local news

නංගිව මවක් කිරීමට තම කුස මල් යහනාවක් කළ ඒ අපූරු අක්කා

සහෝදර ප්‍රේමය කියලා කියන්නේ හරි අපූරු බැඳීමක්. පොඩි කාලේ ඉඳලා කොතරම් රණ්ඩු දබර කර ගත්තද සහෝදරයින්ට කවදාවත් තරහා වෙලා නම් ඉන්න බෑ. අයියා මල්ලි අක්කා නංගි බැදීම හරි ශක්තිමත් වගේම තමයි ඒ සහෝදරත්වය කාටවත් නැති කරන්න බැරි වග. ඉතින් නංගි කෙනෙක්ට තමන්ගෙ අක්ක දෙවෙනි අම්මා කියලත් කියනවනේ. සහෝදර සහෝදරියන් නැතිව තනිව ඉන්නවට වඩා සහෝදර සහෝදරියන් ගොඩකගෙන් යුත් පවුලක ආදරය හරි නොවඩුව ලැබෙනවා.

ඉතින් මේ කියන්න යන්නේ ඒ වගේ නංගි කෙනෙක්ට තමන්ගෙ දෙවෙනි අම්ම වගේ ඉන්න අක්කගෙන් ලැබුණු හරි අපූරු තෑග්ගක්. ඉතින් ඒ නංගිට ඒ අක්කගේ උදව්ව මහමෙරක් තරම් වටිනවා ඇති.

ඇමැන්ඩා සහ ඇලිසියාමේරි කියන්නේ අක්කයි නංගියි. ඒ වන විට විසි එක් හැවිරිදි වියේ පසුවන ඇමැන්ඩා ෆ්ලොරිඩා විශ්ව විද්‍යාලයේ උපදේශිකාවක්. එයා නංගී වන අතර ඇලිසියාමේරි කියන්නේ අක්කා. ඇය අලෙවිකරණ ක්ෂේත්‍රයට සමබන්ද රැකියාවක නිරත වී තිබුනේ ඉතාලියේ. ඉන් පසු වසර කීපයකට පෙර ඇලිසියාමේරි වන අක්කා ඉතාලියට හා රැකියාවට සමුදී ෆ්ලොරිඩාවට ආවේ පවුලේ අය හා කාලය ගෙවන්නට ඇති කැමැත්ත නිසා. ඇය එක්දරු මවක් වන අතර පුංචි පුතු ඔලිවර් වේ. තම පවුලට ලැදිව කටයුතු කරන මේ සහෝදරියන්ට පවුල වෙනුවෙන් කරන්නට නොහැකි දෙයක් නැති තරම්ය. මේ දෙන්නා සහෝදරියන්ට වඩා හරි අපූරු යෙහෙලියන්.

අවාසනාවන්ත ඉරණම වන්නේ මෙම ඇමැන්ඩා හෘදයාබාධයකටත්, ලේ කැටිගැසීමේ රෝගයටත් ඒ වගේම චර්ම රෝගයන් නිසා බෙහෙත් ලබා ගනිමින් සිටි තැනැත්තියකි.
විවාහ වුණු අඹු සැමි යුවලකගේ එක පැතුම තමයි දරුවන් සහිත කුටුම්භයක් සාදා ගැනීමටය. ඉතින් මේ ඇමැන්ඩාත් ඇයගේ සැමියාගේත් බලාපොරොත්තුව තම කැදැල්ලට පුංචි පැටියෙකුගේ පිවිසීමකි.නමුත් මොවුන්ට සිදු වූයේ කිසිවෙක් නොසිතූ ඉරණමකි. විවාහ වීමෙන් පසු වසර හයක් තුලදී පස් වතාවක් ගැබ් ගත්තද මාස කීපයක් යන විට එම දරු කලල බිදී ගියේ ඇමැන්ඩාගේත් සිය සැමියාගේත් බලාපොරොත්තු එකින් එක සුන් කරමිනි.

එයට දැඩි ලෙස කම්පාවට පත් ඇමැන්ඩාත් සිය සැමියාත් පස් වතාවක් බලාපොරොත්තු වී සිට ඒවා සුන් වනවාත් සමගම ඔවුන්ගේ ජීවිතයද කඩා වැටී තිබෙන්නට ඇතැයි ඇතැමෙක් සිතයි. එහි කිසිදු සැකයක් නෑ. බලාපොරොත්තුවක් සුන් වූ විගස ඇති වන බිද වැටීම අපි කවුරුත් දන්නා කරුණකි.

වෛද්‍යවරයා කියන ආකාරයට ඇමැන්ඩාගේ කුසින් දරුවෙක් බිහි වීම ගැන කිසිදු බලාපොරොත්තුවක් තියා ගැනීමට බැරි වෙන බවත් නමුත් ඇයට අම්මා කෙනෙක් වීම පිලිබදව බලපොරොත්තු තියා ගැනීමට පුලුවන් බවත් අහන් ඉන්න කෙනෙක්ට එය පුදුමාකාර දෙයකි. එයට නවීන වෛද්‍ය විද්‍යාව තුළ විසඳුමක් තියෙන බව වෛද්‍යවරයා පවසයි. IVF ක්‍රමවේදය පැවැති නවීන වෛද්‍ය විද්‍යාව ඇමැන්ඩාගේ අපේක්ශාව ඉටු කර ගැනීමට පුංචි හෝ බලාපොරොත්තුවක් තියා ගතහැකියි.

එයින් සිදු වන්නේ විද්‍යාගාරයක් තුල දෙදෙනාගේ ඩිම්භ හා ශුක්‍රාණු යොදාගෙන කලලයක් නිර්මාණය කර වෙනත් ගර්භාෂයක වැඩීමට සැලැස්වීමයි.

මේ මන විට විසි හත්වන වියේ පසු වූ ඇමැන්ඩා වන තමගේ එක කුස උපන් සහෝදරී වෙනුවෙන් තමාට ඉදිරිපත් වීමට පුළුවන් බව ඇලිසියාමේරි හෙවත් අක්කා වෛද්‍යවරයාට පවසයි. තමන්ගේ බලාපොරොත්තුවට රුකුලක් වෙන අක්කා කෙනෙක් ලැබීමට මේ ඇමැන්ඩා කෙතරම් වාසනාවන්තියක් වෙන්නට ඇත්ද.

අවුරුදු පහක් බලාගෙන හිටපු ඇමැන්ඩාට අක්කගේ පුතු මෙලොව එලිය දකිනකම් බලා සිටීම එතරම් අමාරු වූයේ නැත. කොහොමවුනත් අවසානයේ ඇමැන්ඩා නොඉවසිල්ලෙන් බලාසිටි මොහොත ලගා වුණා. ඇය දැන් අම්මා කෙනෙක්. තමන්ගේ සහෝදරී කරපු උදවුව වචනයෙන් කියා නිම කරන්නට බෑ. දැන් මුලු ෆ්ලොරිඩාවම හරිම ලස්සනයි. බලන බලන අත හරිම ලස්සනයි. මෙවන් වූ අපූරු පරිත්‍යාගයක් සිදු කිරීමට තරම් මේ අක්කගේ සිත කොතරම් ලස්සන ඇතිද.

Leave a Comment