Lifestyle

මම හැමදාම මගේ දුවට කියන්නේ පාඩම් ගැන දැනුම වගේම උයන පිහන දේවලුත් දැනගෙන ඉන්න ඕනි කියලා

වසර තිස් පහක පමණ කාලයක් කලා ක්ශේෂ්ත්‍රයේ රැදී සිට ප්‍රේක්ෂකයා හිනා ගස්සන අපූරු චරිත මවන දක්ෂ රංගන ශිල්පිනියක් තමයි ශිරෝමිකා ප්‍රනාන්දු කියන්නේ. ඉතින් ඇය දක්ෂ රංගන ශිල්පිනියක් වුවත් නිවසට ආදරණීය බිරිදක් වගේම දරුවන්ට ආදරණීය අම්ම කෙනෙක්. ඉතින් ගෙදර ඉන්නවිට වැඩිපුරම ඇය ඉන්නේ මුලුතැන්ගෙයි.

දරුවන්ට කෑම හදලා දීලා ආදරයෙන් දරුවන් බලා ගන්නේ ඇය විසින්. නමුත් කලා කටයුතු එක්ක කාර්යබහුල වුනාම ඇගෙන් දරුවන්ට විය යුතු සියලු යුතුකම් ඉටු කරන්නේ ඇගේ අම්මා විසින්. ඉතින් යුධ හමුදා නිළධාරියෙක් වන ශිරෝමිකාගේ සැමියා වැඩි පුරම කන්න කැමති ඇගේ කොස් තම්බලා, තක්කාලි කිරට හදලා උම්බලකඩ දාපු කට්ට සම්බෝලේ කන්න.

ඉතින් ඕනම කෑමක් රසට හදන්න පුලුවන් ඇය ඇගේ අම්මගෙන් අහගෙනත් විවිධ කෑම හදනවා. ඉතින් තමන් සතුටින් හදන කෑම රස කර කර කනවා වගේම තමන් අගය කරනකොට දැනෙන සතුට මිල කරන්න බැරි බවත් ඇය සදහන් කරනවා. ඉතින් ගීත අහමින් සතුටින් කුස්සියේ වැඩ කරන ශිරෝමිකා හදන සමහරක් කෑම වැරදිලත් තියෙනවා. ඉතින් නිවසේ අරපිරිමැස්මෙන් වැඩ කටයුතු කරන ආකාරය ගැන ඇය පුවත් පතකට අදහස් දැක්වූයේ මේ විදියටයි.

” ගෘහණියක් උනාම අරපිරිමැස්ම කියන දේ අනිවාරෙන් තියෙන්න ඕන. අපේ අම්මලා ඉස්සර උපරිමයෙන් ම කලා. අදටත් මම පරිප්පු උයනකොට පරිප්පු මිටක් අරන් තියනවා. අපේ දුව යූ ටියුබ් බලලත් කෑම හදනවා. බෝනික්කො වගේ ළමයි හදලා බෑනේ. මම දුවට කියන්නේ පොතේ පතේ වැඩ වගේම උයන පිහන වැඩත් දැන ගන්න ඕනි කියලා. අපේ අම්මා කවදාවත් මට උයන්න පුරුදු කලේ නෑ. මම නිතරම අම්මව අනුගමනය කලා.”

ඉතින් නිවසේ වැඩ කටයුතු කර ගනිමින් රංගන ජීවිතේ වැඩ ටිකත් කරගන්න ඇය මේ විදියටයි කාලය ගත කරන්නේ. ඉතින් ඇගේ ඉදිරි වැඩ කටයුතු සියල්ල සිතන පතන විදියට ඉටුවෙන්න කියලා අපි හදවතින්ම සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

Leave a Comment