Lifestyle

ආදර යෝජනා ගොඩක් එනවා ඒත් පිළිගන්නේ නෑ

ලස්සන රූපයක් ලැබෙන්නේ පෙර පිනකට. ඒ වගේම රූපය ලස්සන වෙන්නේ හිත ලස්සන අයගෙ කියලත් අපි අහල තියෙනවනේ. ලස්සන රූපයකට උරුම කම් කියන සුන්දරියක් තමයි ශලිනි ප්‍රනාන්දු කියන්නේ. සැබැවින් ම ලස්සන ඇය කලා ක්ෂේත්‍රයට පිවිසෙන්නේ අවුරුදු කුමාරියක් ලෙස තේරී පත් වුණු නිසා.


ඒ කියන්නේ ඇය කලා ක්ෂේත්‍රයට එන්නේ ඇගේ රූප ස්වභාව අතින් ඇය ඉහළ ස්ථානයකින් ඉන්න නිසා. ශලිනි මේ දිනවල අපිට අපට බොහෝ සෙයින් දැකගන්නට හැකි චරිතයක්.
දෙවෙනි ඉනිමේ ලිහිණි ලෙසත් ලොක්කි ටෙලි නාට්‍යයේ ලොක්කි එහෙමත් නැතිනම් සමාදි ලෙසත් ඇය ප්‍රේක්ෂකයන් අතරට එනවා. අවුරුදු කුමරියගෙන් ජයග්‍රහණය වුණු ඇය ප්‍රථමයෙන් ම රංගනයෙන් දායක වන්නේ දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ. එහි ඇය මුලින්ම පාසල් ශිෂ්‍යාවකගේ චරිතයකට තමයි පණ පොවන්නේ. ඒ වගේම ඇය ගැමි චරිත තුලින් තමයි අපිට බලා ගන්න ලැබෙන්නේ. ඇයව ගොඩක් අය හඳුනන්නේ චූටි මැණිකේ විදියටයි.

ඉතින් එකී මෙකී විවිධ නමි වලින් හඳුන්වන ශලිනි ගැමි චරිත වලට හොදින් රංගනයෙන් දායක වෙන රංගන ශිල්පිනියක්. ඉතින් ඇය කියන්නේ මේ චරිතයට ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙන බවයි. ඇයගේ නමට වඩා හැමෝම ඇයට කතා කරන්නෙ චූටි මැණිකේ කියලයි.

ශලිනි කියන විදියට ඇය ෆැෂන් පසුපස හබා යන කෙනෙක් නෙමෙයි ඒත් ෆැෂන් කරනවනම් කරන්නේ තෝරා බේරගෙන කියලයි. නොගැළපෙන දේවල් කරන්නෙ නෑ කියලා.
ඉතින් මෙවන් වූ ආදරණීය රංගන ශිල්පිනියකගෙන් ආදරය ගැනත් කතා කරන්න අමතක කරන්න ඕන. ඇයට විවාහ යෝජනා බොහෝමයක් ආවත් නමුත් ඇය ඒ කිසිවක් පිළිගන්නේ නෑලු.
ඇයගේ ඉදිරි කලා කටයුතු වලින් අලුත් විදියේ වෙනස් ම දෙයකින් ප්‍රේක්ෂකයන් අතරට එන්න තමයි ඇය බලාපොරොත්තු වෙන්නේ. ඇය ඒ වගේම රංගනය පිලිබදව හදාරන්න තමයි බලාපොරොත්තුවෙන් ඉන්නේ.


ඉතින් තරුණයන්ගේ ආදරණීය කුමරියක් වන ශලිනි ප්‍රනාන්දු මෝස්තර නිරූපන අංශයෙන් වැඩි දුර ඉගෙන ගන්නත් කලාවේ දිගටම රැඳී ඉන්නත් ශලිනි බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඉතින් මේ නිරහංකාර කලා ශිල්පිනියගේ අනාගත වැඩ කටයුතු සාර්ථක වීමට අපේ සුබ ප්‍රාර්ථනා එක් කරමු.

Leave a Comment