Lifestyle

බිම වැටිලා තියෙන බත් ඇටේ පවා කන්න පුරුදු කරේ මම

ප්‍රසංග වේදිකාවක දී ඇගේ හඬට ඔබ වඩාත් ම සමීප වන්නේ ඇගේ ගායනා විලාශය නිසයි. ඒවගේම ඇය නැති ප්‍රසංග වේදිකාවක් අපි බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. ගීත ගායනයේදී ප්‍රාසාංගිකත්වය ඉහළින් ම පෙන්වන ගායිකාවක් ලෙස අපිට ශානිකා වනිගසේකර ව හඳුන්වන්න පුලුවන්. රසික හදවත් තුළ නො මැකෙන නාමයක් සනිටුහන් කරමින් විශ්ව භාෂාවක් වන ගායනයෙන් අපේ හදවතේ ලැගුම් ගන්න ගායිකාවක් ලෙස ද ඇය හඳුන්වන්න පුලුවන්. ශානිකා වනිගසේකර නොකියා බේබි ශානිකා කියුවත් අපි කවුරුත් දන්නවා. ඇය මේ දවස් වල මොකද කරන්නේ කියලා බලමු.

මේ දිනවල ප්‍රසංග වේදිකාවල වැඩ කටයුතු නො කෙරෙන නිසා ඇය නිතරම සිටින්නේ නිවසේයි. බොහොමයක් කාන්තාවන් ප්‍රිය කරන්නේ තම පවුලේ අයවලුන් සමගින් නිවසේ රැඳී සිටීමටයි. ඉතින් මේ ශානිකා ද එම කාන්තාවන් අතරින් එක්කෙනෙකි. ප්‍රසංග නැති කාලයේ දී පමණක් නොව ඇය බොහෝ කාර්ය බහුල වී සිටින කාලයේ දී පවා නිවසේ වැඩ කටයුතු සියල්ල මනාව සිදු කරමින් දරුවන්ගේ වැඩකටයුතු සමගින් ස්වාමියාගේ වැඩ කටයුතු ද සාර්ථකව සිදු කර ගැනීමටද මෙම ශානිකාට හැකියාව තිබේ.

විශේෂයෙන්ම ඇය දරුවන්ගේ කෑම බීම පිළිබඳව ද නිතර හොයා බලා ඔවුන්ගේ රුචි අරුචිකම් අනුව කෑම හදා දෙනවා. ගායනය තුළින් කෙතරම් කාර්ය බහුල වුවත් ශානිකා තම පවුල වෙනුවෙන් යුතුකම් ඉටු කරන්නට නම් කිසිම පැකිළීමක් නෑ. වෘත්තියෙන් ගායිකාවක් වුණත් ඇය නිතරම සිතන්නේ තමා මවක් සහ බිරිඳක් ලෙසයි. දරුවන් වෙනුවෙන් ස්වාමියා වෙනුවෙන් තම යුතුකම් සහ වගකීම් ඉටු කරන්නට ඇය බෙහෙවින් ප්‍රිය කරයි.

මෙතරම් කාර්ය බහුල වන ශානිකා නිවසේ ව වැඩ කටයුතු සිදු කරන්නේ සැලැස්මකට අනුව යි. ඇය විශ්වාස කරන ආකාරයට දරුවන් කියන්නේ දෙවියන් වහන්සේගෙන් ඇයට ලැබුණු ආශීර්වාදයක් කියලා. එම නිසා ඇය දරුවන් වෙනුවෙන් නොපිරිහෙළා තම යුතුකම් ඉටු කරනවා. මෙතරම් කාර්ය බහුලව ඉන්න ඇය කෑම බීම සෑදීමට නම් රුසියෙක්. ඇයට ගමේ ගොඩේ කෑම පමණක් නොව බටහිර පන්නයේ ද නොයෙකුත් කෑම වර්ග සෑදීමට හැකියාවක් තියෙන බැව් ඇය පවසන්නේ ඉතා ආඩම්බරයෙනි. ඉතින් ඇය හදන කෑම රස නිසාම ඇගේ පවුලේ ස්වාමියා ඇතුළු දරුවන් සකසන කෑම කන්නේ ඉතාමත් සතුටිනි.

