local news

නැතිවුනු බිරිඳව හොයන්න ගිහින් කපු මහත්තයාගේ රූමත් බිරිඳ එක්ක හාද වෙච්ච අමිල

වර්තමාන සමාජය තුළ මිනිසුන් යම්කිසි හෝ ප්‍රශ්නයක් මතු වූ විට ඉක්මනට ම දුවන්නෙ දේවාල වලටයි. දකුණු පළාතේ සිදු වුන සිදුවීමක් තමයි මේ. දකුණු කළුතර ප්‍රදේශයේ පදිංචි අමිල පෙරේරා විවාහකයෙකි. වයස අවුරුදු 35 කි. ඔහුගේ බිරිඳ වාසනාව වන අතර ඇය ඉතා රූමත් තරුණියකි.

විවාහ වී දින සති මාස අවුරුදු ලෙස කාලය ගත විය. නමුත් ඔවුන්ට දරුවන් සිටියේ නැත. දරුවන් නොමැති වුවත් කිසිදු ප්‍රශ්නයක් නොමැතිව දෙන්න දෙ මහල්ලෝ සතුටින් කාලය ගත කළා. අමිල තම බිරිඳට පණ දෙවැනි කොට ආදරය කලා. ඇයට කිසිදු අඩුපාඩුවක් සිදු වන්නට ඔහු ඉඩ තිබ්බේ නැහැ. මැණිකක් රකිනා නා රජිඳෙකු වගේ ඔහු ඇයව රැක බලා ගත්තා. කොතරම් තම සැමියා ඇයට ආදරය වුවත් ඇයගේ සිතෙහි නම් ඔහුට එතරම් ආදරයක් තිබුණේ නැහැ.

එයට හේතුවක් වූයේ ඇය වෙනත් පුරුෂයෙකු සමග අනියම් සම්බන්ධතාවක් පටන් ගෙන තිබූ නිසයි. කාලය කෙමෙන් කෙමෙන් ගත වුණා. වාසනාට අමිලව තව තවත් එපා වුනා. අමිලව එපා වුණු වාසනා ඔහු ප්‍රතික්ෂේප කර ඔහු නිවසේ නො සිටි වෙලාවක අනියම් පුරුෂයා සමගින් හොර රහසේ පැන ගියා. නිවසට පැමිණි අමිල තම බිරිඳ නිවසේ නැති හෙයින් විමතියට පත්වුණා. කිසි දිනක තම බිරිඳ තමාට නො දන්වා නිවසින් පිටවී ගොස් නැත.

එසේම ඇයගේ ජංගම දුරකථනයට දුරකථන ඇමතුම් ලබා ගත්තද ඒවාට කිසිදු ප්‍රතිචාරයක් නොමැත. ඔහු දවල් රෑ නිදි නො ලබා බිරිඳව සොයන්නට විය. නමුත් ඔහුට බිරිඳ පිළිබඳ කිසිදු තොරතුරක් ලබා ගැනීමට නො හැකි විය. නොකා නොබී සිත් තැවුලෙන් යුතුව තම බිරිඳට සිදු වූයේ කුමක් ද යන්න පිළිබඳව ඔහු කල්පනා කළා. අවසානයේ තම මිතුරෙකුට මේ බව පැවසූ විට ඔහු අමිලට සහන ගෙනෙන යෝජනාවක් ලබා දුන්නා.
ඔය ප්‍රශ්නයට ඔයා නොකා නොබී කල්පනා කරන්න එපා. මම දන්න හොඳ කපු මහත්තයෙක් ඉන්නවා දකුණු කළුතර පැත්තේ. ඔහු වගේ දක්ෂයෙක් මේ අහල ගම් හතකවත් නෑ.බිරිඳ ඉන්න තැන කියලා ළඟට ම ගෙනැත් දෙයි මම මේ දන්න නිසා කියන්නෙ.

මිතුරා කියූ දේ ඇසූ අමිල හිස් මුදුනින් පිළිගෙන ඔහු පසුදිනම කපු මහත්තයා හමුවීමට දේවාලයට ගියා. ආවේ කුමටදැයි කපු මහත්තයා මොහු ගෙන් විමසූ විට තම බිරිඳ සති ගානක සිට ආගිය අතක් නැති බව ඔහු පැවසුවා. ඉන්න තැනකින් ඇයව ගෙනත් දෙන ලෙස අමිල කපු මහත්තයා ගෙන් ඉල්ලා සිටියා. එය ඉතාම ලේසි වැඩක් බවත් ඒ සඳහා සුළු දෙයක් කිරීමට සිදු වන බවත් කපු මහත්තයා අමිලට ප්‍රකාශ කළා.

