Lifestyle

මගේ රස්සාව එක්ක මට මුලු ඇඟම වහගෙන ඉන්න බැහැ ලංකාව හැර ගිය විද්‍යා කලකට පසු කී කතාව

විද්‍යා මධුශංකනී කියන නම කෙනෙකුට නුහුරු වෙන්න පුළුවන්. ඒ වුණත් ඇයගේ රුව බොහෝ දෙනකුට අමතක වෙන්න වෙන්නනම් විදිහක් නැහැ. ටෙලිනාට්‍ය කිහිපයකින් දැකගන්න ලැබුන විද්‍යා මේ වෙද්දි රංගනයට සමුදීලා විදෙස් රටක තමයි ජීවත් වෙන්නේ. අවුරුදු 5ක් තිස්සේ ඕස්ට්‍රේලියාවේ සැමියා එක්ක ජීවත් වෙන විද්‍යා දැන් කාය වර්ධන උපදේශකවරියක්. ඉතින් අපි විද්‍යා ගැන තමයි දැන් කියන්න යන්නේ.

ඇය ඕස්ට්‍රේලියාවේ ජීවිතේ ගැන හරිම සතුටින් තමයි ඉන්නේ. ජීවිතය හරිම සුන්දර විදිහට ඕස්ට්‍රේලියාවේ ගෙවිලා යනවා. විද්‍යා කියන්නෙ ලංකාවෙ හිටියට වඩා ඇය ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙනවා වගේ හැඟීමක් එනවා කියලා. ලංකාවේ ජීවත් වෙනකොට හරියට හිර වෙලා ජීවත් වෙනවා වගේ නමුත් ඕස්ට්‍රේලියාවේ සැමියා හා දරුවා එක්ක සතුටින් ජීවත් වෙනවා කියල තමයි ඇය කියන්නේ. ඇය විවාහ වී තිබෙන්නේ ලක්මාල් ජයසුන්දරත් එක්ක. ඔව් ඉස්සර සූපවේදියෙක් වුණාට දැන් වාහන විකුනුම් ව්‍යාපාරයක් කරන කෙනෙක්. ඒ වගේම විද්‍යාගෙත් ලක්මාල්ගෙත් පුංචි පුතා තමයි ආචී ඉවෝන්. පුතාගේ වයස අවුරුදු එකහමාරයි.

විද්‍යා රංගනයෙන් ඉවත්වෙලා ඔස්ට්‍රේලියාවට ගිහින් තියෙන්නෙ 2016 වර්ෂයේ. මේ වෙනකොට ඇය ටෙලි නාට්‍යය 34 ක විතර රඟපාලා තියෙනවා. චිත්‍රපටි නම් සුළු ප්‍රමාණයක තමයි රංගනයෙන් දායක වෙලා තියෙන්නේ. ඇය කලාවට ප්‍රවිෂ්ට වෙන්නේ අමරදේව මාස්ටර්ගේ ගීතයක රූප රචනයකින්. ඊට පස්සේ එකින් එක නිර්මාණවලට ආරාධනා ලැබිලා නිළියක් හැටියට පිවිසෙන්නේ එතකොට තමයි. ඇය 1999 තමයි කලාවට සම්බන්ධ වෙන්නේ.

