Lifestyle

නටලා කරලා සතුටින් හිටිය සුප්‍රියාට හදිසියේම මොකද උනේ මෙන්න විස්තරේ

සුප්‍රියා අබේසේකර කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂ ජනප්‍රිය ගායිකාවක්. සුර ලලනාවියේ, මන්දාරමේ ඇන්ද දේදුන්න කෝ වැනි ගීත විශාල ප්‍රමාණයක් ඇය ගායනා කළා. කලා පවුලකින් බිහි වුණු ඇයට කලාවට ඒමට එතරම් අසීරු කාර්යයක් වුණේ නෑ. මොකද පවුලේ බොහෝ දෙනෙක් කලාවට සම්බන්ධ වූ අය නිසයි. අම්මාගේ අම්මාගේ සහ තාත්තාගේ මගපෙන්වීම යටතේ තමයි ඇය කලා ක්ෂේත්‍රයට පිවිසෙන්නේ. ඇය වේදිකාව තුළ දඟකාර චරිතයක් වගේම ප්‍රාසංගිකත්වය ද සහිත ගායිකාවක්.

 සුප්‍රියා  අබේසේකර මේ දිනවල ඉතා දුක ලෙස ජීවත් වන බව අපිට දැන ගන්න ලැබුණා. ඒ බව  මෑතකදී ඇය සහභාගී වූ  යූ ටියුබ් චැනලයකදී  ඒ පිළිබඳව ප්‍රකාශ කරා. පණ මෙන් ආදරය කළ  පියාගේ  වියෝවත් සමඟ කලාව පවා මඟ හැර ගත් සුප්‍රියා තාත්තා ගැන ඇගේ මතකය ආවර්ජනය කරා. පාසල් යන කාලයේදී පවා ඇයගේ පිටුපසින් ම සිට සෙවනැල්ල සේ ඇයව රැකබලා ගත් තාත්තාට කිසිම නිදන්ගත රෝගයක් තිබිලා නෑ. හිටි හැටියේ අසනීප වුන තාත්තාට මෙවන් ඉරණමක් වෙයි කියලා ඇය කිසි සේත් බලාපොරොත්තුවෙන් ඉදලා නෑ. අම්මා කෙනෙක් වගේ තාත්තා කෙනෙක් ලැබුණු එක ගැන වඩාත් සතුටු වුණු  සුප්‍රියා  තාත්තා නැති දුක  කොහොම  දරාගන්නද කියලා ඇයට තාමත් හිතාගන්න බෑ.

මේ විශ්වයේ සිටින හැම දුවකට ම තමන්ගේ තාත්තා මැණිකක් වගේ ම තමයි සුප්‍රියාටත්,  තාත්තාගේ සමුගැනීම දරුවෙකුට දරා ගන්නට බැරි බැදීමක්.කලා පවුලකින් තම ගමන ආරම්භ කළ සුප්‍රියා ප්‍රේක්ෂකයන්ගේ ආදරය නො අඩුව ලබා ගත්තා. ගායිකාවක් නම්  නිහතමානී කෙනෙකු විය යුතු බව සුප්‍රියා විශ්වාස කරන්නේ ඇයද ඉතා නිහතමානි  චරිතයක් නිසයි.

අලුත් ගායක ගායිකාවන්ගේ ගීත කොයි තරම් ජනතාව වෙලාගත්තද මෙම රියැලිටි තරගයන් තුල දී නවකයන් මොවුන්ගේ ගීතද ගායනා කරනවා. එයට හේතුව ජනතාවගේ හදවත්  හී තවමත් ඔවුන් සිටින නිසා.

අවුරුදු විසි දෙකක් ගායන ශේෂ්ත්‍රය තුල නොවැටී සිටින්නේ ඇයගේ ගීත වලට තවමත්  මිනිසුන්ගේ ආකර්ෂණය තිබෙන  නිසා. එසේම ඇති ප්‍රාසාංගික බවද එයට රුචියක් සේම නවමු බවක් එක් කරනවා. ජෝතිපාලයන් වැනි අසහාය ගායකයන් මංපෙත් විවරකරගන්නේ සුප්‍රියාගේ ආච්චි අම්මා සහ සීයා නිසායි.  පසුව ආච්චි ජෝතිපාලයන් සමග ගීතද ගායනා කර තිබුනා.

ඉතින් මේ ගායිකාවට කලා ශේෂ්ත්‍රය තව තවත් පෝෂණය කිරීමට හැකියාව ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරන්නෙමු. පියාගේ වියෝවෙන් දුකින් ජීවත් වුණු සුප්‍රියාට ඉදිරි කලා කටයුතු සාර්ථකව කර ගැනීමට හැකියාව ලැබේවා කියා අපි සුබ පතමු.

Leave a Comment