Lifestyle

මට මේ වෙනකොට ආදර සබදතා 3ක් තිබිලා තියෙනවා, හොයාගන්න ඕන සල්ලි තියෙන කෙනෙක්ව – පාරදිගේ මානවී

ස්වර්ණකුමරිය තරගයට සහභාගි වෙලා ජයග්‍රහණය කරගන්නට නොහැකි වුනත් ඒ හරහා කලාවට ප්‍රවිශ්ඨ වුණු කෙනෙක් තමයි සප්නා පාදුක්ක කියන්නේ. ඉතින් ඇය ස්වර්ණවාහිනී අවුරුදු කුමරිය තරගයේ අවසන් 15දෙනා අතර හිටියත් ඇයට කලා ක්ශේෂ්ත්‍රයේ රංගන ශිල්පිනියක් වෙන්න හැකියාව ලැබුණා. ජයප්‍රකාශ් ශිවගුරුනාදන් සහ චාමර සමරවික්‍රමගේ ජනප්‍රිය ටෙලිනාට්‍යක් වන ‘ පාර දිගේ’ ටෙලිනාට්‍යයේ මානවී විදියටයි ඇයව දැකගන්න ලැබෙන්නෙ.

ඉතින් අම්මත් තාත්තත් දෙන්නම හමුදාවේ නිසා කුඩා කාලයේ සප්නා සහ ඇගේ අයියා හැදී වැඩෙන්නේ ආච්චි අම්මා ලගයි. මාස ගණන් අම්මා තාත්තා නොදැක ඔවුන්ගේ ආදරය නොලැබෙන නිසාම සප්නා තවමත් බය ආච්චි අම්මාටයි. ඉතින් ආදරය සම්බන්ධයෙන් වැඩි හරියක්ම දුක හිතෙන ප්‍රතිචාර ලැබිලා තියෙන සප්නා ඇය ආදරය නිසා ලබා ගත්ත අමිහිරි අත්දැකීම් ගැන මේ විදියටයි මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.

” මට බොයිෆ්‍රෙන්ඩ්ස්ලා මේ වෙනකොට තුන්දෙනෙක් ඉදලා තියෙනවා. ගොඩක් වෙලාවට තේරුම් නොගැනීම තමයි ඒවා නැති වෙන්න මුල් වෙලා තියෙන්නේ. මම කලා ක්ශේෂ්ත්‍රයට ආපු නිසා එක ආදරයක් මට මග හැරුණා. රංගනය ගැන අවබෝධයක් නැති කෙනෙක් එක්ක ඉන්න අමාරුයි මේ ක්ශේෂ්ත්‍රයේ ඉන්නවනම්. ඉතින් හැම වෙලේම මාව සැක කරනවා. රංගනය හරි එයාව හරි තෝරගන්න කිව්වා.

මම සාමාන්‍යයෙන් බෝයි කෙනෙක් තෝරගන්නකොට එයාගෙ පෙනුම බලනවා. ඒ වගේම ගති ගුණත් හොදට තියෙන්න ඕන. එයාලගේ අම්මලාට වගේම අපේ අම්මලාටත් සලකන්න ඕන. මම සත්තුන්ට ආදරෙයි. ඒ නිසා ඒකට කැමති වෙන්නත් ඕන. සල්ලිත් සාමාන්‍ය විදියට හරි තියෙන්න ඕන. නැතුව මගේ සල්ලිම විතරක් වියදම් කරන්න බලාගෙන හිටියොත් බෑනේ. පෙනුමත් මගේ විදියට ගැලපෙන්න ඕන. එහෙම කියලා කඩවසම් බව ලොකුවට බලන්නෙ නෑ.”

ඉතින් මේ විදියටයි සප්නා ඇගේ අනාගත සහකරුවා තෝරාගැනීමේදී සලකා බලන කරුණු විදියට සදහන් කලේ. ඉතින් මේ වනවිට අම්මයි තාත්තයි එක්ක සතුටින් කල් ගෙවන සප්නගේ අතීතයේ දුක්බරම මතකය තමයි ඇගේ බාප්පගේ සමුගැනීම. ඒ කොහොම වුණත් සප්නගේ ඉදිරි වැඩ කටයුතු සියල්ල සාර්ථක වෙන්න කියලා අපි හදවතින්ම සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

Leave a Comment