local news

අනාරක්ෂිත රිය පැදවීමකින් සිදු වූ ඛේදවාචකය

අද සමාජයේ බොහෝ සෙයින් රිය අනතුරු දැකගන්නට හැකියි. ඒ මිනිසුන්ගේ අපරීක්ෂාකාරීව රිය පැදවීම නිසයි. එක් පුද්ගලයකුගේ අනාරක්ෂිත රිය පැද වීමක් තුලින් පුද්ගලයන් කී දෙනෙකුගේ ජීවිත නම් විනාශ වනවාද.

වාහන නිසා සිදු වන අනතුරුවලින් බොහොමයක් ම පාසා සිදු වන්නේ නොඉවසිලිමත්කම නිසයි. එසේම පසුගිය දිනක අසන්නට ලැබුණු බිහිසුණු රිය අනතුරක් ලෙස වැලිසර මාරක රිය අනතුර සදහන් කළ හැක. මෙම මාරක රිය අනතුර සිදු කළ මෝටර් රථයේ රියදුරු 16 හැවිරිදි පාසල් සිසුවෙකි. ඉතින් මෙවන් වූ කුඩා දරුවන් මෙවැනි රථ පැදවීමෙන් අනතුරු සිදුවීම තුළින් අහිංසක මිනිස් ජීවිතයි විනාශ වන්නේ.

ඊයේ දිනයේ ( 09 ) අලුත්ගම – මතුගම මාර්ගයේ දර්ගා නගරය ආසන්නයේ දී රියදුරා විසින් ඉතාමත් අපරීක්ෂාකාරීව මාර්ගයේ දකුණු පසින් ධාවනය කළ mitsubishi eclipse වර්ගයේ මෝටර් රථයක් ඉදිරියෙන් පැමිණි යතුරුපැදියක ගැටීමෙන් මීටර් 200 ක පමණ ඇදී ගොස් නතර විය.
එම අනතුරින් යතුරුපැදි කරු බරපතළ තුවාල ලබා රෝහල් ගත කෙරුණා. එකිනෙක ගැටීමට ගිය රථ දෙක අතුරෙන් වළක්වා ගැනීමට වැගන් ආර් රථ රියදුරා ගත් උත්සාහයත් සමඟ ම ඊට පිටුපසින් පැමිණි යතුරුපැදිය මුහුණට මුහුණ පැමිණි මෝටර් රථයේ ගැටී තිබුණා.

අනාරක්ෂිත ලෙස රිය පැදවූ මෝටර් රථයේ රියදුරු නිසා යතුරු පැදියේ රියදුරුට බරපතළ හානි සිදු වී තිබෙනවා. ඉතින් එවන් වූ අනතුරකින් අහිමි වන්නේ අහිංසක කුරුලු කැදැල්ලක සතුටයි. ඒ අඩුව කිසිවකුටත් කිසිදාක පිරවීමට නො හැකියි. ඉතින් තම තමන් නිවැරදිව රිය පැදවුවොත් කාගෙත් ජීවිත සුරැකෙනු ඇත.

Leave a Comment