Lifestyle

මට ලැබුණු ගොඩක් චරිත මම ඇදුම් නිසා බාර ගත්තේ නෑ, කීයක් දෙනව කිව්වත් මම කරන්නෑ

දෙරණ නාලිකාවේ විකාශය වන ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වන දෙවෙනි ඉනිම කියන්නේ කවුරුත් දන්න ටෙලිනාට්‍යයක්. ඉතින් දෙවෙනි ඉනිමේ චරිත මිනිස්සුන්ගේ ජීවිත වලට ගොඩක් සමීපයි. ඒ විදියට දෙවෙනි ඉනිමේ මැදකින් හමු වුණ චරිතයක් තමයි ‘ලිහිනි’ කියන්නේ. ගමේ ඉදන් කොළඹ ඇවිත් දිගු කාලයක් කතාව තුල රැදී සිටින චරිතයක් විදියට දෙවෙනි ඉනිමේ ලිහිණි පෙන්වා දෙන්න පුලුවන්.

ඒ වගේම ඇය දෙරණෙහි විකාශය වුණු කෙටි නාට්‍යයක් වන ‘ලොක්කි’ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයත් ඇය විසින් සිදු කලා. ඉතින් ඒ විදියට මෙවැනි චරිත අතරින් අපි හමුවට එන ඇය ශලනි ෆර්නෑන්ඩෝ. ශලනි කියන්නේ දෙරණ අවුරුදු කුමරිය තරගාවලියෙන් කිරුළු පැළදූ කෙනෙක්. ඉතින් ඇය කලාවත් එක්ක එකතු වුණු ආකාරය ගැන ඇය මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දැක්වූයේ මේ විදියටයි.

” දෙරණෙ අවුරුදු කුමරිය විදියට අභිෂේක ලබා ගෙන ඊට පස්සේ දෙවෙනි ඉනිම චරිතයකට අපිව ස්ක්‍රීන් ටෙස්ට් කලා. අපිට එදා කරන්න තිබුණේ දෙවෙනි ඉනිමේ සොනාලි ටීචර්ගේ චරිතෙ. ඉතින් ඊට පස්සේ මාව ලිහිණි චරිතෙට තෝරගත්තා. මම ලැබෙන ගොඩක් චරිත බාර ගන්නෙ නෑ. මම ස්ක්‍රිප්ට් එක, අදින ඇදුම් වගේ දේවල් ගැන ලොකුවට බලනවා චරිත බාර ගන්න කලින්. ඉතින් ඒවගේ චරිත මම බාර ගත්තේ නැති අවස්ථා ඕන තරම් තියෙනවා. කීයක් දෙනවා කිව්වත් මම බාරගන්නෙ නෑ ඒ චරිත.”

ඉතින් මේ විදියට තමයි දෙවෙනි ඉනිමේ ලිහිණි එහෙමත් නැත්නම් ශලනි අදහස් දක්වලා තිබුණේ. ඉතින් ඇගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා අපි හදවතින්ම සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

Leave a Comment