Lifestyle

දුවෙක් ගොඩක් පරිස්සම් කරන්න ඕනැනේ, ඒ නිසා මම ප්‍රාර්ථනා කලේ පුතෙක්ව, ඉතින් මට පුතෙක් ලැබුණා – තරුෂි පෙරේරා

පුංචි තිරය තුල මේ දිනවල අම්මගේ චරිතය තුලින් නිතරම දකින්න ලැබෙන ඒ අහිංසක අම්මා තමයි තරුෂි පෙරේරා කියන්නේ. ඉතින් ඇය රංගනය කරන ටෙලිනාට්‍යය කිහිපයක්ම මේ දිනවල අපිට දැකගන්න ලැබෙනවා. දෙරණ නාලිකාවේ විකාශය වන ‘දෙවෙනි ඉනිම’ කියන්නේ කවුරුත් ආදරය කරන ඒ වගේම කවුරුත් දන්න ටෙලිනාට්‍යයක්. එහි ආක්ෂගේ අම්ම විදියට අපි අතරට එන්නේ තරුෂි පෙරේරායි.

ඒ වගේම සිරස නාලිකාවේ විකාශය වන ‘නීල පබළු’ නාට්‍යයේ කුරුලුගේ අම්මා විදියට ඇය රංගනයෙන් දායක වෙනවා. ඉතින් ඒ විතරක් නෙමෙයි ඇගේ අලුත්ම ටෙලිනාට්‍යයක් වන ‘විසේකාර හාදුවක්’ ටෙලිනාට්‍යය සියත නාලිකාවේ මේ දිනවල අපිට දැකගන්න පුලුවන්. ඉතින් ආදරණීය අම්මා චරිතය තමයි තරුෂි මේ හැම තැනකදිම රග දක්වන්නේ.

ඉතින් තරුෂි පෙරේරා පුංචි තිරයේ වගේම වේදිකා නාට්‍යය ක්ශේෂ්ත්‍රය තුල අපිට දැකගන්න ලැබුණා. ඒ ‘වෙලාව කීයද’ වේදිකා නාට්‍යයේ. ඉතින් දැන් විතරක් නෙමෙයි තරුෂි පුතා ලැබෙන්න කලිනුත් අම්මගේ චරිතය රංගනය කරලා තියෙනවා. ඉතින් කාලයත් එක්ක රංගන ශිල්පිනියක් විදියට අපි දැකපු තරුෂි මේ වෙද්දි ඇගේ පිටපත් රචනයක් එක්ක අධ්‍යක්ෂණයට යොමු වෙලා. ඉතින් එය ඇගේ ජීවිතයේ ලබපු හීනයක් තමයි. ඉතින් ඒ නිර්මාණය තමයි ‘රෑනගල වලව්ව’.

ඉතින් තරුෂිගේ අරමුණ විදියට ඇය සදහන් කරන්නේ බබාගේ වැඩ කටයුතුත් එක්ක කලාවට හොදම දෙයක් කරන්නයි. ඒ වගේම ඇය පසුගිය දවසක පුවත් පතක් සමගින් ඇගේ තොරතුටු හුවමාරු කරගෙන තිබුණේ මේ විදියටයි.

” විසේකාර හාදුවක් ටෙලිනාට්‍යයේ අම්ම කියන්නේ දරාගැනීම අතින් ඉහලම ඉන්න කාන්තාවක්. ඉතින් මොකද ඒකේ ඉන්නෙ දුවලා තුන් දෙනෙක්නේ. දුවලා ඉන්න ගෙදරක අම්මා කෙනෙක් තනි වෙද්දී මට බයක් දැනෙනවා. මොක්ද දුවලට වගකීම් තියෙනවනෙ ඉටු කරන්න. මගේ පෞද්ගලික ජීවිතේනම් මේ ගැන කතා කරන්න අත්දැකීම් නෑ. මොකද මට ඉන්නෙ පුතෙක් නිසා.

මම මගේ ඇත්ත ජීවිතේ බලාපොරොත්තු වුණේ පුතෙක්. අද සමාජය එක්ක බලනකොට මම පෞද්ගලිකව බය උනා දුවෙක් ලැබෙනවට. දුවෙක් ලැබුණොත් ගොඩක් ශක්තිමත් වෙන්න ඕන. ශක්තිමත් නොවී අහිංසක දුවෙක් වුණොත් තමයි බය. මොකද එහෙම කෙනෙක් ගොඩක් පරිස්සම් කරන්න ඕනනේ. ඒ නිසා මම ප්‍රාර්ථනා කලේ පුතෙක්”

ඉතින් මේ විදියට තමයි තරුෂි පෙරේරා අදහස් දක්වලා තිබුණේ. ඇගේ ඉදිරි වැඩ කටයුතු සියල්ලම ඒ විදියටම සාර්ථක වෙන්න කියලා අපි හදවතින්ම සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

Leave a Comment