Lifestyle

ඇමරිකන් බෝනික්කෙක් බැඳපු අපේ සෙල්වගේ සුරංගනාවියන්ගේ රහස

සුරංගනා ලෝකෙන් ආපු පුංචි පැටව් පස් දෙනෙක් එක්ක ලස්සනම ලස්සන ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ අම්මා කෙනෙකුයි ලංකාවෙ තාත්තා කෙනෙකු යි එකතුවෙලා තමයි මේ ලස්සන පවුල හැඩ කරන්නේ. සමාජ මාධ්‍යවල වගේම ටීවි චැනල් වල පවා මේ පවුල ගැන කතා කරනවා. මේ වන විට සමාජ මාධ්‍ය වල බොහෝ දෙනෙක් කතා බහ කරන මාතෘකාවක් තමයි ඇමරිකාවේ කැලිෆෝනියාවේ වෙසෙන මේ සෙල්ව පවුල කියන්නේ. සමාජ මාධ්‍යවල පළවන ඡායාරූප නිසාවෙන්ම ගොඩක් දෙනා පෙලඹුණා මේ කවුද කියන දේ හොයා බලන්නට. සුරූපී කාන්තාවකගෙන් යුත් දරු පවුලක් නිසා හැමෝගෙම අවධානය යොමු වුණා මේ පවුල ගැන. ඉතින් දැනටමත් ගොඩක් දෙනෙක් ඔවුන් ගැන දන්නවා. මෙහි විශේෂත්වය වන්නේ මෙහි බිරිඳ විදෙස් රටක වන අතර සැමියා අපේ රටේ වන බව. ඉතින් මේ සෙල්වා පවුලේ අම්මා ඇමරිකාවේ කැලිෆෝනියාවේ කාන්තාවක් වෙන අතර තාත්තා ලංකාවේ කෙනෙක්. ඒ වගේම මේ පවුලට එකතු වෙලා තියෙනවා ආදරණීය පුංචි පැංචෝ පස්දෙනෙක්.

ඔවුන් සමඟින් ආදරණීය පවුල් ජීවිතයක් ගත කරන මෙම අම්මයි තාත්තයි සහ මෙම පවුල ගැන දැනගන්න ගොඩක් අය ආසාවෙන් ඉන්නේ. ඉතින් මේ අපූරු පවුලට පසුගිය දවසක අලුතෙන්ම චූටි දුවකුත් එකතු වුණා. ඉතින් මෙම පවුලේ කොඳුනාරටිය එහෙමත් නැතිනම් සෙල්වා පවුලේ පියා තමයි ජෙට් නිරන්ජන් සෙල්වරත්නම් කියන්නේ. මෙම පවුලේ සුරූපි අම්මා තමයි අරියානා. ජෙට් ලංකාව අතහැරලා කැලිෆෝනියාවට යන්න තීරණය කරනවා. ඉතින් ටික කාලයක් හිටපු ජෙට් ඔහුගේම ව්‍යාපාරයක් ආරම්භ කරනවා. ඒ රූපලාවන්‍ය අලෙවි ආයතනයක්.

ඉතින් ඔය ව්‍යාපාරය කරගෙන ඉන්න අතරතුරේ තමයි ජෙට් ට ඔහුගේ පෙම්වතිය අරියානා මුණ ගැහෙන්නේ. පසුව ටික කාලයකින් ජෙට් අරියානා සමගින් විවාහ වෙලා ජෙට්ගේ මෙම රූපලාවන්‍ය අලෙවි ව්‍යාපාරය වැඩි දියුණු කරගන්නවා. මෙතනින් පටන් ගත් මොවුන්ගේ ආදරකතාව දැන් වසර දහයකටත් වඩා ගෙවිල තියෙනවා. අද මේ දෙදෙනා ලස්සන කැදැල්ලක ආදරණීය දෙමාපියන් දෙදෙනෙක්. ඉතින් ඔවුන්ගේ ව්‍යාපාරයේ ව්‍යාපාර නාමය වුණේ
‘crisan hair and skin care the selva family’
ලෙස ඔවුන් එය නම් කරලා තිබුනා. ඔවුන්ගේ මෙම ව්‍යාපාරයේ අලෙවි ප්‍රවර්ධක විදිහට කටයුතු කරන්නේ ජෙට්ගේ බිරිද වන කැලිෆෝනියාවේ අරියානා. ඉතින් ජෙටිගේ දරුවෝ වගේම අරියානාත් ගොඩක් සුන්දර රු සපුවකින් හෙබි කාන්තාවක්. ඉතින් ඔවුන් රූපලාවන්‍ය ආයතනයක් කරන නිසාවෙන් ඔවුන්ගේ සුන්දර බව රැක ගන්නට බොහෝ කටයුතු කෙරෙන බවනම් කියන්න පුලුවන්. ඒ වගේම සෙල්වරත්නම් නිෂ්පාදනය කරන මේ රූපලාවන්‍ය ද්‍රව්‍ය පාවිච්චි කරල තමයි මේ තරම් මේ පවුලේ සියලු දෙනාගේ සුන්දරත්වය රැකිල තියෙන්නෙ.

