local news

ඇඹිලිපිටියේ පාසල් සිසුවියක් පැහැර ගනී

ළමා අපයෝජනය පැහැර ගැනීම යන සිද්ධීන් වර්තමානයේ බොහෝ ජනප්‍රිය දෙයක්. සිහි විකල් වූ මිනිසුන් සිටින සමාජයක එවැනි සිද්ධීන් බහුලව දක්නට ලැබෙනවා. පුංචි දරුවන් මල් කැකුළු වගේ කියනවනේ. ඒ මල් කැකුළු අකාලයේ මිලින වන්නට නොදී රැක බලා ගත යුතුයි.


පිරිහුණු සමාජයක සිටින නපුරු මිනිසෙකු සිදු කළ ක්‍රියාවක් තමයි මේ. ඇඹිලිපිටිය ප්‍රදේශයේ පාසල් සිසුවියක් පාසලින් පිටතට පැමිණි අවස්ථාවේ පුද්ගලයන් තිදෙනකු ඇය බලහත්කාරයෙන් ත්‍රිරෝද රථයකට නංවා ගෙන පලා ගොස් ඇත. එය සිදු වූයේ පසු ගිය 12 වන දිනයේදී.


ඔවුන් මෙම දියණිය පැහැර ගෙන සෙවනගල ප්‍රදේශයේ පාළු නිවසකට රැගෙන ගොස් එහි උඩුමහලට රැගෙන ගිය අතර උඩු මහලේ දී පුද්ගලයෙකු ඇය අපයෝජනය කිරීමට උත්සහ කර ඇති බව සඳහන් වේ. සිසුවිය සිදු කරන ලද පහර දීම් හේතුවෙන් එය අසාර්ථක වී තිබෙන බව පොලිසිය පවසයි.
පසුව එම ස්ථානයෙන් පළා ගිය දැරියට නිවස වෙත යාම සඳහා මාර්ගයේ ගමන් ගත් පුද්ගලයකු උදව් කර ඇතැයි පොලිසිය පැවසුවා. දැනට දැරිය රෝහල් ගත කර ඇත. එය සිදුකර පුද්ගලයන් පොලිසිය භාරයට රැගෙන ඇත.


හෙට ලොව භාරගන්නට සිටින මල් කැකුළු මෙලෙස විනාශ කරන්නට දඟලන නපුරු මිනිසුන් සිටින සමාජයක් මේ. එබැවින් තමන්ගේ ප්‍රියයන් ඇස් දෙක වාගේ රැක බලා ගනිමු. එවිට අපිට පසුව පසුතැවිලි නගන්නට උවමනා නැත.

Leave a Comment