Lifestyle

ගොඩක් අය හිතන්නේ මේ සල්ලි හෙවුවේ වැරදි කරල කියලා

අද කතා කරන්න යන්නෙ හීන පස්සෙ කිරිල්ලියක් වගේ පියඹා ගිහින් හීන වලින් ජීවිතය ජය ගත්ත හරි පුදුම චරිතයක් ගැන. එයා නමින් ත්‍රිකලා ධරණි. ත්‍රිකලා ධරණි කියන්නෙ නිරූපණ ක්ෂේත්‍රය උඩු යටිකුරු කල කෙනෙක්. ඇය 2017 වසරේ මිසිස් ශ්‍රී ලංකා යුනිවර්ස් පැජන්ට් එකේ කිරුළ ලබා ගත්තා. නිරූපණ ක්ෂේත්‍රය තුළින් ඇය ජීවිතයේ තිබුණු එකම හීනය හැබෑකරගත්තේ කොහොමද කියලා අපි බලමු.

ඇය නමින් ත්‍රිකලා දරණි. අධ්‍යාපනයට ඉතා දක්ෂ ඇය විභාගයෙන් ඉහළින් සමත් වුණු කෙනෙක්. අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙන් A 10 ක්ද අපොස උසස් පෙළ විභාගයෙන් විද්‍යා අංශයෙන් A 2 B 1. මේ විදියට ප්‍රතිඵල තියෙන විට අපි කොහොමද ඇය ඉගෙනීමට දක්ෂයි කියලා නො කිය ඉන්නේ.

ඉන් පසු ගුවන් සේවිකාවක් වුණු ඇය නිරූපණ ක්ෂේත්‍රයට පිවිසෙන්නෙ ඇගේ එකම හීනය සැබෑ කරගන්නයි. ඇය ඉතා විශාල ක්ෂේත්‍ර කිහිපයක උරුම කම් කියන චරිතයක්. නිරූපිකාවක්, රූප රාජිනියක්, ගුවන් සේවිකාවක්, එයා ක්‍රාෆ්ට් එන්ජිනියර් වගේම විශාරදවරියක්.

මෙලෙස විවිධ භූමිකාවන් නිරූපණය කරන මෙම ත්‍රිකළා ධරණී ඉතා ධෛර්ය සම්පන්න වගේම හරිම උත්සාහවන්ත කෙනෙක්. ඇයගේ කුඩා කල සිටම හීනයක් තිබුණා රෝස පාට රේන්ජ්‍රෝ වාහනයක් තමන්ගේ ම මුදලින් මිල දී ගැනීමට.

අධ්‍යාපනය හදාරන කාලයේ එය සිහිනයක් ව තිබුණ ද නිරූපණ ක්ෂේත්‍රය තුළින් දිගු ගමනක් ගිය ඇයට සිහින සැබෑ කරගැනීමට එතරම් අසීරු වූයේ නැත. ඇය නියෝජනය කරන නිරූපණ ක්ෂේත්‍රය පිළිබඳ ව දැඩි විශ්වාසයකින් පසු වන චරිතයක්. කුඩා කලසිටම වාහනවලට කැමැත්තක් දැක්වූ ත්‍රිකලා කාමරයෙහි බිත්ති වල පවා රූප ඇලවුවේ එය ඇගේ සිත් හි පැවති එකම ඉලක්කයක් නිසා.
පොඩි කාලේ ඉදලම හීන සමග පොර බැඳි ඇය හීන තුලින් ම ජයග්‍රහණය කල කෙනෙක්. නිරූපණ ක්ෂේත්‍රයේ හරියාකාර ව සිට ඒ තුලින් ජීවිතය ජය ගත හැකි බවයි ඈ පවසන්නේ. අදාළ ක්ෂේත්‍රය තුළ නිසි දැනුම ලබාගෙන සමාජ අවබෝධය ඇතිව නිරූපණ ක්ෂේත්‍රය තුළ කෙනෙක්ට දිගු ගමනක් යා හැකි බව ඇය පවසනවා. ඒ මොකද ඇය ද මේ ලක්ෂණයන් දෙකම සම්පූර්ණ කර ඇති නිසා. ඇගේ ජීවිතයේ ලබපු අත්දැකීම් තුලින් ඇය නිරූපණ ක්ෂේත්‍රයට පිවිසෙන නවකයන්ට මේ ඉලක්කයන් සපුරා ගෙන අඩිය තිබිය යුතු නිවැරදි ම මාර්ගය මේ බව කියනවා.

තෝරා ගත් ක්ෂේත්‍රයේ නිසි ප්‍රතිඵලයක් ලබා ගත් කෙනෙකු එහි වටිනාකම එහි ඇති දුබලතාවයන් මොනවාද යන්න හොඳාකාරව ම දන්නවා. ඉතින් මේ ත්‍රිකලා ධරණී ද නිරූපණ ක්ෂේත්‍රය පිළිබඳ ව නිසි අවබෝධයක් ඇති කෙනෙක්.නිරූපණ ක්ෂේත්‍රයට වර්තමාන සමාජය වටිනාකමක් නො දී හෑල්ලු කලාට කේෂ්ත්‍රය පිලිබදව හරි විදියට දන්න කෙනෙක් එහි ඇති සැබෑ අරුත දන්න බව ත්‍රිකලා දරණිගේ මතයයි.


ඉතින් තමන්ගේ ම සල්ලි වලින් මෙවැනි වටිනාකමක් ඇති වාහනයක් මිලට ගැනීමට හැකි වීම ඇගේ උත්සහයේ සාර්ථකත්වයයි. ඉතින් හීන පස්සේ ගිහින් ජීවිතය සහමුලින්ම දිනපු කෙනෙක් තමයි ඇය. ඇයගේ කතාවෙන් අපිට ගන්න තිබෙන ලොකු ම ආදර්ශය තමයි ජීවිතයේ හීන ඉලක්ක තියෙන්න ඕන කොතරම් බාධක ආවත් ඒවාට නො සැලී මුහුණ දෙන්න අවසානයේ ඔබට කෙනෙක්ට බරක් නොවී ඔබේ හීන සියල්ල ජය ගත හැකියි.

Leave a Comment