Lifestyle

මාව මේ තැනට ගේන්න ගොඩක්ම මහන්සි වුණේ ලොකු අම්මා, එයා නැත්නම් මම අද මෙතන නෑ – යශ් වීරසිංහ

මේ දිනවල සිරස නාලිකාවේ විකාශය වන ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වන කියාදෙන්න ආදරේ තරම් ටෙලිනාට්‍යයේ අනර්ඝ විදියට අපි අතරට එන්නේ යෂ් වීරසිංහයි. ඔහුගේ මෑනියන්ගේ පරපුරෙන් කලා ආභාෂය ගත්ත යෂ් අද වනවිට බ්‍රෝ, ස්නැප් ටෙලිනාට්‍යය වල වගේම හඩ කැවීම් ශිල්පියෙක් විදියටත් මියුසි වීඩියෝවලත් රංගනයෙන් දායක වෙනවා අපිට දැනගන්න ලැබෙනවා. ඉතින් කලාව පමණක් නෙවෙයි අධ්‍යාපනයට දස්කම් දක්වන යෂ් ගණිත අංශයෙන් තමයි උසස් පෙළ විභාගය සදහා ඉදිරිපත් වෙන්නේ.

ඔහුගේ මව වන මුදිතා ජයකොඩිගේ පවුලේ ආභාෂයෙන් තමයි යෂ් මේ වනවිට කලාවට සම්බන්ධ වෙලා තියෙන්නේ. ප්‍රවීන රංගන ශිල්පිනී ගීතා කාන්ති ජයකොඩි, බිමල් ජයකොඩි, සුජානි මේනකා, පබෝදා සංදීපනී, රත්නා ලාලනී ජයකොඩි, පියල් ජයකොඩි, මන්ජිත තෙන්නකෝන්, සම්පත් තෙන්නකෝන් වැනි මේ කලාව තුල ඉන්න ප්‍රබල චරිතයන් යෂ්ගේ පවුලේ උදවිය වනවා.

ඉතින් මේ අතරින් ගීතා කාන්ති ජයකොඩි මහත්මිය ගැන යෂ් පසුගිය දිනක සහභාගී වුණු යූ ටියුබ් මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණා.

” මගේ ලොකු අම්මා විශේෂයෙන් මතක් කරන්න ඕන. එයා නැතනම් මම අද කලාව තුල නෑ. එයා පොඩි කාලේ ඉදන් මගේ පස්සෙන් ඉදලා මාව නිවැරදි තැන්වලට යොමු කරනවා. ලොකු අම්මා මාව 2015 ජාතික රූපවාහිනියේ හඩ පරීක්ෂණයට යොමු කරන්නේ. මගේ ආසව තිබ්බේ නලුවෙකුට. ඊට පස්සෙ මම ජාතික රූපවාහිනියේ හඩකැවීම් ශිල්පියෙක් විදියට වැඩ කලා. ඊට පස්සෙ එතනින් අනිත් චැනල් වලට මාව යොමු කරන්නේ.

ලොකු අම්මා මාව සහය අධ්‍යක්ෂවරයෙකුට හදුන්වලා දෙනවා. ඊට පස්සෙ හොදයිනම් ටෙලිනාට්‍යයකට ගන්න කියලා කිව්වා. ඒක තමයි ස්වර්ණවාහිනී ‘පාරා වළලු’ කියන ටෙලි නාට්‍යය. මම මුලින්ම කැමරාවක් ඉදිරියේ රගපාපු පළමු අවස්ථාව ඒක තමයි. ඉතින් එතනින් සුලු චරිතයක් කරලා තමයි අද මේ තැනට ඇවිත් තියෙන්නේ.”

ඉතින් තාරුණ්‍යයේ සිහින කුමාරයෙක් තමයි යෂ් කියලා කියන්නේ. ඉතින් ඔහුගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියා අපිත් හදවතින්ම සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

Leave a Comment