Lifestyle

මමයි දිනක්ෂියි උමාලි එක්ක මේ ළගදි ගිහින් කතා කලා එයාලගේ අත්තම්මගේ වියෝවත් එක්ක, අපි අතර දැන් ප්‍රශ්නයක් නෑ – සාරංග දිසාසේකර

නිවේදකයෙක්, රංගන ශිල්පියෙක් විදියට අපි අතරට එන ඔහු කඩවසම් නලුවා සාරංග දිසාසේකරයි. හිරු නාලිකාවේ විකාශය වන ගායන රියැලිටි තරගාවලියක් වන ‘හිරු ස්ටාර්’ නිවේදනය කරන සාරංග දක්ෂ නිවේදකයෙක් වනවා. ඉතින් ටෙලිනාට්‍යයේ ගණනාවකටම සිය රංගන දායකත්වය ලබා දුන් සාරංග සිනමා නිර්මාණ තුලින්ද අපිට දැක බලා ගන්න පුලුවන්.

ඉතින් හැම අතින්ම දස්කම් දක්වන සාරංගගේ රංගන ජීවිතය ඒ විදියට දකිද්දී පෞද්ගලික ජීවිතයේ ඔහු දැන් තාත්ත කෙනෙක්. ඉතින් ප්‍රියසාද් පවුලේ ලොකු දුව දිනක්ෂි සමගින් විවාහ වෙලා ඉන්න සාරංග ඔහුගේ පළමු විවාහයෙන් වෙන්වෙලා ඉන්නේ. ඉතින් දිනක්ෂි කියන්නෙත් කලා ක්ශේෂ්ත්‍රයේ ඉන්න ජනප්‍රිය සහ කැපී පෙනෙන චරිතයක්. ඉතින් මේ ජනප්‍රිය යුවළ සාරංග සහ දිනක්ෂිගේ දියණිය තමයි සාරන්‍යා. මේ වනවිට සතුටින් කල් ගෙවන සාරංගට ගොඩක් ප්‍රෙක්ෂකයන් විවිධ චෝදනා එල්ල කරනවා. ඒ ඔහු උමාලිගෙන් වෙන් වුනු නිසාවෙන්. මේ ගැන ජනප්‍රිය රංගන ශිල්පී සාරංග දිසාසේකර යූ ටියුබ් මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.

” අපි දැන් අලුත් ජීවිතයක් පටන් අරන් තිබුණත් මිනිස්සු තවම අපේ ඉස්සර ජීවිතේ එල්ලිලා ඉන්නවා. ඉතින් ඒකට මිනිස්සුන්ට මොකුත් කියන්නත් බෑ. මොකද ඉස්සර මටයි උමාලිටයි ආදරය කරපු ලොකු රසික පිරිසක් හිටියා. අපි අතර දැන් මොකුත් ප්‍රශ්නයක් නෑ. මේ ළගදි උමාලිගේ අත්තම්මා නැති වෙලා මමයි දිනක්ෂියි ගිහින් එයාලගේ පවුලේ අයටයි උමාලිටයි කතා කලා. එහෙම කිසිම ප්‍රශනයක් දැන් නෑ.”

ඉතින් මේ විදියට තමයි සාරංග දිසාසේකා දක්ෂ රංගන ශිල්පියා අදහස් දක්වලා තිබුණේ. ඉතින් ඔහු සහ දිනක්ෂි සමාජ මාධ්‍ය තුළ ඉහළ ජනප්‍රියත්වයක් ලබා ගෙන තිබෙනවා. ඒ වගේම සාරංග ඔහුට ලැබෙන ඕනෑම චරිතයකට සාර්ථකව තම රංගන දායකත්වය ලබා දෙන කෙනෙක්. ජනප්‍රියත්වය එදා සිට අද දක්වාම අඩු නොවී දිගටම පවත්වාගන්නට හැකි කෙනෙක් විදියට සාරංගව හදුන්වා දෙන්න පුලුවන්. ඉතින් සාරංගගේත් දිනක්ෂිගේත් ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියා අපිත් හදවතින්ම සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

Leave a Comment