Lifestyle

දිය රෙද්ද ඇඳල ඇවිදිනකොට පුදුම ලැජ්ජාවක් දැනුනෙ

මීට වසර දහයකට කලින් ආසියානු විවාහක රූ රැජින වුණේ ශ්‍රීමාලි ෆොන්සේකා. ඇය පුංචි තිරය තුලින් ඔබේ ආලින්දයට එන දක්ෂ රංගන ශිල්පිනියක්. සකර්ම, සුකුමාලි හා මල් පිපෙන කාලය ආදී ටෙලි නාට්‍ය කීපයකටම ශ්‍රීමාලි ෆොන්සේකා රංගනයෙන් දායකත්වය ලබා දී තිබෙනවා. නාගරික යුවතියන්ගේ චරිත වලට වැඩි වශයෙන් පණ පොවන ඇය ප්‍රථම වතාවට දුක් විඳින ගැහැනියකගේ චරිතයක් තෝරාගෙන කරන්න ඇයට අවස්ථාව උදා වුණා. ඇය සඳහන් කරන්නේ මේ චරිතය ඉතාමත් ආදරයෙන් බාර ගත්තා කියලයි.


ඇය රංගන ශිල්පිනියක් වගේම ඉතාමත් දක්ෂ නිවේදිකාවක්. ඇය වින්දනීය උදෑසන වැඩසටහනේ නිවේදනය කටයුතු මනා අයුරින් ප්‍රේක්ෂකයා අතරට ගෙන එන්නේ ඇගේ නිවේදන හැකියාව අපිට පසක් කරවමින්. සහභාගි වන විවිධ වෛද්‍යවරුන්, නීතිඥවරුන් ගත් කතුවරුන් වගේම සියලුම ක්ෂේත්‍රයන්හි නියැලෙන පුද්ගලයන් සමඟ ඇය කතාබහක යෙදෙනවා.
ඇය තම රංගනයෙන් දායක වන සකර්ම ටෙලි නාට්‍යයේ සුමාලි චරිතයට තමයි පණ පොවන්නෙ. ඇය ආවට ගියාවට චරිත බාර ගන්න රංගන ශිල්පිනියක් නම් නෙමෙයි. ඇය ටෙලි නාට්‍ය අටක විතර රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඇය රංගනයෙන් දායක වන සකර්ම ටෙලි නාට්‍යයේ සුමාල් චරිතය ගැන කතා කරන විට සිරියාවතී ඇතුළු පවුලක සිදු වන සිදුවීම් මාලාවක් පිළිබඳවයි මෙම කතාව පුරා දිග හැරෙන්නේ. මෙම සකර්ම ටෙලි නාට්‍යය බොහෝ පිරිසක් නරඹනවා කියලා දැනෙන ප්‍රතිචාර තුලින් ශ්‍රීමාලි ෆොන්සේකාට දැනෙනවා. සුමාලිගේ සැමියාගේ වියෝවෙන් පසුව ඇයට මුහුණදීමට සිදුවෙන අත්දැකීම් සමග තමයි ඇයගේ චරිතය ගලාගෙන යන්නේ.

ඇය මීට කලින් ගැමි චරිත වලට රංගනයෙන් දායක වෙලා නෑ . රෙද්දයි හැට්ටෙයි ඇඳන් රගපාන එක සහ ගමන් විලාසය ඒ දෙබස් ඇයට එතරම් හුරු පුරුදු නම් නෑ. හැමදාම ඇයට රඟපාන්නට ලැබෙන්නේ එකිනෙකට වෙනස් වූ චරිතයන්. ඒ ගැන ඇය බෙහෙවින් සතුටට පත්වෙනවා. ඒ වගේම එම චරිත සඳහා ඇයව තෝරා ගන්නා සියලුම අධ්‍යක්ෂකවරුන්ට ඇය බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. එවන් වූ එකිනෙකට වෙනස් වූ චරිතයන් නිරූපණය කිරීම තුළින් ඇයට දෙයක් ඉගෙන ගැනීමට ද හැකිවන බව ශ්‍රීමාලි ෆොන්සේකා පවසනවා. රංගනයේදී වගේම දෙබස් උච්චාරණය දී පවා අතරමං වුන අවස්ථා තිබෙනවා. එවගේම බැනුම් අහපුවාරත් තියෙනවා. ඒ වෙලාවට හිතට පුදුම දුකක් එනවා. ඒ වගේම ශ්‍රීමාලි ෆොන්සේකා රංගනයෙන් දායක වන ටෙලි නාට්‍යවල අධ්‍යක්ෂකවරුන් වගේම අනිකුත් ශිල්පීන්ගෙනුත් ඇයට ලොකු සහයෝගයක් ලැබෙනවා.

ඒ වගේම ඇය රංගනයෙන් දායක වුණ රාවණා ටෙලිනාට්‍යයේ කේතුමතී චරිතය ද ඒ හා සමානව හාත්පසින්ම වෙනස් චරිතයක්. නිරූපිකාවක් විදිහට ඇයට ලංකාවට විශාල ගෞරවයක් ලබා දීමට හැකි වෙනවා. 2012 විවාහක රූ රැජින කිරුළ, ආසියානු විවාහක රූ රැජින කිරුළත් පළමු වතාවට හිමිකරගත්තේ ඇය. ඉන්පසු පසු තමයි ලංකාවේ විවිධ පැජන්ට් නිර්මාණය වුණේ. ඒ කිරුළත් සමගින් තමයි ශ්‍රීමාලි ව බොහෝ දෙනෙක් දැන හඳුන ගත්තේ. ඒක සම්බන්ධව ඇය බෙහෙවින් සතුටට පත්වෙනවා.

නාගරික චරිත වලට රංගනයෙන් දායක වුණ ඇයට ගැමි චරිත කිරීමට අවස්ථාව ලැබෙන නිසා ඇය ඒ අභියෝගාත්මක ලෙස බාරගත්තත් ඇයට මුලින්ම ලැබුණේ දියරෙද්දක් ඇදගෙන සිටින චරිතයක්. මුලින්ම ඇවිදගෙන එද්දි අධ්‍යක්ෂකවරයා කියනවා කැට්වෝල්ක් දාලා ඇවිදින්න එපා කියලා. ඇයට ඒ විදියට ඇවිඳලා පුරුදු නිසා නිතරම ෆැෂන් ෂෝවලට යන ඇය ඒ විදිහටම ඇවිදින්නේ ඒ නිසා කියලත් සඳහන් කරනවා.
මීට කලින් රඟපාන්න දියරෙද්දක් ඇඳලා තියෙනවද කියලා ඇය අපට මෙහෙමයි සඳහන් කළේ. කවදාවත්ම ඇය වැව් වල නාලත් නැහැ ඒ වගේම දොලවල් වල නාලත් නැහැ. ඒ නිසා කට්ටිය මැද්දේ දිය රෙද්ද් ඇඳලා ඇවිදිනකොට පුදුම ලැජ්ජාවක් තමයි දැනුනෙ කියලයි ඇය සඳහන් කළේ. ඇය විසින් බාර ගත්තු නාට්‍ය දෙකේම වැඩ ඉවර වුණ ගමන්ම ඇය නැවතත් ඇමරිකාවට යන්න තමයි තීරණය කරල තියෙන්නෙ. ඉතින් ඇයගේ ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා අපි හදවතින්ම සුබ ප්‍රාර්ථනා එක් කරමු.

Leave a Comment