Lifestyle

ලංකාවේ ඉන්න ප්‍රසිද්ධ චරිත මගෙන් සල්ලි ඉල්ලගෙන නොදී තියෙනවා – ශෂී ඇන්ජලීනා

රුවන් හෙට්ටිආරච්චිගේ ‘නොදැක ඉන්න බෑ’ මියුසික් වීඩියෝව තුලින් කලා ක්ශේෂ්ත්‍රයට පිවිසෙන කෙනෙක් තමයි ශෂී ඇන්ජලීනා කියන්නේ. මියුසික් වීඩියෝ දෙසීය පනහකට අධික ප්‍රමාණයකට තම රංගන දායකත්වය ලබා දුන්න සුරූපිනියක් තමයි ශෂී. ඉතින් ඇය රංගනයෙන් දායක වුණු මියුසික් වීඩියෝ අතර හීන ගානේ, ඔබ ගියා කියා, මට මගේ වුණු, වෙන්ව යන්නද, පාරා දෑස, දගකාර හීනේ, දැකලා, මහ කළුවරයි, ජීවිතේ මා පැතූ, පණ සේ, ඇස් ආදරෙන් පුරෝනා වැනි මියුසික් වීඩියෝ ගණනාවක ඇය රංගනයෙන් දායක වුණා.

ඉතින් මියුසික් වීඩියෝ තුලින් ප්‍රේක්ෂකයන් වසගයට ගත්ත මේ සුරූපි රුවක් හිමි ශෂී ඇන්ජලීනා රංගන ශිල්පිනියක් වගේම නිවේදිකාවක් විදියටත් වැඩ කටයුතු කරනවා. ඇය රංගනයෙන් දායක වුඣු ජනප්‍රිය ටෙලිනාට්‍යයක් තමයි ජාතික රූපවාහිනියේ විකාශය වුණු ‘ සකල ගුරු’ ටෙලිනාට්‍යය. ඒ වගේම මේ දිනවල විකාශය වන ටෙලිනාට්‍යයක් තමයි සියත ටීවී ඔස්සේ දකින්න ලැබෙන ‘විසේකාර හාදුවක්’ ටෙලිනාට්‍යය.

ඉතින් රංගන ශිල්පිනියක් වන ශෂී සදහන් කරන ආකාරයට ඇය කලා ක්ශේෂ්ත්‍රය තුල ඉන්න ගොඩක් රංගන ශිල්පීන් ශිල්පිනියක් ඇසුරු කරන්නෑ කියලයි. ඉතින් ඇය ළගින්ම ඇසුරු කරන්නේ සංගීත් ප්‍රභූ සහ කස්තුරි ජයවර්ධනයි. ඉතින් තමන්ට තවම පෙම්වතෙක් නැතිව තනිකඩ ජීවිතයක් තමයි ඇය දැන් ගත කරන්නේ. ඉතින් ඒ ගැන ඇය යූ ටියුබ් මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.

” මට පෙම්වතුන් ඉදලා තියෙනවා. ඒ හැමෝම මමත් එක්ක ඉදලා තියෙන්නේ ඒ ගොල්ලන්ගේ වාසියට. මම කලා ක්ශේෂ්ත්‍රයේ ඉන්න ගොඩක් දෙනෙක්ට සල්ලි දීලා තියෙනවා. ලොකු ගණන් ඒ කියන්නේ ලක්ෂ 10 ක් එහෙම දෙන්නේ. ඊට පස්සේ මම ණයට අරන් වගේ ඒ ගොල්ලොන්ගේ පස්සෙන් ගිහින් ඉල්ලගන්න ඕන.

මම ආයේ කවදාවත් ආදරය කරන එකක් නෑ. මට ඕන අම්මට මගෙන් වෙන්න ඕන යුතුකම් ඉටු කරන්න. ඒක තමයි මගේ බලාපොරොත්තුව. මම මේ ලෝකේ කිසිම කෙනෙක්ව විශ්වාස කරන්නෑ. මම විශ්වාස කරන්නෙ මම විතරයි. මට හිතිලා තියෙනවා මටත් කාගෙ හරි රැකවරණයක් ලැබුණොත් කොච්චර හොදද කියලා. ඒත් මීට කලින් ලැබුණු අත්දැකීම් එක්ක ආයේ හිතනවා මම ඉන්න විදිය හොදයි කියලා.’’

ඉතින් මේ විදියට තමයි ශෂී ඇන්ජලීනා ඇගේ අදහස් දක්වලා තිබුණේ. ඉතින් ඇගේ ඉදිරි වැඩ කටයුතු වගේම අනාගත බලාපොරොත්තු ඒ විදියටම සාර්ථක වෙන්න කියලා අපි සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

Leave a Comment