Lifestyle

‘තමන්ගෙ රෙදි ගැලවෙද්දිත් හෙලුව අතින් වහගෙන හරි අනුන්ගෙ රෙද්දෙ ඇද කුද හොයන මිනිස්සු’ සාරංග දිසාසේකර

සාරංග දිසාසේකර කිව්වහම අපේ රටේ නොදන්න කෙනෙක් නැති තරම්. කවුරුත් ආදරේ කරන සාරංග දිසාසේකර කියන්නේ ප්‍රවීණ ගායක නාරද දිසාසේකරයන් ගේ ආදරණීය පුතණුවන්. පුංචි තිරයේ වගේම සිනමාවේ දකින්නට ලැබෙන දක්ෂ රංගන ශිල්පියෙක් වගේම දක්ෂ ගායන ශිල්පියෙක්ද වෙනවා. ඒ විතරක් නෙමෙයි ඔහු දක්ෂ නිවේදකයෙකු වෙනව. රිදී තිරය ආක්‍රමණය කරගත් ඔහු දක්ෂයෙක් කිවුවොත් හරියටම හරි.

ඔහුගේ කාලය පුරාවටම ඔහු ගැන නිරන්තරයෙන් කතා බහට ලක්වෙන චරිතයක්. හිතුවක්කාරී, අහංකාර නගරේ, වෙස්, ලංසුපතිනියෝ, හුස්ම වැටෙන මල්, සඳවත සේයා, රෑනගල වලව්ව, බොඳ මීදුම්, අග්නි පියාපත්, අළු බඳුන වැනි පුංචි තිරයෙන් ගැණිය නොහැකි තරමේ ටෙලිනාට්‍ය ගොඩක රංගනයෙන් දායක වෙලා තියෙනවා.

ඒ වගේම වේදිකා නාට්‍ය ලෙස පිරිමියෙක්ගෙන් පැමිණිල්ලක්, ආශාවේ වීදිය, සිහින වලට පාට දෙන්න, සිල්ගත් කොක්කු, ආදරණීය සංවාදයක්, මී හරකා, මාර හොරු වැනි වේදිකා නාට්‍ය රාශියක මොහු රංගනයෙන් දායක වෙනවා. තව රෂ් සිනමා නිර්මාණය ඇතුලු නිර්මාණ කිහිපයකත් මොහු රංගනය කරනවා.

ඔහු දක්ෂ රංගන ශිල්පිනියක් වන උමාලි තිලකරත්න සමගින් විවාහ වෙලා පසුව ඇයගෙන් වෙන් වෙනවා. උමාලි තිලකරත්න කියන්නේ සංවේදී හදවතක් ඇති අයෙක්. ඇය සාරංග සමගින් විවාහ වෙලා සිට ඉන් අනතුරුව ඔවුන්ගේ වෙන් වීමත් සමගම සමාජ මාධ්‍ය තුල එය බෙහෙබින් කතා කරන්නට වුණා. ඉන් අනතුරුව උමාලිගෙන් වෙන් වුණු මොහු ප්‍රියසාද් පවුලේ ලොකු දුව වන දිනක්ෂි ප්‍රියසාද් සමගින් විවාහ වෙලා සතුටින් කාලය ගත කරනවා. දිනක්ෂි ප්‍රියසාද් කියන්නෙත් ඉතාමත් දක්ෂ රංගන ශිල්පිනියක්. ඒ වගේම ඇය හැඩකාර දගකාර කාගේත් සිත් දිනාගත් චරිතයක් වෙනවා. සාරංග හා දිනක්ෂි ගැන නොදන්නා රසිකයෙක් නොමැති තරම්. මෑතක දී සාරංග දිසාසේකර සහ දිනක්ෂි ප්‍රියසාද් මව් පදවිය ලබන්නේ සිගිති දියණියකගේ පැමිණීමත් සමගම. ඉතින් මොවුන් මුහුණු පොත තුළ ඒ ඡායාරූප ද එක් කලා.

සමාජ මාධ්‍ය තුල ක්‍රියාකාරී සාමාජිකයෙක් වන මොහු නිතර නිතර විවිධ ඡායාරූප එක් කරනවා. ඒ වගේම ඒවාට කැප්ෂන් යොදනවා. ඉතින් පසුගිය දිනෙක ඔහු මුහුණු පොතේ අමුතු ආකාරයේ සටහනක් යොදා තිබුණා.

මුතු ඇටයක ඉපදීලා සාගරයෙන් වටවීලා ඒරොප්පෙන් සැමන් ගේන පුදුම මිනිස්සු පුදුමයි වාගේ පෙනුනට , අමුතු මිනිස්සු ඔසරිය මැද පෙනෙන බඩම ඩෙනිම මැදින් පෙන්නනකොට සදාචාරෙ ඔලුවට ගෙන බනින මිනිස්සු
වෙලාවකට පුදුමයි අපි අමුතු මිනිස්සු තමන්ගේ රෙදි ගැලවෙද්දිත් හෙලුව අතින් වහගෙන හරි අනුන්ගේ රෙද්දෙ ඇද කුද හොයන මිනිස්සු වෙලාවකට හිනා යනවා, මෙහෙම මිනිස්සු ටයි පොල්ලෙන් බෙන්ස් එකෙන්, ටැටු එකෙන් කලර් එකෙන් මිනිස්සුන්ට සහතික දෙන අමුතු මිනිස්සු
නිධානයක නිදන් ඉන්න, අරුම මිනිස්සු රයිස් කොත්තු උඩ නැගගෙන බෝතලෙන් සැනහෙන බෙහෙත් පෙත්තේ සයිඩ් ඉෆෙක්ට් හොයන මිනිස්සු දුකත් හිතෙනවා අපි ගැන මෙහෙම මිනිස්සු හොඳම කඩෙන් රෙදි ඇඳගෙන හොඳම කොලිටි බඩු අරගෙන හොඳම හොරුන් දියවන්නා යවපු මිනිස්සු ඊට පස්සේ රට ඉවරයි කියන මිනිස්සු අනේ මන්දා අපි නම් මහ පුදුම මිනිස්සු මුතු ඇටයේ ඉපදුන අපි අමුතු මිනිස්සු

ඉතින් මේ දක්ෂ කඩවසම් සාරංග දිසාසේකර සහ දිනක්ෂි ප්‍රියසාද්ගේ ආදරණීය සිගිති දියණිය ඇතුලු කැදැල්ලේ සතුට තව තවත් පිරී ඉතිරෙන්නට සුබ පැතුම් හදවතින්ම අපි එක් කරන්නෙමු.

Leave a Comment