Lifestyle

මට රෝහල්ගත වෙන්න වෙනවා සමාවෙන්න හිටි හැටියේම ගායක විරාජ් මුහුණු පොතට එක්කල සටහන

විරාජ් පෙරේරා කියන්නේ ලංකාවේ දක්ෂ ජනප්‍රිය ගායකයෙක් වගේම තරුණ සිත් ආකර්ෂණය කරගන්නට සමත් හඩකට හිමිකම් කියන ගායකයෙක් තමයි විරාජ් පෙරේරා. මාගේ දෑසින්, හිමින් සැරේ වගේ ලස්සන ගීත වලින් අපිව වසඟයට ගත් ගායන ශිල්පියෙකු ලෙසත් ඔහුව හඳුන්වා දෙන්නට පුළුවන්.

පසුගිය වසරක ඔහු ඉන්දියාවේ නවදිල්ලියට ගිහින් තියෙනවා. එහි ලෝකයේ ජනප්‍රියම ඉන්දියාවේ විකාශනය වු ප්‍රමුඛ රියැලිටි වැඩසටහනකට සහභාගි වීමටයි. එම රියැලිටි වැඩසටහනේ ආරාධිතයෙකු ලෙසටයි ආරාධනා ලැබුනේ. ලංකාව නියෝජනය කරමින් ප්‍රථම වතාවට තමයි අපේ රටේ ගායකයෙක් ඉන්දියාවේ මෙවැනි රියැලිටි වැඩසටහනකට සම්බන්ධ වුණේ. ඔහුට එහිදී ඉන්දියානු සංගීතවේදීන් සමඟ කටයුතු කරන්නටත් අවස්ථාව උදා වුණා.


ඔහුට එහිදී සුපිරි ඉන්දියානු සංගීත වරයෙක් වන ජයසේකරන් සින් සහ සංගීත් එක්ක කටයුතු කිරීමට අවස්ථාව උදා වුණා. තවද ඒ වෙනුවෙන් විරාජ්ට සම්මානයක් පවා ලැබිලා තියෙනවා. ඒ සම්මානය සිය මුහුණු පොතේ සඳහන් කලේ මේ ආකාරයටයි. ගායනය වෙනුවෙන් මට ලැබුණු පළවෙනි සම්මානය ඉන්දියාවෙන් ලැබුණු බවයි මුහුණු පොතේ සදහන් කරලා තියෙන්නේ. කෙසේ වෙතත් එහි දී සාරිතා ගීතයේ හිමි තනුව මෙන්ම සිද්ධාර්ථ ගෞතම ගීත වීඩියෝ සඳහා සූදානම් වන බව දැනගන්නට ලැබුණා.

මේ දිනවල ඔහු ගැන අහන්නට ලැබුණේ සුභ ආරංචියක් නම් නෙමෙයි. ඔහු කියන විදිහට ඔහුව හදිසි සැත්කමකට මුහුණ දෙන්නයි සිටින්නේ. එ ගැන ඔහුගේ මුහුණුපොතෙහි මෙන්න මේ වගේ සදහනක් තමයි කියලා තිබුණේ.

මාගේ උගුරෙ ආබාධයක් නිසා ශල්‍යකර්මයක් කිරීමට රෝහල්ගත වී ප්‍රතිකාර කිරීමට සිදු වන නිසා භාරගත් සියලු වැඩකටයුතු කල් දැමීමට සිදු වන නිසා යම් අපහසුතාවක් සිදුවී ඇත්නම් ඒ ගැන මගේ කනගාටුව ප්‍රකාශ කර සිටිමි.

ඉතින් ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු. රසික හදවත් අමන්දානන්දයට පත් කිරීමට සමත් වන මෙම තරුණ ගායක විරාජ් පෙරේරාගේ ඉදිරි සංගීත වැඩකටයුතු වගේම අනෙකුත් සියලු වැඩකටයුතු සාර්ථක වන්නට කියා අප සියලු දෙනාම සුබ ප්‍රාර්ථනා එකතු කරමු.

Leave a Comment