Lifestyle

මම බැන්දේ මගේ මාමාගෙ දුව එයා මට වඩා අවුරුදු නවයක් බාලයි

දඟකාර කටකාර හැඩකාර තරුණ කඩවසම් ඔහු නමින් සුමිරාන් ධනංජය ගුණසේකර. වර්තමානයේ බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය නීල පබලු ටෙලිනාට්‍ය අභිමන් ගේ චරිතයට පණ දෙන්නේ සුමිරාන් ගුණසේකරයි.

සුමිරාන් ගුණසේකර ගැන අපි ටිකක් කතා කරමු. ඔහු වෘත්තියෙන් ව්‍යාපාරිකයෙක්. දැන් නම් ඔහු චරිත වලට රංගනයෙන් දායක වන නිසා රංගන ශිල්පියෙක් කියන්නත් පුළුවන්. ඒ වගේම අම්මෙකුට හොඳ පුතෙක්. බිරිඳට හොඳ ස්වාමි පුරුෂයෙක්. ආදරණීය තාත්තා කෙනෙක්. සමාජයේ හොද පුරවැසියෙක්.

අපි බලමු මේ දක්ෂ රංගන ශිල්පියාගේ ආදර කතාව කොහොමද පටන් ගත්තෙ කියලා. ඇය සුමිරාන්ට වඩා අවුරුදු නවයක් බාලයි. එයාගේ තාත්තා මොවුන්ට ඇති නෑදෑ කමට මාමා වෙනවා. ඉතින් පොඩි කාලේ ඉඳලා දෙන්න හොඳට අඳුනනවා. එයාගෙන් සුමිරාන් ආදරේ ගැන අහන්නේ ට්‍රිප් එකක් ගියපු දවසක. මුලින්ම කැමති වෙන්නේ නැහැ. ර්‍ර්ට පස්සෙ ටික කාලයක් ගියාම ඇය සුමිරාන්ට කැමති වෙනවා. මුල් කාලේ ගෙවල් වලට හොරෙන් තමයි ආදරේ කලේ.

පස්සෙ ඒක ගෙවල් වලට අතටම අහු වෙනවා. ඒ වුනත් ගෙවල් වලින් නම් කිසිම ප්‍රශ්නයක් වුණේ නෑ. ඊට පස්සේ සම්බන්දෙට ගෙවල්වලින් අවසර දුන්නා. අදහස් හොඳින් ගලපගෙන ආදරේ කර ගෙන ගියා. ඉතින් ඒ දෙන්නා හරියට සංසාරේ පතා ගෙන ආව වගේ. ඒ තරමට ම ඒ දෙන්නාගේ අදහස් ගැලපෙනවා.

අවුරුදු 5ක් ආශ්‍රය කරල හොදටම ගැලපෙනවා වගේ තේරුණ නිසා සුමිරාන් ඇයව විවාහ කර ගැනීමට තීරණය කරනවා. ඉන් පසු දෙන්නා විවාහ වෙලා සතුටින් ඉන්න වලු. ඒ මොකද ඇය හොදටම සුමිරාන්ව තේරුම් අරන් තියෙන නිසා. ඒ නිසාම ඔහුට මේ කලා ගමන එන්න පහසු වෙලා තියෙන්නේ.

චරිත වල අඩු පාඩු කම් නිවැරදිව කියා දී ප්‍රේම ජවනිකා වල ඇති දුර්වලතා ගැනත් අඩු ලුහුඩුකම් කියන්නෙ සුමිරාන්ගේ බිරිඳ. ඇය හොදින්ම සුමිරාන්ව තේරුම් ගත් කෙනෙක් ලෙස පෙන්වා දෙන්න පුළුවන්.

ඒ වගේම සුමිරාන් ගුණසේකර කියන චරිතය වැඩිය ප්‍රේක්ෂකයන් ට දකින්න බැරි කෙනෙක්. ඒකට හේතුව ඔහු චරිත බාර ගනිද්දි එක පාරට එක චරිතයයි බාර ගන්නේ. ඔහු විශ්වාස කරන්නේ නිතර නිතර චරිත වලින් ප්‍රේක්ෂකයෝ අතරට ආවිට එය මිනිස්සුන්ට උනත් එපා වෙනවා. එතකොට මේ සුමිරාන් ගුණසේකර කියන රංගන ශිල්පියා තමා බාර ගත් චරිතය උපරිමයෙන් ම කරනවා.

ඉතින් මෙම කලා ශිල්පියාගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වීමට අපි හදවතින් ම සුබ පැතුම් එක් කරමු.

Leave a Comment