Lifestyle

“ඒ සිංහවංශ රජ පවුලෙන් තමයි අපි ආවේ” උමාරා සිංහවංශ

ලංකාවේ ගායිකාවන් තුලින් අපිට දැකගත හැකි පෞරුෂය වැඩිම ගායිකාව, ඒවගේම වෙනස්ම හැඩතලයක් ගන්න ගායිකාවක් ගුරුවරියක් වගේම තරග විනිශ්චයවරියක වශයෙන් උමාරා සිංහවංශ ව හදුන්වා දෙන්න පුලුවන්. උමාරා සිංහවංශ කියන චරිතය බොහෝ දෙනා හදුනාගන්නට පටන් ගන්නේ භාතිය සහ සන්තුෂ් සමගින් එක්ව ගීත ගායනා කරපු ගායන ශිල්පිනියක් වශයෙන්. ඒත් එක්කම ඇයගේ කටහඩ ලාංකිකයන් හට අසන්නට හැකියාවක් ලැබෙනවා පසුබිම් ගායන ශිල්පිනියක් විදියට. ඒ වගේම අද වන විට ඇය විනිසුරුවරියක් විදියටත් බොහෝ දෙනා අතර කතාබහට ලක් වෙනවා. ඒ දෙරණ නාලිකාවේ රියැලිටි වැඩසටහනක් වන දෙරණ ඩ්‍රීම් ස්ටාර් වැඩසටහනේ නිල විනිසුරුවරියක් විදියට වැඩ කටයුතු කරන්නේ.

ඉතින් ඒ වගේම ඇගේ ආදරණීය සහෝදරිය තමයි උමාරියා සිංහවශ කියන්නේ. උමාරා ජනප්‍රියත්වයේ හිණි පෙත්තටම ගිය ගීතයක් තමයි වස්සානයට අත වනලා ගීතය. බොහෝ දෙනාගේ ආදරය ලැබුණු ගීතයක් තමයි මේ ගීතය. ඒ අතරතුර ඇයට විදේශ ගත වෙන්නටද සිදු වෙනවා. ඒ ඇයගේ විවාහයත් සමගින්. 2010 දී වස්සනාය ගීතය රිලීස් කරනවා. ඇය විවාහ වන්නේ 2011 දී. ඇය ඒ වනවිට භාතිය සංතුෂ්ලගේ ස්ටූඩියෝ එකේ ඕඩියෝ ඉන්ගිනියර් කෙනෙක් හැටියටත් ගායිකාවක් ලෙසටත් මේ කාලයේ වැඩ කලා. ගොඩාක් කාර්‍යබහුල ජීවිතයක් ගත කලා. නමුත් උමාරාගේ විදේශගත වීමත් එක්ක ඒ ඇතිවුණු හිඩස පුරවන්නට උමාරාගේ සහෝදරිය උමාරියා සංගීත ක්ශේෂ්ත්‍රයට පිවිසෙනවා. ඒ සිංහවංශ නාමය සංගීත ක්ශේෂ්ත්‍රය තුල නැති වෙන්න දුන්නෙ නැහැ. ඇය විදේශ ගතවීම තුලින් ඇගේ ජනප්‍රියත්වය අඩු උනේනම් නැහැ.

මේ වන විට ඇයටත් විශාල ප්‍රේක්ෂක ජනතාවක් වගේම රසික හිතවතුන් ගණනාවක් සිටිනවා. ඉස්සර උමාරියා ගායිකාවක් වෙන්න හිටපු කෙනෙක් නෙමෙයි. ඉතින් ඇය ඒ ක්ශේෂ්ත්‍රයට ඇතුල් වුණ එක ගැන උමාරා අක්ක විදිහට ගොඩක් සතුටුයි. මොවුන්ගේ අම්මා සහ තාත්තා සියලුම දෙනාත් සංගීතය තුලින් සම්බන්ධ වුණ දෙමාපියන්. ඉතින් මොවුන්ගේ පවුලේ සියලුම දෙනා සංගීතයත් එක්ක සම්බන්ධ පවුලක්.

උමාරා ප්‍රථමයෙන් සිංහවංශ යන නාමය තබා එයට නංගි වන උමාරියාගේ සහාය ලබාගෙන දෙදෙනාම සංගීත ක්ෂේත්‍රය තුළ ඉතා දිගු ගමනක් යන ගායිකාවන්. කස්තුරි සුවදට ගීතය තවමත් ප්‍රේක්ෂකයන්ගේ හදවතේ රැදී තිබෙනවා. දෙරණ ඩ්‍රීම් ස්ටාර් වේදීකාවේ විනිසුරුවරියක් හැටියට ඇය ගොඩක් ආඩම්බර වෙනවා අනාගත ගායක පරපුර ගැන. ඇය සදහන් කරන ආකාරයට ඇය ලොකු පිනක් කරල තියෙනවා ජීවිතයේ මේ නවකයන්ගේ දක්ෂතා දැකීම සම්බන්ධයෙන්.

භාතිය සහ සන්තුෂ් සමඟ තමයි උමාරා මුලින්ම ක්ශේෂ්ත්‍රයට පිවිසෙන්නේ. ඇගේ ගමනේ මුල් අයිතිකාරයෝ ඔවුන් දෙදෙනා තමයි. වස්සානයට අත වනලා ගීතය අමිල දිල්හාන් තමයි ඇය වෙනුවෙන් හදන්නේ. ඉතින් ඒ සම්බන්ධව උමාරා ගොඩක් ණයගැතියනි ඔහුට. උමාරා ගොඩක් උත්සහ කලේ අන්තර්ජාතිකව සංගීතය තුලින් යන්න. උමාරා නංගිත් එක්ක ජාත්‍යන්තර ගායනා තරඟාවලියකට ගියා. ඒක දිනලා ලංකාවට ආපු මේ සහෝදරියන් දෙදෙනා උණුසුම් විදියට පිලිගත්තා සහ ඔවුන්ගේ සංගීත ක්ශේෂ්ත්‍රය තුළ නම හදාගන්න පුලුවන් වුණා.

උමාරගේ ජීවිතේ සතුටින් පවුලත් එක්ක ජීවත් වෙන්න තමයි සතුට තියෙන්නේ. සිංහවංශ කියන නාමය ආවේ කොහොමද කියල උමාරියා කිවුවේ මෙහෙමයි.

“ඉන්දුනීසියාවේ රජ කෙනෙක් හිටියා සිංහවංශ කියලා. මේ පවුල රටෙන් පිටුවහල් කලා විවිධ රටවලට. ඊට පස්සෙ ලංකාවට ආවට පස්සෙ තමයි ඒ රජ පවුලෙන් තමයි අපි ආවේ.”

උමාරා යටතේ ලොකු ගෝල පිරිසක් ඉන්නවා. ඔවුන්ට ගුරුහරුකම් දීලා යහපත් ගායිකාවන් සමාජයට දායාද කරන්නට ඉන්න ගායන ගුරුවරියක් ලෙස ඇය වැඩ කටයුතු කරනවා. ඉතින් ඇයගේ ගායන ජීවිතය වගේම ඉදිරි වැඩ කටයුතු සාර්ථක වන්නට අපි හදවතින්ම සුබ ප්‍රාර්ථනා එක් කරමු.

Leave a Comment