Lifestyle

විහග සුපුරුදු පරිදි ඔස්ට්‍රේලියාවේ, මම සුපුරුදු පරිදි ලංකාවේ අපි විවාහ ගිවිස ගත්ත විතරයි – සුරුපි නිලි සංජානා ගමආරච්චි

මේ දවස්වල හිරු නාලිකාවේ විකාශය වන දිවිතුරා කියන්නේ ජනප්‍රිය ටෙලිනාට්‍යයක්. මෙහි හැම චරිතයකටම වගේ හැමෝගෙම ආකර්ෂණය ලැබෙනවා. ඒ අතරින් ටීනා කියන්නෙත් ඒ විදියට ප්‍රේක්ෂක ආදරය දිනා ගත් රංගන ශිල්පිනියක්. ඉතින් ටීනාට රංගනයෙන් දායක වෙන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනී සංජානා ගමගමආරච්චි.

ටීනා කියන්නේ දගකාර හුරතල් සහ කපටි චරිතයක්. ඉතින් ඇගේ ඇදුම් විලාසිතාවලට වගේම හැසිරීමටත් ගොඩක් දෙනෙක් කැමතියි. ඉතින් ඒ වගේම ‘ලංවී’ ටෙලිනාට්‍යයේත් ඇය දක්ෂ රංගනයක යෙදෙනවා අපිට පුංචි තිරය ඔස්සේ දැකබලා ගන්න පුලුවන්.

ඉතින් සංජානා ගැන මෑතකදී ගොඩක් දෙනෙක් කතා බහ කරන්නට වුණා. ඒ ඇය විවාහ ගිවිස ගැනීමක් නිසා. ඉතින් ඇය විවාහ ගිවිස ගත්තේ ඇය කාලයක් හොදම යාලුවා විදියට ආශ්‍රය කල විහග නීලමුනි සමගින්. ඉතින් ඇයට විහගව මුණ ගැහෙන්නේ මීට වසරකට පෙර විහග ගායනා කල ගීතයක මියුසික් වීඩියෝ එකට සංජානා රංගනයෙන් දායක වීමත් එක්කයි. ඉතින් ඔවුන් එදා නොසිතන්නට ඇති මියුසික් වීඩියෝ එකේ මෙහෙම රංගනය කරපු මේ දෙන්නා සැබෑ ජිවිතේදී සහකරුවන් වෙයි කියලා.

ඉතින් සංජානාට විවාහයට විහග ආරාධනා කලේ ඔස්ට්‍රේලියාවේදි ඇය පුදුමකරවමින්. නමුත් කැමැත්ත ලංකාවෙදි තමයි ප්‍රකාශ කරලා තියෙන්නේ. ඉතින් සංජානා ඇගේ විවාහ ගිවිස ගැනීම පෝර්ට් සිටි එකේ යාත්‍රාවක තමයි සිදු කරලා තියෙන්නේ. ඔවුන් දෙදෙනාට අවශ්‍ය වෙලා තිබුණේ වෙනස්ම දෙයක් කරන්නයි ඉතින් සුරූපි සංජානගේ සහකරුවා ගැන ඇය පුවත්පතකට අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.

” විහග වැඩිදුර අධ්‍යාපනය ලබන්නේ ඔස්ට්‍රේලියාවේ. ඒ වගේම ව්‍යාපාර කටයුතුත් කරනවා. එයා සුපුරුදු පරිදි ඔස්ට්‍රේලියාවේ ඉන්නේ එයාගෙ වැඩ වලට. මම ලංකාවේ ඉන්නේ මගේ රංගන වැඩවලට. අපේ මංගල උත්සවය වෙනස්ම විදියකට කරන්න තමයි අපි ප්ලෑන් කරන්නේ. හැබැයි දැනම් නෙමෙයි. ලබන අවුරුද්දේ.

විහග මගේ වැඩ වලට පුදුම සහයෝගයක් දෙන්නේ. ඉතින් එයාව බලන්න මම එහේ යනවා. මාව බලන්න එයා මෙහේ එනවා. හැබැයි ලංකාව දාලනම් යන්නෙ නෑ. විහග කැමතිවෙලා තියෙන්නෙ මගේ අවංක කමට. අනුන්ට ඕන දේ නැතුව මට ඕන දේ හිතලා ජීවත් වීම තමයි මගේ සැලසුම”

ඉතින් මේ විදියටයි සුරූපි සංජානා අදහස් දක්වලා තිබුණේ. ඉතින් ඇය පටන්ගත් අලුත් දිවියට අපිත් හදවතින්ම සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

Leave a Comment