Lifestyle

දරුවන් කියන්නේ දෙවියන් වහන්සේගෙන් මට ලැබුණු ආශිර්වාදයක් – ශානිකා වනිගසේකර

රසංග වේදිකාවේ මේ නම නැත්නම් ඒ වේදිකාවම පාලුයි. ඒ තරමට සංගීතය කියන විශ්ව භාෂාව තුලින් රසික හදවත් තුල ලැගුම් අරන් ඉන්න ඒ ජනප්‍රිය ගායිකාව තමයි ශානිකා වනිගසේකර. නමුත් ගොඩක් දෙනෙක් ඇයව හදුන්වන්නේ බේබි ශානිකා කියලයි. ඇය රටම දන්න ගායිකාවක් වුනත් නිවසට ආදරණීය බිරිදක් වගේම දරුවන්ට ආදරණීය අම්මා කෙනෙක්.

ඉතින් සංගීත වැඩ කටයුතුත් එක්ක කාර්යබහුල වෙලා ඉන්න ශානිකා දරුවන්ගේ වැඩ කටයුතු වගේම නිවසේ වැඩ කටයුතුත් මනාව ඇය විසින්ම සිදු කරනවා. ඉතින් වෘත්තියෙන් ගායිකාවක් වුනත් ශානිකා හැමදාම හිතුවේ නිවසේ දරුවන්ගේ වැඩ කටයුතු වලදී ප්‍රවීණ කෙනෙක් විය යුතුය කියලයි. ඉතින් ඒ නිසාම පාන්දර පහට අවදි වෙලා කෑම බීම පිලියෙල කිරීම ඇය පුරුද්දක් කරගෙන තිබුණා.

ඉතින් කොයි තරම් කාර්යබහුල වුණත් දරුවන්ගේ වැඩ නොපිරුහෙලා සිදු කරන්නේ ඇය හිතන්නේ දරුවන් කියන්නේ දෙවියන් වහන්සේගෙන් ඇයට ලැබුණු ආදර්ශයක් කියලා හිතලයි. ඒ නිසාවෙන් දරුවන්ගේ වැඩ කටයුතු වලට මුල් තැන දෙනවා. ඉතින් ඇය හදන ඕනෑම කෑමක් සැමියාත් දරුවනුත් අගය කර කර තමයි ගන්නේ.

ඉතින් නිවසේ හැම වැඩ කටයුත්තක්ම කරනවිට සිංදු අහමින් තමයි ඇය සිදු කරන්නේ. ඉතින් නින්දට යනවිට පවා ගීත අහමින් ඉන්න ශානිකා සංගීතය ඇගේ ජීවිතයේ කොටසක් බවට පත් කරගෙනයි ඉන්නේ. ඉතින් දරුවන්ට කෑම හදනවිට තෝරා බේරා ගැනීම සිදු කරන ආකාරය ගැන ඇය පුවත් පතකට අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.

” මම දරුවන්ට කෑම හදනකොට ඔවුන්ගේ පෝෂණය ගැනනම් හිතනවා. මම එයාලට බිම වැටිලා තියෙන බත් ඇටේ පවා කන්න පුරුදු කලා. මම හරි ආසයි සැමියයි දරුවොයි කැමති කෑම හදලා දෙන්න. ගෙදර ඉන්න කාලේනම් මම කුස්සිය පැත්තෙවත් ගියේ නෑ. ඒත් දැන් මට ඕන කෑමක් හදන්න පුලුවන්. ඉවුම් පිහුම් කියන්නේ කලාවක්නේ. ඉතින් ඒ කලාව ඇතුලේ මම කලාකාරිනියක්. මට සැමියත් උදව් කරනවා කෑම හදන්න.”
ඉතින් මේ විදියට තමයි ශානිකා වනිගසේකර නිවසේ වැඩ කටයුතු සිදු කරන්නේ. ඉතින් ඇගේත් සිය පවුලේත් සියලු සිතුම් පැතුම් ඉටු වෙන්නට අපි සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

Leave a Comment