Lifestyle

මට අසනීප වෙලා ඉන්න කාලේ හැමදේම කළේ මගේ බිරිඳ

කඩුගන්නාවට නුදුරු කුඩා ගම්මානයක රත්නායක වෙද මහතාට දාව උපන් වික්ටර් රත්නායක කුඩා කල සිටම සංගීතමය පසුබිමක හැදී වැඩුණු පුද්ගලයෙකි. සිය පියාගේ නූර්ති ගී ගායනයට ළැදි බවක් දැක්වූ වික්ටර් රත්නායකයන් නව හැවිරිදි වියේදී පියා තෑගි කළ හාර්මොනියම ඔහුගේ පළමු වාද්‍යය භාණ්ඩය විය. මුල් කාලයේ සංගීතඥ සිරිල් පෙරේරා මහතාගේ යටතේ වාදනය සහ ගායනය හැදෑරූ වික්ටර් රත්නායකයන් එවකට රාජ්‍ය සංගීත විද්‍යාලය ලෙස හැඳින්වූ වර්තමාන සෞන්දර්ය කලායතනයෙන් පසු කාලීන අධ්‍යාපනය ලැබීය.

එසේම ලංකා ගුවන් විදුලි සංස්ථාව ඔස්සේ සිය ප්‍රථම ගීතය ප්‍රචාරය කළා. ඉන් පසු මොහු අධ්‍යාපන අමාත්‍යාංශයට සම්බන්ධ වූයේ සංගීත උපදේශකවරයෙකු වශයෙනි. ඉන් පසු ප්‍රේමකීර්ති ද අල්විස්, සුනිල් ආරියරත්න, කේ ඩී කේ ධර්මවර්ධන, ආර් ආර් සමරකෝන්, බණ්ඩාර කේ විජේතුංග යන සමකාලීනයන්ගේ ඉල්ලීම සලකා ස ප්‍රසංගය ආරම්භ කළේ ය. මෙලෙස සංගීතයට දිගු ඉතිහාසයක් ඇති වික්ටර් රත්නායකයන් ලංකාවේ සංගීත ක්ෂේත්‍රය තුළ සිටින ප්‍රවීණයන් අතලොස්සෙන් ප්‍රමුඛයෙක් විය.
වර්තමානයේ කොතෙකුත් නවීන ගීත පැමිණියද මිනිස්සුන්ගේ ආදරය ලැබෙන්නේ වික්ටර් රත්නායකයන් වැනි මහා සංගීතඥයන්ගේ ගීත වලටයි. ඒවා අදටත් මිනිසුන්ගේ සිත්හි පවතින්නේ එහි ඇති සැබෑ ම සැබෑ ම රසය නිසයි. දශක ගණනාවක් තිස්සේ ඔහු තැනූ ගීත තරුණ වැඩිහිටි කොයි කා අතරත් අතිශය ජනාදරයට පත් වුණා. අදටත් ඒ මහා අපූර්ව හඬට සුවහසක් රසකාමීන් දක්වන්නේ අසීමිත ඇල්මක්.

කොතරම් ගීත පැමිණි යත් එම ගීතයෙහි ඇති නවමු රසය කිසිවකුටත් ගෙන නො හැකියි. මෙරට කිසි දා නො මැකෙන කලාකරුවන් අතරින් වික්ටර් රත්නායකයන් සිටින්නේ ඉහළතම ස්ථානයක.
මෙම මහා ගායකයාණන් ට ඔහුගේ සංගීත ගමනේ පටන් ගැන්මේ සිට අවසානය දක්වා ම එක සේ ම යෝජනා චෝදනා නින්දා අපහාස පැසසුම් මේ සියල්ලම හිමි වෙනවා. එය ඔහුට පමණක් ආවේණික දෙයක් නොවන අතර සියලු ම දෙනාට මෙය පොදු වූ කරුණකි.


