Lifestyle

තාමත් මේ ඉන්නේ එදා හිටිය කෙනාම තමයි යොහානි කිවුව අමුතු කතාව

ශ්‍රී ලංකා නාමය මුළු ලෝකයේම කතාබහට කරන්නට සමත් වුණ යොහානි ද සිල්වා මුළු රටටම මහත් ආදර්ශයක්. එ වගේම ඇය වන් කාන්තාවන් අප රටෙහි ජීවත්වීම පිළිබඳව අපි ආඩම්බර විය යුතුයි. ඇය කලාකීර්තී යන ගෞරව නාමයෙන් පිදුම් ලැබීමටද සමත් වුණා. රටකට සීමාවුණු ජනප්‍රියත්වය මුළු ලෝකයකට ගෙන යා හැකි වූ මේ යොහානි ද සිල්වා අනාගත පරපුරට මහත් ආදර්ශයක්. අපි බලමු ඇය ඇගේ කලා ජීවිතය ගැන මොකද කියන්නේ කියලා.

Cover song එකකින් ඉන්දියාවම හඳුනාගන්නට සමත් වුණු කලාකාරිනියක් වීම පිළිබඳව යොහානි ද සිල්වා නිහතමානි සතුටකට පත්වෙනවා. ඉතාම කෙටි කාලයක් තුළදී මෙම ගීතයක් සමගින් ඇය විශාල ජනප්‍රියත්වයකට පත් වෙනවා. මෙවන් වූ වෙනසක් ඇය කිසිදාක බලාපොරොත්තු වුණේ නම් නැහැ. සංගීතය පටන් කාලයයි දැන් කාලයයි අතර ලොකුවට වෙනසක් තිබුනත් ඇය තාමත් ඉස්සර හිටිය යොහානිම තමයි.

ඉන්දියාවට ගිහින් අලුත් ගීතයක් ඇය එළි දක්වලා තියෙනවා. ඒ ගැන ඇය මෙහෙමයි කිව්වේ.
එළිදක්වපු ගීතයේ නම moving on. මේක ඉංග්‍රීසි ගීතයක්. හැබැයි සිංහල කොටසකුත් අපි ඇතුලත් කරලා තියෙන්නේ. මේක පද රචනා කළේ දිලංජන් සෙනෙවිරත්න, සංගීතවත් කලේ පසන් ලියනගේ. මේක මුලින්ම ඉංග්‍රීසියෙන් ලියවුනු ගීතයක්. නමුත් අපිට පසුව මේකට සිංහල කොටසක් දාන්න පුලුවන් වුණා. ඒකට අවසරය ලැබුනා. නොවැම්බර් මස දොළොස්වෙනි දා තමයි මේ අලුත් ගීතය එලි දැක්වූවේ.
ඇය ඉන්දියාවට ගොස් එළිදැක්වූ ගීතය පිළිබඳව මෙහෙමයි තම අදහස දැක්වූයේ. පසුගිය කාලයේදී ඉන්දියාවේ දී අපූරු අත්දැකීම් බොහොමයකට යොහානිට ට මුහුණ දෙන්න සිදුවුණා. මාධ්‍යවලින් සමහරු කිව්ව පරිදි ඇත්තටම ඉන්දියාවේ ගුවන් යානය අසලට ඒ තරම් පිරිසක් යොහානි බලන්න ආවා කියලා බොරු ප්‍රචාරයක් යවලා තිබුණා. ඒක පිලිබදව ඇය බෙහෙවින් කනගාටුවට පත් වෙනවා. ඒ වගේම ඇය පිළිබඳව තවත් බොරු ප්‍රචාර යවා තිබුණා. ඇයට ලොකු සල්ලි මලු දුන්නා, ලොකු ගෙයක් තියෙනවා, ලැම්බෝගිනි වාහන තියෙනවා යනුවෙන් ඇය පිළිබඳව බෙහෙවින් බොරු ප්‍රචාර යවලා තිබුණා.

ඉන්දියාවට ගිහින් ගුවන් යානය ලෑන්ඩ් කරන විට පැපරාසීන් නම් ඉදල තියෙනවා. නමුත් මාධ්‍යවල ප්‍රචාරය කළ තරම් පිරිසක් නම් සිටි නැති බවයි යොහානි පැවසුවේ. නමුත් ඇය නොසිතූ ආකාරයට ලොකු ප්‍රතිචාර නම් ඇයට ලැබුණා. ඒ දිනවල බෙහෙවින් කාර්යබහුල උන් නිසා යොහානිට මෙම බොරු ප්‍රචාර පිළිබඳව හොයන්නවත් වෙලාවක් නම් තිබුණෙ නැහැ.
ආපු දුර ගමනත් එක්ක ඇයට මේ කලා ක්ෂේත්‍රයට පිවිසුණේ ඇයි දැයි කියා සිතුණු වාර අනන්ත ප්‍රමාණයක් තිබිලා තියෙනවා. ඇයට ගීත ගායනා කිරීමට නොහැකි බවත් මෙය පිරිසක් ප්ලෑන් කරලා කරපු දෙයක් බවත් මිනිසුන් චෝදනා කරලා තිබුණා. ඇය මිනිසුන්ගේ විවේචන හමුවේ ඒවා ගණන් නොගෙන සිටීමට හිත ශක්තිමත් කාන්තාවක්. ඕස්ට්‍රේලියාවේ පදිංචි වුණු යොහානි ලංකාවට එනවට දෙමව්පියන් කිසිම කැමැත්තක් තිබුනේ නෑ. නමුත් ඒ අයගේ අකමැත්තෙන් ලංකාවට පැමිණි ඇය මියුසික් වලට එකතු වෙලා. මේ ආපු ගමන ලස්සන නම් නැහැ බවයි ඇය පවසන්නේ. හිත් රිදීම් අභියෝග හමුවේ තමයි ඇය අද මේ මෙතැන ඉන්නේ.

අද යොහානිට ආදරය කරන පිළිගන්න තැන් බොහොමයි. මේ ගමන තුළ ඇයව ප්‍රතික්ෂේප වුණු තැන් නම් බොහොමයක් තියෙනවා. ඇය හැමදේම ටිකෙන් ටික ඉගෙන ගත්තා. ඉන්දියාවට ගිය ඇයට සිංදුවක් කිරීමට හැකි වුණා. නමුත් එය ඇය කිහිප වතාවක්ම පටිගත කළ එහි කිසියම් හෝ වරදකින් ඇයට නැවත පටිගත කිරීමට සිදුවෙනවා. ඇය කියන්නේ අදටත් මෙවන් වූ ගැටලු ඇති වෙන බවයි. 2019 ලංකාවට ආපු යොහානිට patta effect එක මුණගැහුණ. ඒ අය එක්ක සංගීත ගමන ආරම්භ කරපු ඇය pub වල සින්දු කිව්වා. එයින් ලැබුණු රුපියල් 5000 ගානේ එකතු කරලා තමයි සංගීතය ගමන පටන් ගත්තේ. ඇය කියන ආකාරයට මෙය ලේසි පහසු ගමනක් නම් නෙවෙයි.

ඉතින් ශ්‍රී ලංකා නාමය එය මුළු ලොවටම රැගෙන ගිය යොහානි ද සිල්වාගේ ඉදිරි කටයුතු සාර්ථක වෙන්නට අපි හදවතින්ම සුබ ප්‍රාර්ථනා එක් කරමු.

Leave a Comment