Lifestyle

යොහානි ඉන්දියාව අල්ලද්දී ටාෂියා පකිස්ථානය අල්ලයි

යෙහාලි ටාෂියා කාලිදාස වයස අවුරුදු 18 ක පුංචි තරුණියක්. මහනුවර ප්‍රදේශයේ ජීවත්වන ඇය 2022 වසරේ පෞද්ගලිකව උසස් පෙළ විභාගයට පෙනී සිටින්නට බලපොරොත්තු වන ටාෂියා ගැන යොහානිද සිල්වා වගේම මුළු ලොවක් කතා කරන්නට පටන් අරන්. වෙළඳ දැන්වීම් වලින් කලා ක්ෂේත්‍රයට පැමිණි ඇය දැන්වීම් මාලාවක රංගනයෙන් දායක වනවා. ඇයගේ කලා ගමනේ ආරම්භය ගැන ඇය මෙහෙමයි පවසන්නේ.

ඇත්තටම ඒක වෙනස් වැඩක් තමයි. දවසක් මගේ ෆොටෝස් ඉන්ස්ටග්‍රෑම් එකෙන් දැකලා චතුර ෆෙරෝශ් මට කතා කරනවා. මගේ ප්‍රථම වෙළඳ දැන්වීම තමයි චෙකර්ස් කුකීස්.

එයින් ආරම්භ වුණු ටාෂියාගේ ගේ කලා ජීවිතයේ ඇය වෙළඳ දැන්වීම් කිහිපයකටම සම්බන්ධ වෙලා තියෙනවා. කොමර්ෂල් බෑන්ක්, හච්, පෙප්සි, මෝර්ටීන්, පීසා හට්, සතොස, AMW, SLTC කැම්පස්, සන්ලයිට්, මැගී පපරේ කොත්තු, MD සෝස් මැණික් වෙළෙඳ දැන්වීම් කිහිපයකටම ඇය සම්බන්ධ වෙනවා.

ඉන් පසුව ඇයට ටෙලිනාට්‍ය වල රංගනයෙන් දායක වීමට අවස්ථාව හිමිවෙනවා. ඉන්ටර්නැෂනල් ටෙලිනාට්‍යයේ රංගනයෙන් දායක වනවා. ඇය රංගනයෙන් දායක වන්නේ තම මවගේ ඇති බල කිරීම මතයි. ඒ වගේම ලංකාවේ ජනප්‍රිය වීඩියෝ සන්නාමයක් වන ජනයි ප්‍රියයි ගේ රොබින් හූඩ් වීඩියෝවේ මැරියන් ලෙස රඟ දක්වන්නෙ ඇයයි. ඒ වගේම මේ දිනවල විකාශය වන චලෝ ටෙලි නාට්‍යයේත් චරිතයකට ඇය රංගනයෙන් දායක වෙනවා. තවත් ඇය රංගනයෙන් දායක වුණු ටෙලි නාට්‍යයක් ලෙස දාම් ටෙලි නාට්‍යයත් පෙන්වා දෙන්නට පුළුවන්.

මැනිකේ මගේ හිතේ ගීතයෙන් පස්සේ යොහානිට සංගීතය හරහා ජාත්‍යන්තරය විවර උනා සේම ටාෂියාට ජාත්‍යන්තරය තුළ රංගන ශිල්පිනියක් විදිහට කටයුතු කරන්න මේ හරහා අවස්ථාව ලැබුණා. පාකිස්ථානයේ රූගත කරනු ලබන Sinf- e- Aahan අයෝමය ගැහැණිය ටෙලි කතා මාලාවේ රංගනය සදහා මෙම ලාබාල ජනප්‍රිය රංගන ශිල්පිනියට අවස්ථාව ලැබෙනවා.එහි රූගත කිරීම් පසුගිය අගෝස්තු මාසයේදී පාකිස්ථානයේ දී ඇරඹුනා. මෙම ටෙලි කතාව ශ්‍රී ලංකා යුද හමුදාවත් පාකිස්තානයත් එක්ව කරන නිර්මාණයක්. ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ටාෂිට මෙම නිර්මාණයට සහභාගි වීමට අවස්ථාව ලබා දී තිබෙනවා. දැන් පකිස්ථාන මිල්ටරි ඇකඩමියේ තිබුන රූගත කිරීම් ඉවර කරලා අවසන් අදියරේ රූගත කිරීම් සඳහා කරච්චි වල සිටින්නේ. පාකිස්ථාන ටෙලි කතාවක මාස තුනක් තිස්සේ සිට තවම රූගත කිරීම් සිදු වෙනවා යැයි ටාෂියා කාලිදාස පැවසුවා.

කොටස් 26 කින් යුතු මෙම ටෙලිකතා මාලාව රචනා කර තිබෙන්නේ උමේරා අහමඩ් විසිනි. මෙයා පකිස්ථාන ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ දෙවන මිල අධික නිෂ්පාදන පිරිවැයක් දැරූ නිර්මාණයකි. මෙහි ටාෂියා කාලිදාස නිරූපණය කරන්නේ ආධුනික හමුදා නිලධාරිනියකගේ චරිතයක්. ජාත්‍යන්තරය තුළ මේ අයුරින් ප්‍රධාන චරිතයක් නිරූපණය කිරීමට අවස්ථාව ලැබුණු ඇය මේ වන විට ජාත්‍යන්තර වශයෙන් කතාබහට ලක්වෙමින් දෙස් විදෙස් රසිකයන්ගේ නොමද ආදරය දිනා ගත් රංගන ශිල්පිනියක් බවට පත්වෙමින් සිටිනවා. පකිස්තානයට පැමිණි ශ්‍රී ලංකා යුධ හමුදා කැඩෙට් නිලධාරිනියක ලෙස ඇය ශ්‍රී ලංකාවේ ධජයක් සහිත හමුදා නිල ඇඳුමක් ද ඇදගෙන මෙහි රංගනයෙන් දායක වන්නේ.
ඉතින් යොහානි ද සිල්වා ජාත්‍යන්තරයේ ම අවධානය දිනා ගත්තා සේම ටාෂියා කාලිදාස ද ජාත්‍යන්තර අවධානය දිනා ගන්නේ මෙලෙස රංගනයෙන් දායක වී ය. එබැවින් ඇයට උණුසුම් සුබ පැතුම් පිරිනමන අතර ම අනාගත වැඩ කටයුතු සාර්ථක වේවා කියා අපි හදවතින් ම සුබ ප්‍රාර්ථනා කරමු.

Leave a Comment