Lifestyle

දෙරණෙන් මට මුලින්ම ලැබුණ පඩිය 7.500යි, දවල් වෙලා නැගිටලා වේල් දෙකක් ශේප් කරගන්නවා

දෙරණෙන් බිහි කරපු ජනප්‍රිය චරිතයක් තමයි විශ්ව ලංකා කියන්නේ. රංගන ශිල්පියෙක්, නිවේදකයෙක් වගේම කෙලින් කතා කරන මහා පවුරුෂයක් හිමි ඔහුට හැමෝම ආදරය කරනවා. ඉතින් දෙරණ නාලිකාවත් එක්ක දෙරණ නාලිකාවෙන් බිහිවුණු විශ්ව ලංකා මේ වනවිට දෙරණත් එක්ක අවුරුදු 16ක් පමණ වැඩ කටයුතු කරමින් එකතු වෙලා ඉන්නවා.

ඉතින් දෙරණ රියැලිටි ඇඩ්වෙන්චර් ප්‍රෝග්‍රෑම් එකට ඇතුල් වෙලා තමයි මේ විදියට දෙරණ එක්ක එකතුවෙලා අද මේ වනවිට බොහෝ ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගෙන තියෙන්නේ. ඉතින් කලා ගමන ආරම්භ කරපු දෙරණ නාලිකාව ගැන ඔහු යූ ටියුබ් මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දැක්වූයේ මේ විදියටයි.

” මම බිහි වෙන්නේ දෙරණෙන්. ඉතින් අද වෙනවිට මම දෙරණත් එක්ක අවුරුදු 16ක් විතර වෙනවා එකතු වෙලා. මට මගේ චැනල් එකෙන් උපරිම නිදහස ලබා දීලා තියෙනවා වැඩ කරන්න. මම කරපු ටෙලිනාට්‍යය ගොඩක් විකාශය වෙන්නෙ වෙනත් නාලිකාවල. ඉතින් මම රගපාපු ටෙලිනාට්‍යය කිහිපයයි දෙරණෙ විකාශය වෙන්නෙ. මට කවදාවත් ඒ වැඩ කරන්න එපා කියලා දෙරණෙන් බලපෑම් කරන්නෙ නෑ. ඒ ගොල්ලො මට ලොකු නිදහසක් ලබා දීලා තියෙනවා. දෙරණෙන් මට යන්න කියපු දවසට මම යනවා. එතකම් වැඩ කරනවා.

මට මුලින්ම දෙරණෙන් ලැබුණු පඩිය 7500යි. බෝඩිමක හිටියේ මහරගම. ඒකට 4000ක් ගෙවන්න ඕන. එක ප්‍රෝග්‍රෑම් එකක් කරනවා චැනල් එකේ. මම සාමාන්‍යයෙන් උදේට නැගිටින්නේ 11ට වගේ. එතකොට ලග රයිස් කඩයක් තිබුණා. ඒක 120යි. ඒක ගත්තම දවල්ටත් කාලා රෑටත් කන්න පුලුවන්. එක කෑමෙන් වේල් දෙකක් කනවා.”

ඉස්කෝලේ යනකාලේ ඉගෙනගන්න ආසාවක් තිබුණෙ නැතත් අම්මා ගුරුවරියක් නිසා අම්මට මොහුව ඩොක්ටර් කෙනෙක් කරන්න ඕන වුණා. ඒ නිසාම ඔහුව විද්‍යා අංශයෙන් උසස් පෙළ කරන්න ගෙදරින් පෙළඹුවා. නමුත් ඔහුගේ කැමැත්ත තිබුණේ කලාවත් එක්ක එකතු වෙන්න. ඉතින් ඒ තිබුණු ආසාව තමයි අද මේ වනවිට ඔහුව කවුරුත් දන්න ජනප්‍රිය පුද්ගලයෙක් වෙලා තියෙන්නේ. ඉතින් මේ විදියට තමයි ඔහු අදහස් දක්වලා තිබුණේ. ඉතින් ඔහුගේ ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙන්න කියා අපිත් හදවතින්ම සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

Leave a Comment