Lifestyle

මම කැමතිම ඔසරිය අදින්න එතකොට හැමෝම අගය කරනවා – සෙනාලි ෆොන්සේකා

උපතින්ම රංගන කුසලතාවය ගෙන ආ සෙනාලි ෆොන්සේකා පසුගිය දිනවලනම් පුංචි තිරය හරහා දැක ගන්න ලැබුණා. ඒ ගොඩක් ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වුණු ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වුණු ‘නාඩගම්කාරයෝ’ ටෙලිනාට්‍යයේ සුදු චූටි විදියටයි. ඉතින් කලා පවුලක ඉපදුනු සෙනාලිගේ ලොකු නැන්දා වෙන්නේ නිලි රැජින මාලනී ෆොන්සේකා බව අපි කවුරුත් දන්න නොරහසකි.

ඉතින් වැඩි කාලයක් එංගලන්තයේ ජීවත් වන සෙනාලි ෆොන්සේකා විවිධ විලාසිතා අනුගමනය කරන සුරූපි තරුණියක්. ඉතින් වැඩිපුර කාලයක් එංගලන්තයේ ඉන්න නිසා ලංකාවට එන්නත් කලින් ඒ විලාසිතා සියල්ල එංගලන්තයේත් දැකගන්න ලැබෙනවා. ඉතින් ඒ ගැන ඇය සදහන් කලේ කොයි තරම් විලාසිතා තිබුණත් ඇය සුදුසු විලාසිතා පමණයි තෝරගන්නේ.

ඉතින් ඇගේ හැඩය, වයස සහ ශරීරයට පහසුද යන්න බලලයි ඇය විලාසිතා කරන්නේ. ඉතින් සෙනාලි ඇගේ දෙමව්පියන්ගෙන් අහලා තමයි විලාසිතා කරන්නේ. ගොඩක්ම සෙනාලි කැමති ඔසරිය අදින්නයි. ඒ ඇයව කට්ටිය අගය කරන නිසයි. ඉතින් කොහොම වුණත් සෙනාලි පවසන්නේ ඇගේ චරිත වලට කරන විලාසිතා පවා මිනිසුන් අගය කරනවා කියලයි. ඉතින් සෙනාලි තෝරගන්න විලාසිතා ගැන ඇය පුවත් පතකට අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.

” මම සහභාගි වෙන මූඩ් එක අනුව විලාසිතා කරන විදිය වෙනස්. ගොඩක් වෙලාවට ගැලපෙන විලාසිතා හොයන්නැතුව නොගැලපෙන විලාසිතා එකතු කලාමත් ලස්සන විලාසිතාවක් එකතු වෙනවනෙ. අදින ඇදුමට වටිනාකමක් දෙන්න කොන්ඩය දාන විදිය සහ මේකප් එක දාගන්නවා.

ලොකු නැන්දි විලාසිතා කරන විදියට මමත් පොඩි කාලේ සාරි ඇදගෙන ජුවලරි දාගෙන අඩි උස සපත්තු දාගෙන විලාසිතා කරන්න ආසයි. අපේ අම්මත් ඉස්සර රූපලාවන්‍යාගාරයක් පවත්වාගෙන යන කෙනෙක්. එතකොට අම්ම අතිනුත් කිහිපවරක්ම මනාලියන්ට හැඩ ගැන්වෙනවා.”

ඉතින් මේ විදියට තමයි සෙනාලි ෆොන්සේකා ඇය විලාසිතා කරන විදිය ගැන අදහස් දක්වලා තිබුණේ. ඉතින් ඇගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියා අපිත් හදවතින්ම සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

Leave a Comment