Lifestyle

මම විලාසිතා කරන්නෙ මගේ දුවට ඕන විදියට

සේමිණි ඉද්දමල්ගොඩ කියලා කියන්නේ ලාංකීය කලා ක්ෂේත්‍රය තුළ බහුතර ප්‍රේක්ෂක ආදරය දිනාගත්තු ජනප්‍රිය රංගන ශිල්පිනියක් කියලා කිව්වොත් හරි. වසර ගණනාවක් පුරාවට විවිධ නිර්මාණයන් ඔස්සේ ප්‍රේක්ෂකයන් අතරට ආපු ඇය 2017 වර්ෂයේ හොඳම නිළිය සඳහා ජනාධිපති සම්මානය හිමිකර ගන්නට ඇය සමත් වෙනවා. වෙනස්ම ආකාරයේ විවිධ චරිත ඔස්සේ ප්‍රේක්ෂකයා හමුවට පැමිණි ඒ සොඳුරු චරිතය මෙරට හදවත් තුළ අදටත් ආදරණීය චරිතයක් බවට පත් වී සිටිනවා.

ඇය මෙරට ප්‍රේක්ෂකයා හමුවේ වඩාත් ජනප්‍රිය විනෝදාත්මක චරිතයක් බවට පත්වුණේ yes boss ටෙලි නාට්‍යයේ රෝෂිනී ගේ චරිතය තුළිනි. විජය නන්දසිරි මහතා, ලකී ඩයස් මහතා ඇතුළු කලාකරුවන් පිරිසකගේ සහභාගිත්වයෙන් සුන්දර ලෙස ගලා ගියේ එම ටෙලි නාට්‍යය මෙරට රසික රසිකාවියන් බොහෝ පිරිසක් නැරඹූ කතාමාලාවක් වුණා.

ඒ වගේම කොළඹ මියුසියස් විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරන ඇය පසු කාලයේ විවාහ වන්නේ පොලිස් නිලධාරියෙකු වන ධම්මික සමගයි. ඒ විතරක් නෙවෙයි ඇය ආදරණීය දියණියකගේ සෙනෙහෙබර මවක් වෙනවා. ආදරණීය මවක් වුවත් අදටත් ඇයගේ සුන්දරත්වය ඒ අයුරින්ම පවත්වාගෙන යනු ලබන කලාකාරිනියක් ලෙස ඇයව පෙන්වාදෙන්න පුලුවන්.

ඇයගේ රංගන ජීවිතය ආරම්භ වූ ආකාරය ගැන ඇය මෙහෙමයි කිව්වේ. එක් දිනෙක විවාහ මංගල උත්සවයකදී දයාන් විතාරණ ඇයගේ පින්තූර කිහිපයක් අරන් පසුව ශ්‍රියානි අමරසේන මහත්මියට මෙම පින්තූර පෙන්වා තිබුනා. ඉන්පසුව ශ්‍රියානි අමරසේන රංගන ශිල්පිනියගේ ඉරබටු තරුවට ශ්‍රියානි අමරසේන මහත්මියගේ තරුණ කාලයට චරිතය රඟපාන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් සේමිණි ඉද්දමල්ගොඩ නිළියක් බවට පත්වුණේ දයාන් විතාරණගේ සහ ශ්‍රියානි අමරසේනගේ උදව්ව නිසයි. එ වගේම ඇය මොවුන් දෙදෙනා නිසා තමයි අද තැනක ඉන්නවනම් ඉන්නේ කියලත් ඇය කියනවා.
කොහොම හරි සේමිණි ඉද්දමල්ගොඩ කියන්නේ ආදරණීය මවක්. ඇයගේ දියණියගේ නම කොමලී. ඇය තම දියණිය රංගන ශිල්පිණියක් වනවාට කිසිම කැමැත්තක් නෑ. කොමලිව ටෙලි නාට්‍ය වලටත්, වෙලද දැන්වීම්වලටත් ඉල්ලුවාට සේමිණි කැමති නැහැ ඇය නිලියක් කරන්න. ඒ මොකද අද සමාජයේ නිලියකට තිබෙන තත්වය හැමෝම දන්නවනේ. ඉතින් ඇය කැමැති නැහැ කොමලි ව කාගෙවත් වැරදි ඇහැකට ලක්වෙනවා දකින්නට. සේමිණිගේ කැමැත්තක් නැති වුණත් දියණියගේ කැමැත්තෙන් ඇය නිලියක් බවට පත් වුණොත් කමක් නෑ කියල තමයි සේමිණි කියන්නේ.

නව විලාසිතාවන් සමග අලුත් වෙන නිසා තවත් සුන්දරත්වය වැඩියෙන් පෙනෙන සේමිණි ඉද්දමල්ගොඩ මහත්මිය ගේ සුන්දරත්වය පවත්වාගෙන යාමට විලාසිතාවන් පිළිබඳව ඇයට උදව් වන්නේ ඇයගේ දියණිය වන කොමලී.
ඉතින් නිරහංකාර කලා ශිල්පිනියක් වන සේමිණි ඉද්දමල්ගොඩ ගෙ සහ ධම්මිකගේ සොඳුරු කැදැල්ලට තවත් සතුටින් කාලය ගත කරන්න අපේ හදපිරි සුභාසිංශනය ගෙන එමු.

Leave a Comment