ගීතවලින් අනුපමේය වින්දනයක් ප්‍රේක්ෂකයන්ට ලබා දුන් වික්ටර් රත්නායකයන්ගේ පුත්‍රයන් වන ලෙලුම් රත්නායක සහ ජයන්ත රත්නායක කියන පුද්ගලයන් සංගීත ක්ෂේත්‍රය තුළ ඉතාමත් ප්‍රසිද්ධ පුද්ගලයන් බවට පත් පත් වෙලා සිටිනවා. නමුත් ඔහුගේ එක් පුත්‍රයෙක් වන ජයන්ත රත්නායකයන් මේ වන විට මෙලොවෙන් සමු අරන්.

කාලයක් ගිය විට බිරිඳගේ වියෝවෙන් පසු තම ජීවිතයට වෙනත් කෙනෙකුගේ සහයක් අවැසි බව වටහා ගත්තා. එවිට මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ගීත පිළිබඳව කතා කළ ඔහුගේ දෙවැනි විවාහය සමාජ මාධ්‍ය කැලඹුවා. මෙය පුද්ගලයන් විවිධ ලෙස විවේචනය කළා. ඒ කෙසේ වෙතත් විවිධ විවේචනයන් හමුවේ වික්ටර් රත්නායකයන් දෙවැනි බිරිඳ විවාහ කර ගත්තා.
එයට ප්‍රධානතම හේතුව වන්නේ වික්ටර් රත්නායකයන් සහ ඔහුගේ දෙවැනි බිරිඳගේ වයස් පරතරයේ ඇති වෙනස නිසයි. මෙය මිනිසුන් දකින්නේ විවිධාකාර වූ දෘෂ්ටිකෝණයන් ඔස්සේ.

පසුගිය දිනවල රත්නායකයන් අසනීප වී සිටි අතර ඔහුගේ සෙවණැල්ල වාගේ සෑම ඕනෑ එපා කම් වැඩ කටයුත්තක් ම සිදු කළේ මෙම බිරිඳ විසින්. ඉතින් ඔහු ඇය පිළිබඳව මෙලෙස සඳහන් කළා.
අසනීපයෙන් හිටපු පසුගිය දවස් කිහිපයේ ගොඩක් දෙනෙක් මට දුරකථන ඇමතුම් දීල මා ගැන හොයලා බැලුවා. ගොඩක් දෙනෙක් මට ආශීර්වාද කරලා තිබුණා. ඒ වගේම සමාජ මාධ්‍ය තුළත් ගොඩක් දෙනෙක් ආශිර්වාද කරලා තිබුණා. ඒ හැම දෙයක්ම මට ඇහෙන්න මගේ බිරිඳ කිව්වා.


වික්ටර් රත්නායකයන්ගේ ගේ වයස සහ අසනීප තත්ත්වය බැලූ විට ඔහුට වෙන කෙනෙකුගේ සහය අවශ්‍යයි. ඉතින් ඔහු සිතන ආකාරයට ඔහු සොයා ගෙන තිබෙන්නේ එයට ගැළපෙන ම සහ සුදුසු ම කෙනා. ඉතින් ඔහු පසුගිය දවස් වල අසනීප තත්ත්වයෙන් සිටින විට ඔහුගේ සෑම කටයුත්තක් ම සිදු කරන්නට ඔහුගේ සෙවණැල්ල වී සිටියේ මෙම බිරිඳයි.
වයස් පරතරය විවාහයට කිසිම බාධාවක් නොවෙන බැව් ඔප්පු කර පෙන්වූ විකටර් රත්නායකයන් සහ ඔහුගේ බිරිඳ සතුටින් කාලය ගත කරනවා. ඉතින් වික්ටර් රත්නායකයන්ට සහ බිරිඳගේ සියලු ම වැඩ කටයුතු වැඩකටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියා අපි හදවතින් ම සුබ ප්‍රාර්ථනා එක් කරමු.

Leave a Comment