local news

අනියම් පෙමක් දුරදිග ගොස් බස් නැවතුම්පොලකදී සිදු වූ ඉරණම

ප්‍රේම සබදතාවයන් කියන්නේ හරි සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා තියෙන්නේ. බොහෝවිට තරුණ තරුණියන්ගේ ආකර්ෂණය දිනාගන්නට ප්‍රේම සබඳතාව උත්සුක වෙලා තියෙන්නෙ. එය වඩාත් ජනප්‍රියව තියෙන්නේ තරුණයන් අතරයි. වර්තමානයේ පමණක් නොව අතීතයේදීද ප්‍රේම සම්බන්ධතාවයන් පුද්ගලයන් අතර ඇති වුණා. එහි අවසානය තමයි විවාහයකින් කෙළවර වෙන්නේ. එය විටෙක බාල වයස්කාර අයට නම් අමුතු දෙයක් වෙන්නටත් පුලුවන්. ඒ මොකද ඔවුන් තවම මෙහි අත්දැකීම් අත් නොවිදින නිසා.

කෙසේ වෙතත් මෙහි වැඩි ආකර්ෂණය තිබෙන්නේ ඔවුන්ගෙන්‍ බව අපි කවුරුත් දන්නා කරුණක්. ඒ කෙසේ වෙතත් අධ්‍යාපනය අතර මග නතරකර දමන්නේද ප්‍රේම සබදතා නිසා. ඒ වගේම අහිංසක දුප්පත් දෙමාපියන්ගේද සිහින බිද දමන්නේද මේ ආදර සබදතාමයි. ප්‍රේම සබඳතා සාමාන්‍ය දෙයක් බවට පත් වූවත් අද සමාජය තුල අනියම් ප්‍රේම සබදතාත් අද කාලයේ නැතුවාම නෙවෙයි.

ඒ කෙසේ වෙතත් මෙය සමාජය තුල ඇති වන දරුණු ගැටලුවක් බවට පත් වී තිබෙනවා. එය හේතුකොට ගෙන මිනිස් ජීවිත කීයක් විනාශ වනවාද. ඇත්තටම සෝචනීයයි. එවැනි අනියම් ප්‍රේම සබදතාවයක් නිසා පුදගලයෙකුට තම ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදු වූ සිද්ධියක් පිලිබදව අපිට අහන්නට ලැබුණා.

වයස අවුරුදු 37ක් වන මාතලේ පහළ කොටසේ පදිංචිකරුවෙකු වේ. ඔහු අනියම් පෙම් සබදතාවයක් මත ඇති වූ ආරවුලක් දුර දිග යාමෙන් සිය ජීවිතයෙන් වන්දි ගෙවන්නට ඊයේ දිනයේ සිදු වුණා. ඊයේ උදෑසන පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුව පහර කෑමට ලක් වූ පුද්ගලයා රෝහල් ගත කර ඇති අතර ඔහු ඒ වන විටත් ජීවිත ගමනෙන් සමුගෙන තිබුණා. මාතලේ අඹගහමුල බස් නැවතුම්පළ අසලදී ඊයේ මෙම පුද්ගලයාට පොල්ලකින් පහර දී ඇති බවයි වාර්තා වෙන්නේ.

අකාලයේ මෙම තරුණයාට තම ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදු වූයේ සමාජය විසින් හෙලා දකින වගේම සමාජය පිලිකුල් කරන ක්‍රියා සිදු කිරීම නිසා බව අපි කවුරුත් සිත් හි තබා ගත යුතුයි.

Leave a Comment