Lifestyle

මම අසනීප වුණහම මගේ බර කරට අරන් වැඩ කලේ මගේ දුව – සුසන්තා චන්ද්‍රමාලී

සුසන්ත චන්ද්‍රමාලී කියන්නේ අපේ රටේ ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක් බව අපි කවුරුත් දන්නවා. ඉතින් සිනමාව පුංචි තිරය තුලින් තම කලා හැකියාව හැකි උපරිමයෙන් පෙන්වූ කෙනෙක් විදියට ඇයව අපිට දැකගන්න පුලුවන්. ඉතින් ඇය රංගනයෙන් දායක වුන සිනමා නිර්මාන අතර රන් කෙවිට, ජය පිට ජය, නිදි යහන කැළඹෙයි, ප්‍රවේගය වැනි සිනමා නිර්මාණ පෙන්වා දෙන්න පුලුවන්.

ඉතින් මේ විදිහට කලාවේ දස්කම් පාපු මෙම දක්ෂ රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලිගේ ආදරණිය සහ එකම දියණිය කවුද කියලා අපි කවුරුත් දන්නවා. ඇයත් අපේ රටේ ඉන්න ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇය තමයි සුරූපි තිසුරි යුවනිකා කියන්නේ. රන් ද වැල්, අවසරයි පියාඹන්න, බොරලු පාර වැනි නිර්මාණ වලට රංගනයෙන් දායක වුණා. ඇය රංගනයෙන් දායක වුණ සිනමා නිර්මාණ අතර ධර්ම යුද්ධය කියන්නේ ප්‍රේක්ෂකයන් අතර ගොඩක් ජනප්‍රිය වුණු චිත්‍රපටයක්.

ඉතින් සම්මාන පිට සම්මාන ලබපු තිසුරි යුවනිකා මේ වන විට නම් විවාහ වෙලා. ඉතින් ඇය සහ ඇගේ පවුල පසුගිය කාලයේ ලොකු කරදරයකට මුහුණ දුන්නා කියා අපි කවුරුත් දන්නවා. ඒ ඇගේ මව වන සුසන්තා චන්දිමාලී ආදරණීය රංගන ශිල්පිනිය පිලිකාවකට මුහුණ දීමත් එක්ක. ඉතින් මේ හේතුවෙන් ඔවුන්ට විවිධ අභියෝගවලට මුහුණ දෙන්නට සිදු වුණා. ඉතින් ඒ ගැන සුසන්තා චන්දිමාලී පසුගිය දිනක සහභාගී වූ වැඩසටහනක දී අදහස් දැක්වූයේ මේ විදියටයි.

” මම හදිස්සියේ අසනීප වුණත් එක්ක ගෙදර බර අතට ගත්තෙ මගෙ දුව. එයාට මගේ ආභාෂය ලැබිල තියෙන්නෙ. මට වෙලාවකට හිනාත් යනවා මේ බොළද අහිංසක ළමයා මෙහෙම කියනකොට. එයා මට කියනවා ඕව ගනන් ගන්න එපා අම්මට විතරක් නෙමෙයිනෙ මෙහෙම වෙලා තියෙන්නෙ. බය වෙන්න දෙයක් නෑ ඕව ගනන් ගන්න එපා කියලා. මේ පොඩි ළමයා මට උපදෙස් දෙනවා. මෙයා හරි ශක්තිමත්.’’

ඉතින් සුසන්තා චන්දිමාලී මේ වන විටනම් ප්‍රතිකාර ලබාගනිමින් සනීප තත්වයෙන් තමයි පසු වෙන්නේ. ඉතින් ඇයට නිරෝගී සුවයම ලැබෙන්න කියලා අපිත් සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

Leave a Comment