Lifestyle

මම ගෘහණියකට වඩා හොද මවක් කියනවාට කැමතියි – ශ්‍රීමාලි ෆොන්සේකා

නිරූපන ශිල්පිනියක් රූපලාවන්‍ය ශිල්පිනියක් වගේම රංගන ශිල්පිනියක් විදියට අපේ කලා ක්ශේෂ්ත්‍රයේ ඉන්න ජනප්‍රිය කෙනෙක් තමයි ශ්‍රීමාලී ෆොන්සේකා කියන්නේ. ලෝක විවාහක රූ රැජින තරගාවලියේ කිරුළ හිමිකර ගත් ඇය රංගනයෙන් දායක වුණු පළමු ටෙලිනාට්‍යය තමයි ‘ඉස්සරහට යන්න’ ටෙලිනාට්‍යයේ. ඉන් පසුව මොණර කඩදාසි, රාවනා, තණමල්විල කොල්ලෙක් ඇතුළු නාට්‍යය ගණනාවක රංගනයෙන් දායක වුණු ඇයව මේ දිනවල පුංචි තිරය ඔස්සේ දැක බලා ගන්න පුලුවන්.

ඒ හිරු නාලිකාවේ විකාශය වන ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වන ‘ දිවිතුරා ‘ හී වින්ඩිගේ යාලුවා විදියට. ඉතින් විවිධ වූ චරිත අතරින් ඇයව දැක බලා ගන්න පුලුවන් වනවා වගේම ‘සකර්ම’ ටෙලිනාට්‍යයේත් ඇය දක්ෂ රංගනයක යෙදෙනවා.

ඉතින් ජීවිතේ ආපස්සට හැරිලා බලනකොට සතුටුවෙන්න පුලුවන් විදියේ තීරණ තමයි ශ්‍රීමාලී අරන් තියෙන්නේ. හරි සරල හැමෝම එක්ක සහයෝගයෙන් ජිවත් වන සතුටින් ඉන්න කෙනෙක් විදියට තමයි ශ්‍රීමාලී හදුන්වන්න පුලුවන්. ඉතින් ශීමාලී හැම මොහොතෙම හිතන්නේ ජීවිතය කියන්නේ ලැබුණු වටින තෑග්ගක් කියලා. ඉතින් ඇය පුවත් පතක් සමගින් ඇගේ අදහස් තොරතුරු බෙදාගෙන තිබුණේ මේ විදියටයි.

” මම හොද රූපලාවන්‍ය ශිල්පිනියක් වගේම ඇදුම් නිර්මාණ ශිල්පිනියක්. ඉතින් ඒ වගේම මට හොදට උයන්න පුලුවන්. මට හොද මවක් වෙන්න පූලුවන් වුනේ නැත්තේ රංගනය නිසා කාර්‍යබහුල වුන නිසා. නමුත් මට හොද මවක් වෙන්න පූලුවන් වුණා. ඒ නිසා ගෘහණියකට වඩා මට හොද මවක් වෙන්න පුලුවන් වුනා.”

මේ විදියට තමයි ඇය ඇගේ අදහස් දක්වලා තිබුණේ. ඉතින් ඇගේ ඉදිරි වැඩ කටයුතු සියල්ල සාර්ථක වෙන්න කියා අපිත් සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

Leave a Comment