Lifestyle

රිදුණු තැන් වැඩි නිසා මුනිවත රැක්කා පුංචි තිරයෙන් ප්‍රේක්ෂකයන් වසගයට ගත් වොල්ගා කල්පනී දුකින්ද

අපේ කලා ලෝකයේ විවිධ රංගන ශිල්පිනියන් ඉන්නවා. ඒ අතරින් හැමෝගෙම ආදරය දිනා ගත්තු රංගන ශිල්පිනියක් තමයි වොල්ගා කල්පනී කියන්නේ. ඇගේ පවුලේ අම්මා, තාත්තා සහ අක්කගේ රැකවරණය මැද තමයි ඇය ජීවත් වුණේ. ඇගේ සහෝදරිය මේ වන විට විවාහ වෙලා ඉන්නෙ. ඉතින් ඇයගේ කලා ලෝකයේ මුල් අඩිතාලම කොහොමද කියල අපි බලමු. අතුරු මිතුරු වැඩසටහනට සහභාගි වීම තුලින් තමයි ඇය කලා ක්ෂේත්‍රයට පිවිසෙන්නේ. ඉන්පසු දේදුනු හැන්දෑව වැඩසටහනට ද සහභාගී වෙලා තියෙනවා. එහෙම තමයි ඇගේ රංගන ජීවිතයේ මූලික පියවරයන් තබා තියෙන්නේ.

තව නාට්‍ය කිහිපයකට ද ඇය රංගනයෙන් දායක වෙලා තියෙනවා. පොඩි මාමා, මුතු පලස, වැනි නාට්‍ය කිහිපයකම රංගනයෙන් සහභාගි වෙලා තියෙනවා. වොල්ගා කල්පනී කියන්නේ ඕනම කෙනෙක් වශී කරගන්න පුළුවන් සුන්දර රුවක් සහිත සුන්දර රංගන ශිල්පිනියක්. ඇයගේ සුරතල් දඟකාර පෙනුම හින්දා ඇයට හුඟක් දෙනා ආදරය කරනවා. ඉතින් වොල්ගා ආදරය ගැන කියන්නේ මෙහෙමයි. ඇයට දැනෙන විදිහට ආදරේ කියන්නෙ අකුරු හතරක් තියෙන සරල සුන්දර දෙයක් නම් නෙමෙයි කියලා. වොල්ගා කල්පනී හැම මොහොතේම කියන්නේ ඇගේ ලඟ තිබුණ ආදරේ හරිම පිරිසිදුයි කියල. මොකද වොල්ගා කැමති නැහැ ආදරේ කිලිටු කරගන්න. ඇය කියන්නේ ඇගේ ආදරේට විවේචන, පලිගැනීම්, වෛර නැහැ කියලා. ඇත්තටම ඒ ආදරය ගොඩක් පිරිසිදුයි කියල තමයි වොල්ගා කල්පනී හිතන්නේ. ඒ වගේම ඇය ප්‍රථම ප්‍රේමය ගැන කිව්වේ මෙන්න මේ විදිහටයි.

ඇත්තටම කියන්නේ මගේ ප්‍රථම ප්‍රේමය හරිම සුන්දර අත්දැකීමක්. මගේ ප්‍රේමය උසස් පෙළ දෙවෙනි අවුරුද්දේ තමයි පටන් ගත්තේ. ඇත්තටම සුන්දර අත්දැකීමක්. ඒක දැන් මට හිතෙන්නේ. ඒ තරමටම ආදරය සුන්දර උනා නම් කොච්චර හොඳයිද කියලා. ඒ ප්‍රථම ප්‍රේමයේ සංකේත අදටත් මං ලඟ තියෙනවා. ඒ වගේම කවදහරි දවසක ඒ ප්‍රථම ප්‍රේමය මං ලගට ඒවිද කියලා මම දන්නේ නැහැ කියලා තමයි වොල්ගා කල්පනී කියන්නේ.

පසුගිය දිනෙක ඇය මුහුණු පොතට අපූරූ ඡායාරූප කිහිපයක් සමගින් කැප්ෂනයක් දමා තිබුණා. ඒ පිලිබදව හැමෝගෙම අවධානය යොමු වුණා. ඒ වගේම ඇගේ මේ වදනට ඇගේ ප්‍රේක්ෂකයන් බොහෝ දෙනා ප්‍රතිචාර දක්වලා තිබුණා.
දෙනෙත කීවත් ඔය කතා දැනුණත් නොදැනුණා. රිදුණු තැන් වැඩි නිසා මුනිවත රැක්කා.

ඉතින් අපි හැමෝම ගොඩක් ආදරේ කරන මේ දගකාර රංගන ශිල්පිනිය වොල්ගා කල්පනීට ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන සුබ අනාගතයකට සුබ පැතුම් එක් කරමු.

Leave a Comment