Lifestyle

” ඔයාට විසිපහ පැනලත් කොල්ලෙක් නැත්නම් මිනිස්සු ඔයාට කියයි අපලකාරියක් කියලා”

ශලනි තාරකා කියන්නේ පුවත් මවන චරිතයක්. රංගන ශිල්පිනියක් විදියට රසික ආදරය නොවඩුව දිනාසිටි ඇය ගැන හැමෝම වගේ උනන්දු වෙනවා. මේ කියන්න යන්නේ ඇය මුහුණු පොතේ දැමූ අමුතු සටහනක් ගැනයි.

“ගැහැණියෙක් වෙන එක අමාරුයි. ඔයාගේ පියයුරු කුඩායි නම් මිනිස්සු කියයි ඔයා කැතයි කියලා ඔයාගේ පියයුරු පිරිපුන් නම් මිනිස්සු කියයි ඒවා හොදට වහගන්න කියලා ඔයාගේ පපු පෙදෙස කුඩායි නම් මිනිස්සු ඔයාට කියයි ඇටකෝට්ටක් කියලා
ඔයාගේ පසු ප්‍රදේශය ලස්සනට පිරිපුන්ව තියෙනවානම් මිනිස්සු කියයි ඔයා ඒවා උලුප්පලා පෙන්වනවා කියලා , ඒවා කැපී පේන්න ඇදුම් අදින්න එපා කියලා
ඔයා කොටයි නම් මිනිස්සු කියයි ඔයාට අඩි උස සෙරෙප්පු දාන්න කියලා ඔයා උසයි නම් ඔයාට කොල්ලෙක් හොයාගන්න අමාරුයි. මිනිස්සු කියයි කොල්ලට වඩා කෙල්ල උස වෙන්න බැහැ කියලා
ඔයා කාලා බීලා බෝලෙට ඉන්නවා නම් මිනිස්සු කියයි ඔයාට ඩයට් කරන්න කියලා, නැත්නම් ඔයාට ලස්සනට ඉන්න බැරිවෙයි කියලා ඔයා කෙට්ටුයි නම් මිනිස්සු කියයි ඔයා ලෙඩෙක් කියලා, ඔයාට කියයි හොදට කන්න කියලා


ඔයා ලස්සනට අදිනවනම් මිනිස්සු ඔයාට කියයි ඔයා සෝබනකාරියක් කියලා ඔයා සරලව අදිනවනම් මිනිස්සු ඔයාට කියයි ෆැෂන් ගැන දන්නෙ නැති ගොඩේ එකියක් කියලා ඔයා හැම මොහොතෙම විනෝදයෙන් ගත කරන සමාජශීලී කෙනෙක්නම් මිනිස්සු ඔයාට කියයි විසේකාරියක් කියලා ඔයා පැත්තකට වෙලා ඔයාගේ පාඩුවෙ ඉන්න කෙනෙක්නම් මිනිස්සු ඔයාට කියයි ලැජ්ජාකාරී කියලා ඔයාට විස්ස පනින්නන්ටත් කලින් කොල්ලෙක් ඉන්නවානම් මිනිස්සු ඔයාට කියයි හැදියාවක් නැති එකියක් කියලා


ඔයාට විසි පහ පැනලත් කොල්ලෙක් නැත්නම් මිනිස්සු ඔයාට කියයි අපලකාරියක් කියලා ඔයා කලුයිනම් මිනිස්සු ඔයාට කියයි ඔයා ප්‍රියජනක නැහැ කියලා. ඔයාට කියයි සුදු වෙන්න කියලා. ඔයා සුදුයි නම් මිනිස්සු ඔයාට කියයි ඔයා ඉන්ජෙක්ශන් ගහලා කියලා ඔයා මොන දේ කරත් මිනිස්සු ඔයාට මොනාහරි දෙයක් අනිවාරෙන් කියනවා. ඔයා හොදක් කරත් නරකක් කරත් අන්තිමට වැරදිකාරයා වෙන්නෙත් ඔයාමයි. ඒකයි මේ ලෝකයේ හැටි. ඒත් ඔයා දන්නවද ඔයා හරි ලස්සනයි. ඒ නිසා ඔයා ඔයාගේ විදියට ජීවත් වෙන්න. මේ ජීවත්වන ටික කාලයේ ඇයි අපි අනුන් කියන විදියට ජීවත් වෙන්නේ. මේ ඔයාගේ ඇඟ. මේ ඔයාගේ ජීවිතය. ඉතින් ඔයාම තමයි ඔයා ගැන තීරණ ගන්නත් ඕනි. ඔයා ශක්තිමත් වෙන්න හැම මොහොතෙම. ලෝකයට පෙන්වන්න ඔයා කවුද කියලා. මොකද මේ ලෝකයේ වැඩියෙන්ම බැනුම් නින්දා එල්ලවෙන ගැහැණුන්ට. ඉතින් ඒ ගල් මුල් හමුවේ ශක්තිමත්ව ඉන්න ඔයාට පුලුවන් වෙන්න ඕනි. ලෝකයේ ලොකුම වේදනාව ඉවසන්නෙත් ගැහැණියක් එහෙමත් නැත්නම් මවක්. ඒ වගේම ගැහැණියක් වෙන්න හැමෝටම බැහැ. මොකද ගැහැණියක් වීම අමාරු දෙයක්. ඉතින් ඔබට ආදරය කරන්න.”

Leave a Comment