Lifestyle

මට මගේ පෙම්වතාව හම්බවෙන්න වෙලාවක් නෑ, ඒ තරමටම වැඩ – ටීනා ශනෙල්

නිරූපණ ක්ශේෂ්ත්‍රය තුලින් කලාවට ඇවිත් රංගනය තුලත් කැපී පෙනෙන චරිතයක් විදියට ටීනා ශනෙල් හදුන්වා දෙන්න පුලුවන්. ඉතින් ඇය නිරූපණ ශිල්පිනියක් විදියට ෆොටෝ ශූට් ගණනාවකට්ම සහභාගි වෙලා තියෙන කෙනෙක්. ඒවගේම රංගන ශිල්පිනියක් විදියට මේ දිනවල ටීනාව අපිට දැක ගන්න පුලුවන් හිරු නාලිකාවේ සති අග රාත්‍රීයේ විකාශය වන ‘ සිහින ගෙනෙන කුමාරියේ ‘ ටෙලිනාට්‍යය තුලින්.

ඉතින් ටීනා කියන්නේ ඇය යම් කිසි වැඩකට දායක වුණොත් ඒ වෙනුවෙන්ම් කැප වෙලා වැඩ කරන කෙනෙක් කියලයි. සරාගී විලාසිතාවලින් සැරසෙන ටීනා මියුසික් වීඩියෝ වල රූප රචනා සදහාත් ඇය සහභාගි වෙනවා. ඒ වගේම මේ ක්ශේෂ්ත්‍රයට එන්න ඇයට අනෙක් පිරිසගෙන් උදව් ලැබුණා මිසක කවුරුත් ඇයව මේ තැනට ගෙනත් නෑ. ඉතින් තනිව ගමනක් එන ඇයට උදව් කරපු කට්ටිය ඉන්නවා.

වැඩක් බාර අරන් වගකීම් සහිතව වැඩ කරන ටීනා ඒ ගැන අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.

”මම වැඩක් බාර ගත්තම කාටවත් පොලු තියන්නෙ නෑ. කිව්ව වෙලාවටම ගිහින් වැඩේ කරනවා. මම වැඩක් බාර ගත්තොත් ඒ වැඩේ වෙනුවෙන් උපරිමයෙන් වැඩ කරන කෙනෙක්. අඩුම තරමෙ මට මගේ පෙම්වතාව හම්බවෙන්න යන්නත් වෙලාවක් නෑ. ඒ තරමටම කාර්යබහුල වෙලා. මම එක්ක වැඩ කරපු කෙනෙක් කවදාවත් කියන්නෙ නෑ අනේ ටීනා එක්කනම් වැඩ කරන්න බෑ එයාව ගන්න එපා කියලා.

අද කාලේ මොඩ්ල්ස්ලනම් ඕන තරම් ඉන්නවා. නමුත් හරියට මොඩ්ල්ස්ලා හරි අඩු ප්‍රමාණයක් ඉන්නේ. කට්ටිය එක ෆොටෝ ශූට් එකක් කලාම එයා හිතන්නේ මොඩ්ල් කෙනෙක් කියලා. නමුත් කවුරුත් දන්නෙ නෑ මොඩ්ල් කෙනෙක්ගේ තිබිය යුතු ලක්ෂණ මොනවද කියලා. ඒ ගැන අවබෝධයක් අනිවාරෙන් තියෙන්න ඕන.’’

ඉතින් මේ විදියට තමයි ටීනා ශනෙල් අදහස් දක්වලා තිබුණේ. ඉතින් ඇගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා අපි හදවතින්ම සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

Leave a Comment