Lifestyle

‘පහු පහු වෙනකොට ආදරේ තව තවත් වැඩිවෙනවා. ඒ ආදරේ හොදට දැනෙනවා’ බිමල්ගේ ආදරෙන් ජීවත් වෙන සුජානි මේනකා

කලාකරුවන්ට ප්‍රේක්ෂකයින් පිනවීමට හැකි වන්නේ ඔවුන් තුළම වූ අපූරු රංගන කුසලතාවයක් නිසාවෙනි. කොතරම් කලාකරුවන් වර්තමානයේ දක්නට ලැබුණත් ඒ හැම කෙනෙකුටම ප්‍රේක්ෂක හදවතේ රැඳෙන්නට නොහැකි බව නම් අපි කවුරුත් දන්නවා.

හැමදාමත් ප්‍රේක්ෂක ආදරය ආකර්ෂණය දිනාගත් ප්‍රේක්ෂකයන්ගේ සිත ගත් ආදරණීය ජනප්‍රිය ප්‍රවීණ කලා යුවළක් තමයි බිමල් ජයකොඩි සහ සුජානි මේනකා කියන්නේ. ඉතින් එදා මෙදා තුර කිසිම කෙනෙකුගෙන් කතාවක් අහන්නෙ නැතිව හරිම ලස්සනට සුන්දරව තම පවුල් ජීවිතය ගෙනියන මේ අපූරු සොදුරු කලා යුවළ කලා ක්ශේෂ්ත්‍රයේ අන් අයට ආදර්ශමත් ආදරණීය චරිතයන් දෙපළක් වෙනවා.

ඉතින් බිමල් සහ සුජානි කියන මේ දෙදෙනා නිතරම නම් කලා ලෝකයේ අපිට දකින්නට ලැබෙන්නෙ නැති වුණත් ඔවුන්ගේ අපූරු රංගනය නිරතුරුව ම අප හද තුළ රැදිල තියෙනවා. ඔන්න ඉතින් දැනට අවුරුදු දෙකක් පමණ සුජානි මේනකා ආදරණීය කලාකාරිනිය කලා කටයුතු වලට දායක වෙලා නම් නැහැ. ඉතින් මේ විදියට කාලයක් තිස්සේ රංගනයෙන් ඈත් වෙලා හිටියට ඒ ගැන කිසිම පසුතැවීමක් නම් ඇගේ හිතේ නැහැ.

ආදරණීය ප්‍රේක්ෂකයින්ට තවමත් සුජානි මේනකා කියන රංගන ශිල්පිනිය ව මතකයි කියලා දැනෙද්දි ඒ ගැන ඇයට හිතේ පුදුමාකාර සතුටක් තමයි දැනෙන්නේ කියලා ඇය සඳහන් කළේ. මීට කලින් රඟපාපු ටෙලි නාට්‍යය නැවත විකාශනය වෙන නිසා ඇය හිතන්නේ ඇය ගැන ප්‍රේක්ෂකයන්ට අමතක නොවෙන්නේ ඒ නිසා කියලා.

ඉතින් මේ විදියට වසර කිහිපයක් කලාවෙන් ඈත් වෙලා හිටපු සුජානි මේනකා ආදරණීය රංගන ශිල්පිනියක් ආයෙමත් අලුත් කලා නිර්මාණයකට සම්බන්ධ වෙලා මේ දිනවල ඒකෙ වැඩ කටයුතු කරමින් ඉන්නවා කියලා තමයි ඇය සඳහන් කළේ.

ඒ වගේම සුජානි මේනකා ආදරණීය කලා ශිල්පිනිය තවදුරටත් කියා සිටියේ කාලයක් ආව නිර්මාණ වල පිටපතක්වත් කියවන්නෙ නැතිව ඒවා ප්‍රතික්ෂේප කළා කියලා. පෞද්ගලික දේවලුයි තවත් දේවලුයි නිසා තමයි ඇය මේ විදිහට පිටපත් ප්‍රතික්ෂේප කළේ. ඉතින් පෞද්ගලික ජීවිතයේ හැම දෙයක්ම ප්‍රසිද්ධ කරන්න නම් ඇය කැමති නැහැ කියලත් කියනවා.

ඉතින් කාලයක් ඉඳලා ඉඳලා නැවත රංගනයට ආවම නැවුම් බවක් දැනෙන බව ඇය සඳහන් කළා. හරියට කලාවට අලුතෙන්ම ආව වගේ හැඟීමක් තමයි එතකොට දැනෙන්නේ. දීර්ඝකාලීන නැති කොටස් අඩුවෙන් තියෙන නිර්මාණ ආවොත් ඒවාට රංගනයෙන් දායක වෙන්න කැමැතියි කියලා සුජානි මේනකා කලා ශිල්පිනිය කියා සිටියා. ඒ වගේම තම ආදරණීය සැමියා බිමල් ජයකොඩි සමග කතා කරලා තමයි මේ හැම චරිතයක්ම බාර ගන්නවද භාර නො නො ගන්නවද කියලා තීරණය කරන්නේ.

දවසින් දවස බිමල් ජයකොඩිගෙ ආදරය වැඩිවෙනවා වගේම ඒක හොඳට ඇයට දැනෙනවා කියලා තමයි සුජානි මේනකා සඳහන් කළේ. ඒක ඇයට හොඳට දැනෙනවා. ඉතින් වචනයෙන් කියාගන්න බැරි පුදුමාකාර සතුටක් තමයි ඇගේ හිතට දැනෙන්නේ කියලා සුජානි මේනකා සදහන් කළේ.

ඉතින් රටක් ආදරේ කරන මේ සොඳුරු කලා යුවල සුජානි මේනකා වගේම බිමල් ජයකොඩි කියන මේ රංගන ශිල්පියා වගේම රංගන ශිල්පිනියගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වන්නට කියා අපි හදවතින්ම සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

Leave a Comment