Lifestyle

රංජන් අයියා අපේ ගමේ, එයාව අපේ තාත්තා එහෙම හොදට අදුරනවා – තරින්දි ප්‍රනාන්දු

‘රැල්ල වෙරළට ආදරෙයි’ ටෙලිනාට්‍යය කියන්නේ හිරු නාලිකාවේ මේ දිනවල විකාශය වන ජනප්‍රිය ටෙලිනාට්‍යයක්. ඉතින් මේ ටෙලිනාට්‍යයේ වෙනස්ම චරිත රංගනයකින් අපිට දැක ගන්න ලැබෙන ඇය තරින්දි ප්‍රනාන්දුයි. තරින්දි ප්‍රනාන්දු කියන්නේ නව පරපුරේ ඉන්න දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක්.

ඉතින් තරින්දිගේ ප්‍රථම සිනමා අත්දැකීම තමයි මේ දිනවල අතිශය ජනප්‍රිය චිත්‍රපටයක් වන ‘ද ගේම්’ චිත්‍රපටය. ඉතින් මෙහි ප්‍රධාන චරිත නිරූපනයකට දායකවෙන්න අවස්ථාව ලැබුණු තරින්දිගේ කලා ජීවිතය ද ගේම් නිසා ගොඩක් සාර්ථකව වෙනස් වුණා. ඉතින් ඇය ඇගේ නවතම සිනමා අත්දැකීම ගැන මේ විදියටයි රූපවාහිනී වැඩ සටහනකදී අදහස් දක්වලා තිබුණේ.

” ද ගේම් කියන්නෙ මගේ ජීවිතේ වෙනස් කරපු චිත්‍රපටයක්. ඉතින් මේ චිත්‍රපටයට මට ආරාධනා කරනකොට මම දැන ගෙන හිටියේ නෑ මේකේ ප්‍රධාන චරිතය රංජන් රාමනායක අයියා කරනවා කියලා. ඉතින් ඒ නිසා මට ලොකු සතුටක් ඒ වගේම ඒක මගේ වාසනාව. ඉතින් මම ආසාවෙන් ද ගේම් චිත්‍රපටයට සම්බන්ධ වුණා. රංජන් අයියා අපේ ගමේ. අපේ තාත්තා එහෙම එයාව හොදට අදුරනවා. ‘’

ඉතින් තරින්දි කියන්නේ ඇයට ප්‍රධාන චරිතය දෙන්න අධ්‍යක්ෂකවරු බයයි කියලා. මොකද ඇය තවම ක්ශේෂ්ත්‍රයේ ප්‍රවීන කෙනෙක් නොවන නිසා. ඉතින් ප්‍රේක්ෂක ආදරය අඩුවක් නැතුව ලබන කෙනෙක් විදියට තරින්දි ප්‍රනාන්දු මේ වන විට රසිකයන් අතර ඉතා ජනප්‍රියයි. ඉතින් ඇගේ ඉදිරි වැඩ කටයුතු සියල්ලම ඇය හිතන පතන විදියටම ඉටු වෙන්නට අපිත් සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

Leave a Comment