Lifestyle

සුරූපි ටනාශාගේ පෙම්වතා ඔහු කියලා අපි කවුරුත් හිතුවද

මේ දිනවල පුංචි තිරය ඔස්සේ අප කාගේත් ආලින්දයට එන ටනාශා හතරසිංහ කවුරුත් හඳුනන චරිතයක්. ඇය මේ දිනවල සිරස නාලිකාවේ විකාශනය වන නීල පබලු ටෙලිනාට්‍යයේ කුරුලු ලෙස සෑම දිනකම ප්‍රේක්ෂකයන් අතරට එන ටනාෂා සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් කතාබහට ලක්වෙන චරිතයක්.

ටනාශා හතරසිංහ මුලින්ම ක්ෂේත්‍රයට පැමිණෙන්නට අඩිතාලම වැටෙන්නේ ඇගේ මවගේ යෙහෙලියක් මාර්ගයෙන්. ඒ මනාළියන් හැඩගැන්වීමේ තරගයකට ඇය සහභාගි වීමෙන් පසුවයි. ඇයට පසුව අවස්ථාව ලැබෙනවා නිරූපණ ශිල්පිනියක් ලෙස හා ගීතවල රූප රචනා සඳහා පෙනී සිටින්නට. ඉතින් ලබපු පන්නරය සහ අවස්ථාවන් ඔස්සේ ඇයට හැකියාව ලැබෙනවා රංගනය සඳහා පිවිසෙන්නට. ඉතින් ඇය මේ වන විට ටෙලි නාට්‍යය කිහිපයකත් චිත්‍රපට කිහිපයකටත් රංගනයෙන් දායකත්වය ලබා දී තිබෙනවා.

පසුගිය දවස්වල ඇය මියුසික් වීඩියෝ සඳහා පෙනී සිටින ප්‍රමාණය අඩු වෙලා තිබුණේ. ඊට හේතුව ලෙස ඇය සඳහන් කළේ ඇගේ තිබෙන කාර්යබහුලත්වය එක්ක රූප රචනා සඳහා පෙනී සිටීම යම් ප්‍රමාණයකට අඩු කරලා තිබෙන බව. නමුත් සහභාගිවීම නවත්වලා නැති බවත් ඇය සඳහන් කරලා තිබුණා.

ඉතින් ඇය මේ දවස් වල නිල පබලු ටෙලිනාට්‍ය සමගින් බොහෝ කාර්යබහුල වෙලා තිබෙන බවයි අපට දැනගන්නට ලැබුණේ. කොහොම වුනත් දැන් සති කිහිපයක පටන් ඇගේ පෙම්වතෙක් ගැනත් කරුණු අනාවරණය වෙන්න පටන් අරගෙන තිබෙනවා. ඒ ඇය පසුගිය දිනක සමාජ මාධ්‍ය ඔස්සේ ඔහුගේ ඡායාරූපයක් පළකර තිබූ නිසාවෙන්. ඉතින් තරුණයන්ගේ සිහින කුමරිය වූ ටනාශාගේ පෙම්වතා කවුරුන්ද යන්න ගොඩක් දෙනෙක් හොයපු කාරණාවක් බවට පත්වුණා. එක විටම ඒ සමාජ මාධ්‍ය සඳහා එක් කළ මෙම ඡායාරූප පිළිබඳව රසිකයන් ඇගෙන් විමසලා තිබුණා.

ඒ කෙසේ වෙතත් රංගන ක්ෂේත්‍රය තුළ දිගු ගමනක් යන්න බලාපොරොත්තු වන රංගන ශිල්පිනියක් ලෙස ඇය නව නිර්මාණ වෙනුවෙන් ඇගේ රංගන දායකත්වය ලබා දෙන්නටත් සූදානමින් සිටිනවා.

ඉතින් සතියේ දිනවල සිරස නාළිකාව ඔස්සේ නීල පබළු නාට්‍ය හරහා අපේ ආලින්දයට එන කුරුලු හෙවත් ටනාශා සතරසිංහගේ ඉදිරි රංගන කටයුතු සාර්ථක වෙන්නට අපි සුබ පැතුම් එක් කරන්නෙමු.

Leave a Comment