නැවත ලංකාවට ආවත් දිගු කාලයක් ජීවත් වෙන්න නම් හිතක් නෑ කියල තමයි විද්‍යා කිව්වේ. ඒ නිසා ලංකාවේ නැවත නිර්මාණවලට නම් සම්බන්ධ වෙන්න හැකියාවක් නෑ. නමුත් ඕස්ට්‍රේලියාවේ රූගත කිරීමක් සිදු කළොත් එයට සහභාගීවෙන්න ඇය බලාපොරොත්තුවෙන් ඉන්නවා.
ඇය ලංකාවේ සිටින කාලයේ රංගනයෙන් දායක වුණ චරිත පිළිබඳව එතරම් පැහැදීමක් නම් තිබුණෙ නැහැ. ඒ මොකද ඇයගේ පෙනුමට සරිලන චරිත නොලැබුණු නිසා. බොහෝමයක් ඇය අම්මගෙ චරිතය තමයි රංගනයෙන් දායක වෙලා තියෙන්නේ. ඒ වගේම ඇය රංගනයෙන් දායක වුණ නිර්මාණවල මුදල් ඉල්ලන විට හරියට ණයට ගන්නවා වගේ කියලා නිසා ඇයට හරි අපහසුයි. ඉතින් මේ දේවල් එක්කම සැමියා එක්ක ඕස්ට්‍රේලියාවේ පදිංචි වෙලා පවුල් ජීවිතය රැකගන්න එක වැදගත් කියලා හිතුන නිසා විද්‍යා ඕස්ට්‍රේලියාවට ගියා. විද්‍යාගේ සැමියා ඇයට කිසිම දේකට වාරණ දාලා නෑ.
ඇය කාය වර්ධන උපදේශකවරියක් වීමේ මූලික අඩිතාලම ගැන මෙහෙමයි කිව්වේ. මුල් කාලේ ඇය කිලෝ අසූවක් විතර බර තිබුනලු. ඒ කාලෙ නම් හරිම තරබාරුයි. ඒ නිසාම ජිම් ගිහිල්ලා ඇගේ ඇතුලේ හිටපු විද්‍යාව හඳුනා ගන්නට ඇයට හැකි වුණා. සැමියාගේත් කිසිම අමනාපයක් නොතිබුන නිසා ඇය මෙසේ මේ ක්ෂේත්‍රය පිළිබඳව වැඩිදුර ඉගෙන ගන්න තීරණය කලා. ඊට පස්සේ තමයි ඇය ඒ ගැන ඉගෙන ගෙන උපදේශකවරියක් බවට පත්වුණේ. තවමත් ඇය ඒ පිළිබඳව ඉගෙන ගන්නවා. ඕස්ට්‍රේලියාවේ ඒ සඳහා අවස්ථාව ලැබෙන්නේ ඉගෙනගෙන තියෙන මට්ටමට අනුව.

විද්‍යා කියන විදියට ලංකාවේ ඉන්නවට වඩා ඕස්ට්‍රේලියාවෙ ඉන්න විට සල්ලි මහන්සි වෙලා හොඳට හම්බ කරන්න පුළුවන් කියලා. ඒ වගේම හිතෙන හිතෙන වාහන ගන්නත් මූල්‍ය ප්‍රශ්නයක් ඇතිවෙන්නේ නෑ. තමන්ගේ තියෙන ඉලක්ක ලෙහෙසියෙන් සපුරා ගන්න පුළුවන් කියලයි ඇය කියන්නේ. ඒ වගේම විලාසිතාවන් ගැන කතා කරද්දි ලංකාවේ කොටට ඇඳගෙන ගියත් කීදෙනෙක් හැරි හැරී බලනවද. නමුත් ඕස්ට්‍රේලියාවේ තමන්ට කැමති විදිහට අඳින්න පළදින්න පුළුවන්. මොකද එහෙ මෙහෙ වගේ ඕපදූප හොයන අය නැති නිසා කියල තමයි විද්‍යා කියන්නේ. සැමියාගේ කිසිදු තහනමක් නැති නිසා තමන්ට ගැලපෙන විලාසිතා කරන්න විද්‍යාට පුළුවන්. අනිත් එක තමයි විද්‍යාගේ රැකියාව හැටියට ඇයට ඇඟ වැහෙන ඇඳුම් අඳින්න බෑ.

ඇය ඕස්ට්‍රේලියාවෙ හිටියත් තවමත් ඇගේ ටෙලි නාට්‍ය බලන ප්‍රේක්ෂකයන් ඇයට මුහුණු පොත ඔස්සේ කෙටි පණිවිඩ එවනවා කියලා ඇය කියනවා. ඒ ගැන ඇය ගොඩාක් සතුටින් සහ ආඩම්බරයෙන් තමයි ඉන්නේ. ඉස්සර විකාශය කරපු ටෙලි නාට්‍යය දැන් නැවත පෙන්වන විට ප්‍රේක්ෂකයාට ඇයව නැවතත් මතක් වෙනවා. ඒ වාගේම විද්‍යාට ගායන හැකියාවත් තිබෙනවා. ඉස්සර කොපි චැට් එකට ආරාධනා ලැබුණම ඇය ගීත ගායනා කරනවා. ඊට පසුව ඇය ගීතයක්ද කරලා තියෙනවා. පද රචනය ඇය විසින් කරන අතරේ සංගීතය රොෂාන් ප්‍රනාන්දු කරල තියෙන්නෙ. එම ගීතයේ රූප රචනය ඔස්ට්‍රේලියාවේදී තමයි කරන්න හිතන් ඉන්නේ.
ඉතින් දැන් ලංකාවේ නැතැත් ඔස්ට්‍රේලියාවේ සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන විද්‍යාට සහ පුංචි පවුලට අනාගත වැඩකටයුතු සියල්ලක්ම සාර්ථක වෙන්න කියලා අපි හදවතින්ම සුබ ප්‍රාර්ථනා එක් කරමු.

Leave a Comment