ජෙට් ගේ සහ අරියානා ගේ වැඩිමහල් දියණිය තමයි සාරා කියන්නේ. ඇයට දැනට වයස අවුරුදු නවයක් වෙනවා. දෙවැනි දුව ඉන්ඩිරානිට ට වයස අවුරුදු හයයි. තුන්වෙනියා තමයි පුතා රිග්ඩන්. දැන් වයස අවුරුදු හතරක් පමණ වෙනවා. කෙලෙස්ටී කියලා කියන්නේ ඔවුන්ගේ පුංචි දියණිය වයස අවුරුදු දෙකක් වනවා. ඒ සමගම මේ වන විට ඔවුන්ගේ පවුලට අලුතින් සාමාජිකයෙකු ත් එකතු වෙනවා. නැවතත් දියණියක් තමයි ඔවුන්ට ලැබිලා තියෙන්නේ. ඉතින් ඇගේ ඡායාරූපයත් සමාජ මාධ්‍ය ජාලාවල පසුගිය දිනවල යොදා තිබුණා. විශේෂත්වය වන්නේ ඔවුන්ගේ වැඩිමහල් දියණියන් තිදෙනාගේ ම උපන්දින නොවැම්බර් මාසයේ තමයි යෙදිලා තිබෙන්නේ. ඉතින් ඒ නිසා එයාල තුන් දෙනාගේම උපන්දින එකටම සමරලා තිබුණ බව තමයි සදහන් වෙන්නේ. ඒ ගැන ජෙට් සඳහන් කළේ මෙහෙමයි.

“අද ක්ලෙස්ටිට අවුරුදු දෙකක් සම්පූර්ණ වෙනවා. නොවැම්බර් මාසයෙ උපන් දිනය පටන් ගත්තේ ඉන්දිරාගෙන්. ඒ ඇය හය වෙනි උපන් දිනය නොවැම්බර් 16 වෙනි දාට සමරමින්. ඊළඟට සාරාගේ උපන්දිනය. ඇයගේ නව වෙනි උපන් දිනය නොවැම්බර් 17 සැමරුවා. ඒ වගේම අද ගොඩක් සුවිශේෂී දවසක්. ඒ තමයි අදට වසර දෙකකට කලින් ඉඳන් අපි ක්ලෙස්ටා එක්ක හරි අපූරු කාලයක් ගෙව්වේ. ඔබ සියලු දෙනාටම දෙවි පිහිටයි.”

ඉතින් ඔහු අපූරු සුන්දර බිරිඳ සහ දරුවන් සමඟ ගෙවන ජීවිතය හරිම සුන්දරයි. ඒත් එක්කම ජෙට්ගේ ව්‍යාපාරත් දිනෙන් දින දියුණු වන බවයි පවසන්නේ. ලංකාවේ කෙනෙකුට වුවත් online මාර්ගයෙන් නිෂ්පාදන මිල දී ගන්නට පුළුවන් කියන කාරණාවක් බොහෝවිට සඳහන් වෙනවා.ඒ සමගම ඔහු youtube චැනල් එකක් පවත්වාගෙන යනවා. ඉතින් එයින් ඔවුන්ගේ පවුලේ බොහෝ විස්තර වගේම නිෂ්පාදන කටයුතු පිළිබඳවත් ගොඩක් අයට දැනුවත් වෙන්න පුළුවන්.

ඒ කෙසේ වෙතත් ඔවුන්ගේ පුංචි පැටව් ඔක්කොටම අනාගතයට සුබ ප්‍රාර්ථනා එක් කරන ගමන්ම පසුගිය මාසයේ උපන් දිනය සැමරූ චූටි දුවලා ඔක්කොටම සුබ උපන්දිනයක් වේවා කියලත් හදවතින් ම සුබ ප්‍රාර්ථනා එක් කරනවා.

Leave a Comment