Lifestyle

මාව දාලා ගිය පෙම්වතිය මම ජනප්‍රිය වෙද්දි කතා කළා – ‌සතීශාන් රත්නායක

ලෝකයේ ජනප්‍රියම ගීත 5 ඇතුලට ඇතුළත් වූ එවගේම ලංකාවේ ජනප්‍රියම ගීතය ලෙසත් නම් කෙරුණු මැණිකේ මගේ හිතේ ගීතය අද වන විට ලොකු කුඩා කොයි කවුරුත් දන්නා ගීතයකි. යූටියුබ් නාලිකා නැරඹුම් වාර මිලියන ගණන් පසු කරද්දී ලංකාව පමණක් නොව මුළු ලෝකයම අල්ලා ගැනීමට මෙම ගීතය සමත් වුණා.

මෙම ගීතය තුළින් මුළු ලෝකයක් රටක් දැන ගත්තේ යොහානි ද සිල්වා වූ නමුත් මෙහි මුල් අයිතිකරු ලෙස සතිශාන් රත්නායක පිළිබඳ ව මිනිසුන් කතා වෙන්නේ හරි අඩුවෙනි. ඔහුගේ ඇති අවංක කම නිසා ඔහු රචනා කළ ගීතය යොහානි ට ලබා දෙන්නේ කිසිදු ලෝබකමක් නැතිවයි.

ඉතින් අපි අද කතා කරමු මැනිකේ මගේ හිතේ ගීතයේ මුල් අයිතිකරු සතිශාන් රත්නායක පිළිබඳ ව. වයස අවුරුදු දාසයේ දී සංගීතයට ප්‍රවිෂ්ට වන සති ශාන් මුල් කාලයේ කීබෝඩ් වාදනය කළා. ආර්ථික අපහසුතා තිබුණ නිසා ගීතයක් කරන්න නො හැකි වුණු සතිශාන්ගේ එකම බලාපොරොත්තුව වූයේ කීයක් හරි හොයා ගෙන ගීතයක් කරන්න.

ඔහුගේ පියා ගීත ගායනා කරන එක නවත්තලා කුමන හෝ රැකියාවක් කරන්නට මොහුට පැවසුවත් ඔහුගේ මව තම පුතු ගීත ගායනා කිරීම දකිනු කැමති නිසා තාත්තාට හොරෙන් මුදල් පවා ලබා දුන්නා.
මෙලෙස ආර්ථික අපහසුතා බොහොමයක් තිබූ සතිශාන් කෑගල්ලෙන් කොළඹට එන්නේ කුමන හෝ රැකියාවක් කර මුදල් හොයා ගැනීමටයි. අතේ සතයක් නැතුව කොළඹට ආ මොහු ටයිම් කීපර් කෙනෙක් විදිහට වැඩ කළා ඉන්පසු ලොකු ආයතනයක හොඳ විදහේ රැකියාවක් කළා. ඉන් පසු තමයි විදුලිබල මණ්ඩලයේ රැකියාවට යොමු වෙන්නේ.

තමන්ගේ ම ගීතයක් කරන්න පිස්සුවෙන් වගේ හිටපු සතීශාන් රැකියාවෙන් ලද මුදල් සින්දු කරන්න වියදම් කළා. මුල් කාලයේ ආර්ථික අපහසුතා තිබුණු මොහුගේ ආදරය පවා අහිමි වුණා. ඔහුගේ පළමු පෙම්වතිය මොහුගේ ගීත ඇසීමට දැඩි විරුද්ධත්වයක් පල කළ අතර ඔහුගේ ගීත ඇසීමට එක හෙළා විරුද්ධ වූවා. ඔහු පවසන අන්දමට එම පෙම්වතිය ඔහුත් සමග දිගටම සිටියා නම් අපිට අද සතීශාන් වැනි ගායකයෙක් නොසිටින්න තිබුණා.


දැඩි ආර්ථික අපහසුතා මැද මැණිකේ මගේ හිතේ ගීතය රචනා කරන්නේ බැංකු ලෝන් එකක් ගහලයි. එහෙම දුෂ්කරව රචනා කල මේ ගීතය පිස්සුවෙන් වගේ හැමතැනම අහනවා දකින්නටයි ඔහුට ඕනෑ කර තිබුණේ. ඉතින් එය සියයට සියයක් ම අද වෙන විට සාර්ථක වෙලා තියෙනවා.
මැණිකේ මගේ හිතේ ගීතය යොහානිට දෙන්නේ මේ ගීතය කරපු චමත්. ඔහු තමයි මේකේ කවර් එකක් කරමු කියලා යොහානිට දෙන්නේ. ඉතින් එහෙම කරපු යොහානි අද මුලු ලෝකයම හොල්ලලා. ඒ වගේම සතීශාන්ටත් ප්‍රතිචාර ඉහලයි. විදෙස් රටවලින් ද ප්‍රසංග වලට ආරාධනා ලැබෙනවා. යොහානි ගැන කිසිම ඉරිසියාවක් නැති මේ අවංක සතිශාන් මේ දවස් වල අලුත් ගීතයක් කළා.

විදුලි බල මණ්ඩලයේ රැකියාවේ නිරත වන අතරතුර දී සතීශාන් එම ගීතයත් ඉක්මනට ම එළි දක්වන්නට බලාපොරොත්තු වෙනවා. ඔහු පෙම්වතියක් බලාපොරොත්තු වන්නේ ජනප්‍රියත්වයට හා සල්ලි වලට ආදරේ කරන කෙනෙක් නොවන අතර සතිශාන් කියන නම දන් නැති කෙනෙක්ටයි.

ලෝකයක් හොල්ලන්න සමත් වුණු මැණිකේ මගේ හිතේ ගීතය වැනි ගීත දහස් ගණනක් රචනා කරන්නට සහ ඔහුගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථකව කරගන්නට හැකි වෙන්න අපි සියලු දෙනාගේ ම ආශීර්වාදය එක් කරමු.

Leave a Comment