ඒ වගේම ශානිකාගේ ගෙදර කට්ටිය කැමති ම කෑමක් තියෙනවා. ගෙදර නිතරම හදන්න කැමති සහ සියල්ලෝ ම කන්න කැමති ඒ කෑම. ඒක ස්පෙෂල් බත් එකක්. හරිම සරලව හදන්න පුළුවන් නිසා ශානිකා එය සෑදීමට හරිම කැමතියි.

ඇය හදන කෑම රස වෙන්න හේතුව අත් ගුණය නොවේ හිත් ගුණ කියයි ඇය කියන්නේ. මුළුතැන්ගෙයි වැඩ කටයුතු කරන විට බොහෝ වෙලාවට ශානිකා ගීතයක් අසමින් තමයි වැඩ කටයුතු කරන්නේ. කලාව තම ක්ෂේත්‍රය කරගත් ශානිකා තම ජීවිතයද සංගීතය බවට පත් කර ගෙනයි තියෙන්නේ.
ඒ වගේම නින්දට යන විට ද අනෙකුත් නිවසේ වැඩ පළ කරද්දී ඇය නිතරම ගීත අසමින් තමයි සිදු කළේ. සංගීතය ඇගේ ජීවිතයේ කොටසක් බවට පත් වෙලා තියෙන්නේ.


වර්තමානයේ මෙතරම් දක්ෂ ලෙස කෑම සැකසීමට රුසිකම් කියන ශානිකා ඇය කුඩා අවධියේ නම් ඉවුම් පිහුම් වැඩවලට කිසිම උවමනාවක් දැක්වුවේ නැහැ. නමුත් විවාහයෙන් පස්සේ ඇය කෑම හදන්න පුරුදු වුණා. ඉක්මනින් ම කෑම සෑදීමටත්, ඕනම ප්‍රමාණයකට කෑම සැකසීමටත් ශානිකා දස්කම් දක්වයි.
ඇය විශ්වාස කරන ආකාරයට කෙනෙකු මිය යාමට පෙර කාල බීලා සතුටින් විනෝදයෙන් සිටියොත් මියගිය ද කිසිදු දුකක් නැති බවයි. නමුත් කෑමට මෙතරම් ආශාවක් දක්වන ශානිකා තමන්ගේ ශරීරය පිළිබඳව ද සිතා බලා ආහාර ගන්නවා. ඒ නිසා ඇය බත් අඩුවෙන් ආහාරයට ගෙන එළවළු පලතුරු සලාද මස් මාළු වැඩිපුර කෑමට එකතු කර ගන්නවා.


මෙතරම් කාර්ය බහුල ඇය තම ගෙවත්තේ ද වගා කරන්නේ නැවුම් එළවළු පලතුරු තම වත්තෙන් ලබා ගැනීමටයි. එහි පලයන් නෙළන විට ඇත්තේ අමුතු ම හැඟීමක්. ඉතින් දරුවන්ගේ අධ්‍යාපනය නිවසේ වැඩ කටයුතුත් සමබර ව සිදු කරන ශානිකා වනිගසේකර සංගීත ක්ෂේත්‍රය තුළද කාර්ය බහුල වුවත් මෙම සියල්ල මැනවින් කළමනාකරණය කරගැනීමට ඇයට හැකියාව තිබෙනවා. එබැවින් ඇය තම පවුල අංක එක බවට පත් කර ගෙන තිබෙන්නේ. ඉතින් ගායන ක්ෂේත්‍රය තුළ ප්‍රාසාංගිකත්වය උපරිමයෙන් පෙන්වන වේදිකාවක නැතුවම බැරි මෙම ශානිකා වනිගසේකර ගෙ ඉදිරි කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වන්නට අපි අපි හදවතින් ම සුබ පතමු.

Leave a Comment