Lifestyle

මහ මුහුදේ අමුතු විදියට හැසිරුණු යුරේනි

යුරේනි නොෂිකා කියන්නේ කාලෙන් කාලෙට බොහෝ දෙනා අතර කතා මවන චරිතයක් බවට පත්වුණු දක්ෂ රංගන ශිල්පිණියක් වගේම නිරූපණ ශිල්පිණියක්. කාලෙන් කාලෙට ඇය පිලිබදව විවිධ කට කතා ගෙතුවත් යුරේනි නම් ඒ කිසිම දෙයක් ගනන් ගන්නෙ නෑ. ඒ වගේම පසුගිය කාලසීමාව තුලදී ඇය අමුතු විලාසිතාවකින් සැරසුණු ඡායාරූප කිහිපයක්ම සමාජ මාධ්‍ය තුළ බොහෝ සෙයින් කතාබහට ලක් වුණා. ඒ වගේම ඇය මුහුදු වෙරලේ අඩ නිරුවතින් හැසිරුණු වීඩියෝවක්ද සමාජ මාධ්‍ය තුල සංසරණය වුණා.

වසංගත රෝග කාලසීමාව තුළදී ගෙදරට වෙලා කටයුතු කල යුරේනි මේ වෙද්දි නාට්‍ය තුනකටම එක පාර සම්බන්ධ වෙලා රංගන කටයුතුවලට දායකත්වය දක්වන්න ඇයට අවස්ථාව හිමිවුණා.

ඒ පමණක් නෙමෙයි නිවේදිකාවක් වශයෙන් කටයුතු කරන්නත් යුරේනිට ඒ වන විට අවස්ථාව හිමි වෙලා. පසු ගිය කාලයේ ඇය ගත කරපු සොදුරු ජීවිතය පිලිබදව යුරේනි අදහස් ඉදිරිපත් කලා.

පහුගිය කාලෙ නම් හොද ඇඩ්වෙන්චර්ස් බොහොමයක නිරත වුණා. හොදට ඇවිද්දා එක එක වැඩ නිසා මගේ ජීවොතේ මම ආස කරපු ගොඩක් දේවල් මග හැරුණා. දැන් මේ නාට්‍ය වල වැඩ කටයුතු ඉවර වුණාම ජනවාරි මාසයේ හිතන් ඉන්නවා කන්දක් නගින්න යන්න. Sky driving අසාවත් කොහොමහරි ඉශ්ට කරගන්න ඕන.

මේ විදියට විවිධ ඇඩ්වෙන්චර්ස් අත්හදා බලන්න ආස වන ඇය ජීවිතේ කරන්න ඕනෙ දේවල් එදාම කරනවා මිසක් කල් දාන්න නම් කැමති නැහැ. කාන්තාවන්ගේ විලාසිතාවන්ට මිනිසුන් විවිධ අදස් යෝජනා වගේම චෝදනාත් ඉදිරිපත් කරනවා. ඒ වගේම පසුගිය දවසක යුරේනි විසින් කරපු ඒ අලුත්ම විලාසිතාව පිලිබදව ගොඩක් දෙනෙක් අදහස් දක්වලා තිබුණා. ඒ පිලිබදව යුරේනි හිතන්නේ ඇය ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු පහළොවක්. ඒ අවුරුදු 15 තුලදීම ඇය විවිධ විලාසිතා කළා. ඒ අතරේ ඔසරිය ඇඳන් කොට ගවුම වෙනකන් ඇඳල තියෙනව. නමුත් ඇය ඔය කියන කිසිම කතාවක් ගණන් ගන්නේ නැහැ.

යුරේනිව ළඟින්ම ආශ්‍රය කරන මිනිස්සු දන්නවා ඇය විලාසිතා කරන විදිය. ඒවා හරිම වෙනස් නිසා සමහරක් විලාසිතාවලට එකඟ වෙන අතර තවත් සමහරු එකඟ වන්නේ නැහැ. නමුත් යුරේනි කියන්නේ නම් එකඟ නොවන පිරිස මොනවා කළත් ඇය ආසා කරන ඇඳුම් නොඇඳ ඉන්නෙත් නෑ කියලා. ඇය විලාසිතා කරන එක නවත්තන්නේ නැහැ කියලා තමයි ඇය කියන්නේ. අවුරුදු 80 පැන්නත් ඇය විලාසිතා කරන බවයි ඇය සඳහන් කළේ. ගැහැණු ළමයෙක්ගේ කකුල පේන එක ලොකු පවක් විදියට සලකන කට්ටිය ඔවුන්ගේ ජීවිතයට ඊට වඩා පව් රැස් කර ගන්නවා කියලා තමයි යුරේනි හිතුවේ. කියමනක් තියනවනේ ඵල ඇති රුකටයි ගල් ගහන්නේ කියලා ඉතින් ඇයට හැමතිස්සෙම හිතෙන දෙයක් තමයි ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු පහලවක් ගිහිල්ලා මිනිස්සු ඇයට එක එක දේවල් කියනකොට ඇය තවමත් ඵල දරන හොඳ රුකක් කියලා.

ඇය සමාජය තුළින් ඇයගේ විලාසිතා පිළිබඳව නගන විවිධ චෝදනාවන් වලට නොබියව පිළිතුරු දෙනවා. ඒ වාගේම එහෙම දාලා තියෙන කමෙන්ට් කියපු හම ඇඟේ ලේ ටිකත් පිරිසිදු වෙනවා කියලා තමයි යුරේනි නම් සඳහන් කළේ. පුංචි කාලේ නිළියක් වෙන්න හීනෙන්වත් ඇය හිතුවෙ නැති වුණාට වර්තමානය වෙද්දී ගොඩක් දෙනෙක් දන්න කියන නිළියක් බවට ඇයට පත්වෙන්නේ ලැබුණ එකම හිනයක් කියලත් හිතෙනවා.

ඇය පසුගිය දිනක මහ මුහුදේ අඩ නිරුවතින් සිදුකල වීඩියෝවක් බොහෝ ප්‍රේක්ෂකයන්ගේ ආකර්ෂණය දිනා ගන්නට සමත් වුණා. ඒ තුළින් ඇයට මිනිසුන්ගේ ආකර්ෂණය දිනා ගන්නට පුළුවන් වුනා.
මේ අපූරු රංගන ශිල්පිනිය තාමත් තනිකඩ ජීවිතයක් තමයි ගත කරන්නේ. නමුත් ඉදිරියේදී ඇගේ විවාහ ජීවිතය පිළිබඳව හිතන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඉතින් යුරේනි නොෂිකා කියන මේ රංගන ශිල්පිණිය හෙවත් නිරූපණ ශිල්පිණියගේ සියලුම අනාගත බලාපොරොත්තු වගේම ඉදිරි වැඩ කටයුතු හිතන විදියටම ඉටුවේවා කියා අපි හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.

Leave a Comment