තරුණියගේ එම ස්ථානයේම දිවි අහිමි වී තිබුණා. අනතුරින් ත්‍රිරෝද රථය පැදවූ තරුණයා හා මව තුවාල ලබා හලාවත මහා රෝහලට ඇතුළත් කර තිබුණා. පවුල පිටින් චාරිකා ගිය ඒ පවුලේ සතුට අද ගොඩාක් ඈත් වෙලා. කිසිවෙකුත් අනතුරක් සිතා මතා කරගන්නෙ නැහැ. ඒ නිසා මේ අනතුරු සියල්ල අහම්බෙන් සිදුවෙන දේවල්. ඉතින් ඒ සියල්ල කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ දේවල්.

මෙම අනතුරින් තුවාල ලබා රෝහල් ගත කර තිබෙන මවටත් සොහොයුරාටත් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන අතර අකාලයේ තම ජීවිතයෙන් සමුගත් මෙම අන්ජලී රුවින්දිමා තරුණියට නිවන් සුව ප්‍රාර්ථනා කරමු.

Leave a Comment