Lifestyle

අද මම තැනක ඉන්නවනම් ඒ මගේ අම්මා හින්දා – නාඩගම්කාරයෝ සුද්දා

ඒ ලෙවල් චිත්‍රපටය හරහා අති විශාල ප්‍රේක්ෂක ආදරය දිනාගන්ත කඩවසම් තරුණ රංගන ශිල්පියෙක් තමයි විරාජ් දනුශ කියන්නේ. ඉතින් මීට අවුරුදු කිහිපයකට පෙර ඔහුට ලැබුණු ආදරයට වඩා මෑතකදී ඔහුට අති විශාල පිරිසකගේ ආදරය ලබා ගන්නට හැකි වුණා. ඒ ස්වර්ණවාහිනියේ විකාශය වුණු ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වන ‘නාඩගම්කාරයෝ’ සුද්දා චරිතය තුලින්. ඉතින් අනුරාධපුර විලච්චිය ගමේ ජීවත් වුණු විරාජ් පොඩි කාලේ ඉදලා නර්තනය හදාරනවා.

ඊට පස්සේ විරාජ් ඉගෙනගත්ත පාසල වන වලිසිංහ හරිස්චන්ද්‍ර විද්‍යාලයට චිත්‍රපටයකට තෝරාගන්න එනවා. ඒකට ඔහු ඉදිරිපත් වෙලා තමයි කලා ක්ශේෂ්ත්‍රයට ප්‍රවේශ වෙන්නේ. ඉතින් ඒ විදියට තමයි විරාජ් දනූශ කලා ක්ශේෂ්ත්‍රයට යන්නේ.

ඉතින් ඒ වගේම ඔහු රංගනය කරන අනෙකුත් ටෙලිනාට්‍යය තමයි සියත නාලිකාවේ විකාශය වන රේස් ටෙලිනාට්‍යය. ඉතින් මේ ආපු ගමන තුළ විරාජ් සදහන් කරන්නේ ඔහුගේ හැම සාර්ථකත්වය පිටිපස්සෙ ඉන්නේ ඔහුගේ අම්මා කියලයි.

” අපෙ අම්මට ඕන වුණේ මාව කලාවට සම්බන්ධ කරන්න. ඉතින් ඔඩිශන් එකෙන් මම තෝරගත්ත කියනකොට මට පුදුම සතුටක් ආවේ. ඒක කෝල් කරලා කිව්වේ අම්මට. මොකද මම එතෙන්න දුන්නේ අම්මගේ ෆෝන් නම්බර් එක. මගේ සාර්ථකත්වය පිටිපස්සේ අම්ම ඉන්නවා අනිවාරෙන්.

අපේ තාත්තා අපිව දාලා ගියා. හැබැයි එයා හිටියනම් ගොඩක් සතුටුවෙයි මම අද ඉන්න තැන ගැන. මොකද අපේ තාත්තගේ ආදරෙ මට පේන්න තිබුණෙ නැති වුණාට මාව හරි තැනට ගෙනියන්නේ මගේ තාත්තා වෙන්න ඕන. තාත්තා තමයි මගේ වීරයා. ‘’

ඉතින් අවුරුදු 22ක තරුණයෙක් වන විරාජ්. මේ තරම් ලොකු ප්‍රේක්ෂක ආදරයක් ලබා ගන්නට ඔහු ලොකු වෙහෙසක් දරලා තියෙනවා කියලත් සදහන් කලා. ඔහුගේ අවසාන අරමුණ තමයි හොද ගුණාත්මක නිර්මාණ හරහා මිනිසුන් අතරට එන්න බලාපොරොත්තුවෙන් සිටිනවා කියලයි විරාජ් දනුශ ජනප්‍රිය රංගන ශිල්පියා සදහන් කරන්නේ. ඉතින් ඔහුගේ ඉදිරි වැඩ කටයුතු සියල්ල සිතන ආකාරයෙන්ම ඉටු වෙන්න කියලා අපිත් සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

Leave a Comment