Lifestyle

“දැන් මම තීරණයක් ගන්න කලින් දහ පහලොස් වතාවක් හිතනවා” අලුත බැදපු ශානිකා කිව්ව කතාව

සිරස සුපර් ස්ටාර් තරු මාවතේ ඇවිදිමින් ජනප්‍රිය ගායිකාවක් වූ යුවතියක් තමයි ශානිකා මධුමාලි කියන්නේ. ඇය ගැන තොරතුරු නිතර නිතර දකින්නට නොලැබුණත් ඇය ප්‍රසංග වේදිකාවටනම් නැතුවම බැරි ගායිකාවක් වී හමාරයි. ඉතින් අපි බලමු ඇය ගැන.

ඇය සුපුරුදු පරිදි ප්‍රසංග වේදිකාවක් එක්ක එකතු වෙනවා. ඉතින් වසංගත කාල සීමාව නිසා නිවසට වෙලා ඉන්නත් සිද්ධ වුණා කියලයි ඇය කිවුවේ. ඇය නිරන්තරයෙන්ම ගීත මුදා හරින්නැත්තේ ඇගේ පසු ගිය වසර වල කල ගීත එළියට එන නිසයි. ඇය සුපර් ස්ටාර් තරගයෙන් ආපු විදියක් තියෙනවා. ඉතින් ඒ අනුව තමයි ඇය වැඩ කරන්නේ කියලා තමයි ශානිකා කියා සිටියේ.

සිරස සුපර් ස්ටාර් එකෙන් ලබපු ජයග්‍රහණය නිසා ඇයට මේ විදියට මිනිසුන් අතරට එන්න පුලුවන් වුණේ. ඒ පිලිබදව ඇය ස්තූති වන්ත වෙනවා සිරස නාලිකාවට. ඒ වගේම සිරසෙන් කරල දුන්න සීඩී එක නිසා ඇයට තවමත් ප්‍රසංග වලට ආරාධනා ලැබෙනවා කියල තමයි ශානිකා කිවුවේ. ඇය ජනප්‍රියත්වය කියන දේ හොයාගෙන යන්නැති කෙනෙක්. ඇයට අවශ්‍යවන්නේ ගමන හිමින් යන්න.

ජනප්‍රියත්වයෙන් වැඩ ගත්තා මදි කියලා ඇයට හිතෙනවලු. ඉතින් ඇය තමන්ගේම ගීත කීපයක් කරන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නේ. ඇයගේම ගෘහස්ථ ප්‍රසංගයක් කරන්නට තමයි ඇයගේ එකම ඉලක්කය වී තිබෙන්නේ. ඉතින් ඒ සඳහා ගීත කිහිපයක් එකතු කරගන්න ඕන නිසා තව ටික කාලයක් ඉන්නේ.

ශානිකාගේ ජීවිතයට එකතුවුණු කෙනා හමුවුණු ආකාරය ගැන ඇය අපිට කිවුවේ මෙහෙමයි.
‘මම විදෙස් ප්‍රසංගයකට ගිහින් එද්දි මාව දැකලා එයා විවාහ යෝජනාවක් ගෙනාවා. කතා බහ කලාම මගේ ගමනට උදව් කරන්න පුලුවන් හොද කෙනෙක් කියලා දැනුනා. විවාහ යෝජනාව ගෙනෙද්දි එයා දැනගෙන හිටියෙ නෑ මම ගායිකාවක් කියලා. හැබැයි එයා සිංදු වලට හරිම කැමතියි.’

ඉතින් ශානිකා ඇගේ සහකාරයා ගැන මෙහෙමයි කිවුවේ. ඔහුගේ යෝජනාවත් සමග ඇය එක විටෙකම එකග වුණේ නෑලූ. ඒ මොකද ඇයට මුල සිටම හමු වුනේ වාසියටම හිටිය පුද්ගලයන්. ඉතින් ඒ නිසා මේ තීරණය ගන්න ටිකක් කාලය ගිහින් තියෙනවා. ඉතින් තරුණයන්ගේ ආදරය ලැබ සිටි ශානිකාගේ මේ වෙනස්වීමත් එක්ක ගොඩක් තරුණයන් ඇගෙන් කෝල් කරලත් ඇත්තද කියල ඇහුවා. ඒත් ශානිකා කියන්නේ ඇයගේ තීරණයක් ලේසියකට වෙනස් වෙන්නෙ නෑ කියලා. ඉතින් ශානිකාගේ පෙම්වතා එසේත් නැතිනම් දැන් ඇයගේ සැමියා විදෙස් ගත වෙලා ඉන්නේ. ඉතින් ඒ නිසා ඇයට මංගල උත්සවයේ වැඩ කටයුතු තනියම සූදානම් කරන්න වෙලා තිබුණා.

විවාහයෙන් පසු ක්ශේෂ්ත්‍රයෙන් ඉවත් වෙන්න මුල් කාලයේ අදහසක් තිබුනත් ඇයට ලැබුණු සැමියා ඇගේ ඉදිරි ගායනා කටයුතු කරගෙන යන්නට උදවුකරන වන බවයි ඇය සදහන් කලේ. ඒ තරමටම ඇගේ සැමියා සංගීතයට උදව් කරනවා. ඉතින් ඒ නිසා ඇයට සංගීත කටයුතු ඉදිරියට කරගෙන යන්නට හැකි වන බවයි ඇය පැවසුවේ. ඉතින් ශානිකාගේ ජීවිතයට ලැබීම් නොලැබීම් දෙකම සමරව ලැබුනු බවයි ඇය සදහන් කලේ. ඒ නිසා ඇය තීරණ ගනිද්දි එක් වතාවක් නොවේ දහ පහලොස් වතාවක් හිතනවා.

ඉතින් පසු ගිය දිනක විවාහ දිවියට පත් වූ ශානිකා මධුමාලීගේ ඉදිරි ජීවිතය සතුටින් ගත කිරීමට හැකි වේවායි අපි සුබ ප්‍රාර්ථනා එක් කරමු.

Leave a Comment