Lifestyle

ශිහාන් මිහිරංගගේ පාසල් ප්‍රේමය ගැන ඔහු කියු දේ

ශිහාන් මිහිරංග කියන්නේ ගායන ශිල්පියෙක් විදිහට බොහෝ පිරිසකගේ ආදරය දිනාගත්ත ගායන ශිල්පියෙක්. ඔහුටම අනන්‍ය වූ විලාසිතා වලින් තරුණ තරුණියන්ව වසඟයට ගත් ශිහාන් ආදරණීයම ගී රැසක හිමිකරුවෙක්. රියැලිටි තරගයකින් සංගීත ක්ෂේත්‍රයට පිවිසුණු ශිහාන් මිහිරංගට එදා රසික රසිකාවියන් ගේ ආදරය නොවඩුව ලැබුණා. ඔහුට ආදරේ කරන බොහෝ පිරිසක් අදටත් ඉන්නවා. තමන්ගේම අනන්‍යතාවයක් ඇති ඔහුගේ ගීත වලට කවුරුත් ආදරය කරන්නේ එදා හුරුව ලෙංගතුකම තවමත් සිත් හි පවතින නිසයි.

අද තනියෙන් මා, මිහිරාවියේ, ඔබගේ මතකෙන් වැනි අතිශය ජනප්‍රිය ගී රැසක හඩ අයිතිකරු වන ඔහු මේ දිනවල ලංකාවේ එකම සහ ප්‍රථම ගායන රියැලිටිය වන හිරු ස්ටාර් සීසන් 3 හි විනිසුරුවෙකු ලෙසද කටයුතු කරනවා. ඔහුට විවාහයෙන් පසුව දරුවන් තිදෙනෙකුගේ පියෙක් වීමට වාසනාව උදා කරගන්නවා. ඉතින් තම ආදරණීය බිරිදගේ උපන්දිනය සැමරුම යෙදී තිබුණා.

ගෙෂ්නි ක්ලෙමන්ටා යනු ශිහාන්ගේ ආදරණීය බිරිඳයි. ඉතින් ඇය පිළිබඳව ප්‍රවීණ ඡායාරූප ශිල්පී දයාන් විතාරණ මහතා මුහුණු පොතේ සටහනක් පළකලා.

මිහිරාවියේ සිහින කුමරි ඇයයි
ගෙෂ්නි ක්ලෙමන්ට්ටා නැගණියට මිහිරිතම ගී නදින් රාව නැංවෙන උපන්දිනයක්
ජනප්‍රිය ගායක ශිහාන් මිහිරංග ගේ ආදරණීය බිරිද ගෙෂ්නි ක්ලෙමන්ටා සිල්වා අද දින සිය උපන් දිනය සමරන්නීය.
කඳාන ද මැසනඩ් විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරනු ලැබූ ගෙෂ්නි සහ ශිහාන් ප්‍රේමය ජය ගනිමින් 2012 වසරේ ජනාවාරි විසිපස් වෙනි දින යුග දිවියට ඇතුළත් වුණු අතර ඔවුන්ගේ විවාහ මංගල උත්සවයේ ඡායාරූප ගනු ලැබුවේ ද මවිසින් ය. ක්ලේන් මාෂ්, කෙනන් යාෂ් සහ කියෝන් අකීෂ් යන පුතුන් තිදෙනාගේ දයාබර මව වන ගෙෂ්නි ක්‍ලෙමන්ටා තම දරුවන්ගේ සහ සැමියාගේ යුතුකම් මැනවින් ඉටු කරමින් ගැහැණියක් ලෙස කටයුතු කරමින් සිටින්නීය.

මට බොහෝ සේ හිතවත් චමිලාගේ ආදරණීය පියාණන් වන නිහාල් නානායක්කාර ගේ සොයුරියගේ දියණිය ලෙසින් මා ගෙශ්නිව දැන හඳුනා ගනු ලබන්නේ ඇය ශිහාන් සමගින් විවාහ වීමටත් පෙර සිටය. විශේෂිත දරුවෙකු වන චමිලා මගේ ගීතවලට දැඩි සේ ප්‍රිය කරන උග්‍ර රසිකාවියක් ද වන අතර සෑම වසරකදීම මා ඇයගේ උපන් දින සාදයට සහභාගි වීම අනිවාර්ය කටයුත්තකි.

ශනිලාගේ උපන්දින සාදය සංවිධානය කිරීම සඳහා ගෙෂ්නිද විශාල ලෙස දායක වී කටයුතු කරන්නීය. එහිදී මා හට ගෙෂ්නිව සහ ඇගේ පවුලේ අයවද නොවරදවාම වාර්ෂිකව මුණගැසෙන අතර ඇයගේ ක්ලේන් සහ කෙනන් යන පුතුන් දෙදෙනා මා සමග ගීත ගායනා කිරීමට ද සම්බන්ධ වෙති. එම දරුවන් ද මා සමඟ අතිශය හෘදයාංගම අතර මටද ඔවුන් මගේ දරුවන් සේ සෙනෙහසක් හැඟේ.

ගෙෂ්නිගේ පියා වන උපාලි සිල්වා, මැසන්ඩ් විද්‍යාලයේ ගුරුවරයෙකු ලෙස සේවය කරන අතර ගුරුවරියක ලෙස සේවය කළ ඇගේ මව රමණී සිල්වා මේ වන විට එයට සමුදී ඇත. ගෙෂ්නිගේ වැඩිමහල් සොයුරු ශවන්තද විවාපත් අතර ඔහුට ඩිශේන් නමින් එක් පුතෙක් ද සිටී.

තෙරුවන් සරණින් නිදුක් නිරෝගී ව ගෙෂ්නිට සිය සැමියා සහ දරුවන් සමග යෙහෙන් සන්තුෂ්ටියෙන් ජීවිතය ගෙවන්නට වාසනාව උදාවේවායි සුභාෂිංශන ගෙන එමි.
ප්‍රවීණ ඡායාරූප ශිල්පී දයාන් විතාරණ ශිහාන් මිහිරංග ගේ බිරිඳ වන ගෙෂ්නි ක්ලෙමන්ටා පිළිබඳව මෙලෙස අදහස් දැක්වූවා. ඉතින් ශිහාන් මිහිරංගගේ ආදරණීය කැදැල්ලට තව තවත් සතුට ඉතිරෙන්නට සුබ ප්‍රාර්ථනා එක් කරනවා වගේම ගෙෂ්නි ක්ලෙමන්ටාට සුබ උපන්දිනයක් වේවා කියා සුබ පැතුම් එක් කරමු.

Leave a Comment