ඉන් පසු අඳුන තුළින් අමිලගේ බිරිඳ බැලූ කපු මහත්තයා ඇය වෙනත් සැමියකු සමග පවුල් කන බව පැවසුවා. එයට දුක් වූ අමිල කෙසේ හෝ බිරිඳව තමා ළඟට රැගෙන එන්න යැයි කපු මහත්තයගෙන් ඉල්ලා සිටියා. ඉන් පසු කපු මහත්තයා ප්‍රකාශ කළේ අමිලගේ පෙර ආත්මේ ගොඩාක් අකුසල් කරලා තියෙන නිසා ඒ පව් ගෙවා ගත යුතුයි කියා. බිරිඳ ගෙනත්දෙනවනම් නම් ඕනම දෙයක් කිරිමට එකඟ වුනු අමිල කපු මහත්තයා ගෙන් කුමක් ද සිදු කරන්න ඕන කියා විමසා සිටියා.

සතියට දවස් දෙකක් පමණ දේවාලයට නිර්මාංශ වී පැමිණ සුද්ධ පවිත්‍ර කිරීමෙන් පව් කමා වෙන බව කපු මහත්තයා මිලට පැවසුවා. එයට එකඟ වූ අමිල මෙලෙස කපු මහත්තයාගේ දේවාලයට පැමිණ සුද්ද පවිත්‍ර කරන්න පටන් ගත්තා.ඉන් පසු ටික දිනක් ගත වෙද්දී කපු මහත්තයාගේ බිරිඳව අමිල විසින් දැන් අදුනාගෙන ආදර සම්බන්ධයක් පටන් ගත්තා. කපු මහත්තයාගේ බිරිඳ ද තම සැමියාගෙන් ඇයට යුතුකම් ඉටු නොවන බැවින් අමිල සමග ප්‍රේම සම්බන්ධයට එකඟ වුණා. ඇයද රූමත් බිරිඳකි.

අමිල තමා ගේ බිරිඳට පණසේ ආදරය කලත් ඔහු සිතුවේ ඇය වෙනත් සැමියකු සමග ගියා නම් මම නැවත ඇය පිලිබදව සොයා නොබැලිය යුතු බවයි. එබැවින් කපු මහත්තයාගේ බිරිඳ ඉතා රූමත් තරුණියක් වන අතර ඇයව බිරිඳ කරගත හැකි බවයි. මෙලෙස තවත් දින කීපයක් ගත වුණා. කපු මහත්තයාගේ බිරිඳට ද අවැසි වූයේ අමිල සමඟ පැන යාමයි. එයට කුමන්ත්‍රණයක් දියත් කළ කපු මහත්තයාගේ බිරිඳට අමිල සමඟ පැන යාමට හැකිවුණා. ඇය සිදු කළේ ඇයගේ දරුවාගේ කටේ භූමි තෙල් ටිකක් ගා කපු මහතාට පැවසූයේ දරුවා භූමිතෙල් බී ඇති බැවින් ඔහුව රෝහලට ඉක්මනින් ගෙන යා යුතු බවයි.

උගුලට හසු වූ කපු මහත්තයා වහ වහා දරුවා සමග රෝහලට ගිය අතරවාරයේ දී අමිල සමගින් කපු මහතාගේ බිරිඳ පැන ගියා. නිවසට පැමිණි කපු මහතාට සිදු වූ දේ පිළිබඳ තේරුම් ගිය අතර ඔහුගේ දේවාලයේ දෙවියන්ට පවා බිරිඳව සොයා ගැනීමට නො හැකි වුණා. ඉන් පසු කපු මහතා පොලිසියෙහි පිහිට පැතුවා.

වර්තමාන සමාජයේ බොහෝ දෙනා තම ජීවිතයේ යම් ගැටලුවක් ඇති වූ විට එයට විසඳුම් සෙවීමට පළමුව යන්නේ දේවාල කපුවන් වැනි අය මුණ ගැසීමටයි. එහෙත් ඔවුන්ගේ පිහිටක් නො ලැබෙන බව මෙම කථාවෙන් අපට තේරුම් ගත හැකිය. එබැවින් තමාගේ ගැට‍ළුවට පිළියම් ඇත්තේ දේවාලයේ නොවන අතර තමා තුලම බැවින් හොදින් විමසා බලා කටයුතු කල යුතුයි.

Leave a Comment